සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 September 2012

Backup your Facebook Account

Copyrights Received…!

පේස්බුක් ගිණුමක් තියන හැම දෙනාටම වැදගත් වෙන දෙයක් කියන්නයි යන්නේ. මං මේ ලගදි දැක්කා තමන්ගේ පේස්බුක් ගිණුමේ තියන පොටෝස් ඔක්කොම පරිගනකයට බාගන්න විදිය පෝස්ට් එකක් ලියලා තියනවා. ඉතින් මං කියන්න යන්නෙ ඔයාලගේ මුලු පේස්බුක් ගිණුමම පරිගණකයට බාගන්න හැටි. එහෙම නැත්නම් පේස්බුක් බැකප් එකක් තියගන්න හැටි. පේස්බුක් බැකප් එකක් තියගන්න ඕනේ වෙන්නෙ ඇයි? ඔයාලගේ පේස්බුක් ගිණුම හැක් උනොත් අයේ හදාගන්න අපිට බැකප් එක බාවිතා කරන්න පුලුවන්. 


ඉතින් මේ බැකප් කිරීමෙන් පිංතූර විතරක් නෙමෙයි පහල තියන සියලුම දේ බැකප් එකක් විදියට ලබාගන්න පුලුවන් 

  • ඔයාගේ ගිනුමේ සම්පූර්ණ තොරතුරු (contact information, interests, groups වල නම් ලින්කුත් එක්ක)
  • ඔයාලගේ වෝල් එකේ දාලා තියන සියලුම posts
  • සියලුම් Photos සහ videos
  • ඔයාලගෙ friend list එක
  • ඔයාල හදපු සියලුම් Notes
  • ඔයාලාට ලැබුන හා ඔයාල යවපු සියලුම messages
  • යහලුවන් ඔයාගේ Photos සහ videos වලට කරපු ඔක්කොම comments

ඉතින් අපි කරලම බලමු . මුලින්ම පහල වෙබ් අඩවියට යන්න.

පහල රූපයේ ආකාරයට ඕපන් වෙයි. පහල තියන Download a copy කියන ලින්කුවට යන්න. 

එතනදී අපිට පහල රූපයේ මෙන් බැකප් කිරීම ආරම්භ කිරීමේ කොටසට එනවා. පහලින් දක්වලා තියනවා මොනවද බැකප් වෙන්නේ කියන එක විස්තර ඇතිව. 

Start My Archive කියන කොටසට යන්න. එතකොට පහල රූපයේ මෙන් Request My Download කියන කොටසට යනවා. 

Start My Archive කියන එකට යන්න. 

එවිට අපිට පණිවිඩයක් දෙනවා අපේ ඊමේල් ගිණුමට බාගතකිරීමේ ලින්කුව යැවුවා කියලා. ඉතින් ඔයාලගේ ඊමේල ගිණුම පරීක්ශා කරලා බාගතකිරීමේ ලින්කුවට යන්න. ඉතින් මේ ඊමේල් එක ලැබෙන්න නම් ටිකක් වෙලා යනවා. ඒ වෙනකොට අපි ලොග් වෙල උන්න වෙබ් අඩවියේ පහල රූපයේ ආකාරයෙන් තාමත් අපේ Archive එක නිර්මාණය කරමින් පවතිනවා කියන පණිවිඩය දක්වයි. 

ඉතින් අවසානයේ අපිට ඊමේල් එක් ලැබුනාම පුලුවන් සාමන්‍යය ගොනුවක් බාගත කරන ආකාරයට මේ පේස්බුක් බැකප් එක බාගත කරගන්න 

ඉතින් ඒකට ගතවෙන කාලය ඔයාගේ පේස්බුක් ගිණුමේ ප්‍රමාණය හැටියට වෙනස් වෙනවා. උත්සාහා කරලා බලන්න. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive