සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 7 September 2012

Microsoft Security Essentials

Copy Protected by Copyscape Plagiarism Checker!

වයිරස් ගැන ඔයාලා හැමදෙනාම දන්නවා වගේම හැමෝටම ඒ ගැන අත්දැකීමුත් තියනවා. ඉතින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියත් එක්ක ඉදිරිපත් උන  Microsoft Security Essentials කියන්නේ වයිරස් වලින් පරිගනක ආරක්ශා කිරීමේ මෘදුකාංගයක්. අපි බලමු මේ මෘදුකාංගය නිවැරදිව ස්තාපිත කරගන්නේ කොහොමද කියලා. 


මුලින්ම පහල ලින්කුවෙන් මේ මෘදුකාංගය බාගන්න. 

http://windows.microsoft.com/en-US/windows/products/security-essentials

පහල රූපයෙ මෙන් නිවැරදි එක තෝරගෙන බාගන්න අමතක කරන්න එපා. 

අපිට ලැබෙන්නේ mseinstall.exe කියන ගොනුව. ඒක සෙටප් කරන්න පටන් ගමු. 

 මයික්‍රොසොෆ්ට් සමාගමේ ලයිසන් එකට එකග වෙන්න වෙනවා අපිට. 

 ඉතින් මේක නවතම මෘදුකාංගයක් නිසා මේකෙ අඩුපාඩු තියෙන්නෙ පුලුවන්. අලුතින් එකතු කිරීම් කරන්න තියෙන්නෙ පුලුවන්. ඉතින් මයික්‍රොසොෆ්ට් සමගම අපිට අවස්තාවක් දෙනවා මේ වැඩසටහන සමග සම්බන්ද වෙන්න. ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුලුවන්. නැත්නම් සම්බන්ද නොවී ඉන්නත් පුලුවන් 

 වින්ඩෝස් වලට අදාල ෆයර්වෝලය ඔන් තත්වයේ තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වෙනස්කමට ඉඩ දීලා Next කරන්න 

 ස්තාපිත කිරීම සූදානම් බව දක්වන පණිවිඩය එනවා. 

 Install ක්ලික් කලාම ස්තාපිත වීම ඇරබෙනවා. 

 Scan My Computer... කියන තෝරා ගැනීම වෙනස් නොකර  Next කරන්න 

 මෘදුකාංගය අදාල Updates තියනවා නම් ඒවා බාගත කරගෙනීමක් වෙනවා. ඉතින් මේ පහසුකම ලැබෙන්නේ ඔයාලගේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ජෙනුයින් නම් පමනයි. නැත්නම් මෙතනදී ජෙනුයින් නෑ කියලා අල්ලාගන්නවා. 

 අවසානයේ පරිගනකය Scan කිරීමක් සිදු කරනවා. 

ඉතින් සරලව මේ මෘදුකාංගය පරිගණකයට ස්තාපිත් කරගන්න පියවරයි මේ තියෙන්නේ. ඉතින් අනිකුත් ප්‍රතිවයිරස් මෘදුකාංග වලින් ලැබෙන ආරක්ශාව තරම් ආරක්ශාවක් මේ තුලිනුත් ලැබෙනවා වගේම මේක නොමිලේ ලැබෙන නිසා අයේ  ප්‍රතිවයිරස් මෘදුකාංග  වලට වියදන් කරන්න ඕනේත් නෑ. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive