සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 9 September 2012

Make A Wifi Hotspot

Copy Protected by Copyscape Plagiarism Checker!

Wifi Hotspot කියන්නේ පරිගණක ජාලයක රැහැන් රහිතව ජාල පහසුකම් සලසා ගන්නා පරිගණක වලට ජාල සම්බන්දතා ලබාදෙන ක්‍රමවේදයක්. එතනදී අපිට Wifi රවුටරයක් දෘඩාංග විදියට බාවිත කරන්න වෙනවා. ඉතින් අපිට Wifi රවුටරයක්  බාවිතා නොකර අපේ ලැප් එකේ Wifi සම්බන්දතාවය බාවිතා කරලා Wifi Hotspot  එකක් හදාගන්න විදිය බලමු. මෙතනදී මං බාවිත කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සහිත පරිගනකයක්. ඉතින් මේ දේ ලිනක්ස් වගේම යුනික්ස් පාදක මෙහෙයුම් පද්දති වලත් කරගන්න පුලුවන්. 


අපි මෙතනදි ප්‍රදාන වශයෙන් බාවිතා කරන්නේ internet connection sharing (ICS) කියන පහසුකම. මොකද්ද මේ internet connection sharing කියන්නේ? අපිට මේ පහසුකම බාවිත කරලා එක පරිගණකයකට ලබා ගන්නා අන්තර්ජාල පහසුකම හෝ වෙනත් ජාලගත පහසුකමක් වෙනත් පරිගණකයකට ලබාදෙන්න පුලුවන්. උදාහරණයක් විදියට එක ඩොන්ගලයක් බාවිතා කරන කෙනෙක්ට පරිගණක දෙකක් තියනවා නම් මේ පහසුකම හරහා අර එක ඩොන්ගලයෙන් පරිගණක දෙකටම ජාල පහසුකම් දෙන්න පුලුවන්. 

හරි, අපි පටන්ගමු

මුලින්ම අපිට මේ වැඩේ කරන්න ඕනේ වෙනවා මෘදුකාංගයක්. එක් එක් ආකාරයේ Wifi මෘදුකාංගයන් ඕනේ තරම් හොයාගන්න පුලුවන්. මං මෙතනදි බාවිත කරන්නේ MHotSpot කියන මෘදුකාංගය.මේක පහල ලින්කු වලින් එකකින් බාගන්න පුලුවන්. 

මේ මෘදුකාංගයේ තියන හොදම් පහසුකම තමයි මේක පරිගණකයට ස්තාපිත් කරන්න ඕනේ නෑ. එහෙම නැත්නම් portable ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත් සරල මුහුණතක් එක්ක එන මේ මෘදුකාංගය බාවිතය නම් ඉතාමත් පහසුයි. හැබැයි අපිට කරගන්න පුලුවන් වැඩ ප්‍රමාණය නම් අති විශාලයි. පහල රූපයෙ මෙන් මේ මෘදුකාංගය විවෘත වෙයි

how to make a wifi hotspot

මුලින්ම් අපි අපේ පරිගණකයේ ICS පහසුකම සක්‍රීය කරමු. ඒ සදහා පහල පියවර වලට යන්න. 

  1. Windows task bar එක තුල ඇති Connection අයිකනය උඩ right-click කරන්න.
  2. ඊලගට ICS පහසුකම සක්‍රීය කිරීමට ඕනේ කරන Connection එක තෝරා
    Properties තෝරන්න.

how to make a wifi hotspot

මෙතනදී අපිට පහල රූපයේ මෙන් Sharing ටැබ් එකට යන්න පුලුවන්.

how to make a wifi hotspot

එතනදී “Allow other network users to connect through this computer’s internet connection” කියන් එක් තේරීමෙන් අපිට  internet connection sharing (ICS) කියන පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්. ඒ වගේම අපේ wireless internet connection එකත් drop-down ලිස්ට් එකෙන් තෝරන්න.

wireless wifi hotspot

ඊලගට OK කරන්න. ඔන්න එක පියවරක් ඉවරයි. 

ඊලගට අපි කලින් බාවිත කල් මෘදුකාංගය වෙත යමු. එතනදී අපි බාගත් කරගත් MHotSpot වල් ඇති MHotSpot executable ගොනුව විවෘත කරගන්න. මුහුණතේ මූලික කොටස් 3 පෙනෙයි. 1.start the hotspot 2.stop it 3.set it up and visit the developers
එයින් Setup HotSpot කියන button එක තෝරන්න. පහල රූපයේ මෙන් command-line එකක් ඕපන් වෙයි.එතනදී අහනවා අපේ ජාලයේ network’s name එක හ password එක. ඒ කියන්නේ අපේ Wifi එකේ SSID එක සහ මුරපදය. ඒක නිවැරදිව ලබාදෙන්න.

ඉතින් මේ සැකසුම අවසන් වෙනවා කියන්නෙ අපේ පරිගණකය Wifi Hotspot එකක් බවට පත් වෙනව කියන එක. හරිම පහසුවෙන අපිට පුලුවන් මේ වැඩේ කරගන්න 

ඉතින් මේ පහසුකම නිසි ආකාරයෙන් වැඩ කරනවද බලන්න ඔයාලට පුලුවන් ඔයාලගේ ජංගම් දුරකතනය බාවිතා කරලා අපි හදාගත්ත Wifi Hotspot එකට ලොග් වෙන්න. පහල රූපයේ බලන්න. අපෙ පරිගණකයේ නමින් යුත් Wifi Hotspot එකක් ජංගම දුරකතනයෙන් බලගන්න පුලුවන්. 

wireless wifi hotspot

ඉතින් මේ පහසුකම අත් විදින්න ඔයාලටත් ඕනේ නම් සරලව මේ මෘදුකාංගය බාවිතයෙන් ඒ දේ කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක් ....! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

සේරමදේවල් said...

නියමයි සහෝ..
මට පොඩි දෙයක් කියනවද? wireless router එකකින් connect වෙන්න පුළුවන් pc ප්‍රමානයක් තියෙනවද? එහෙම වැඩි කරනවනම් access point එකක් දාගන්න හැටි ටිකක් විස්තර කරනවද?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive