සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 September 2012

Static Routing Commands

Copyrights Received…!

රවුටරයක් කියන්නෙ මොකද්ද කියලා ඔයාලා හැමෝම දන්නවනේ. රවුටරයකින් කරන්නේ දත්ත පැකට්ටුවකට යන්න ඕනේ නිවැරදි මාර්ගය කියලා දෙන එක. ඒ වගේම එක් එක් IP ලිපිනයන් අතර සම්බන්දතාවයන් ඇති කිරීමත් මේ මගින් සිදුකරනවා. ඉතින් රවුටරයක් තුල Routing Table එකක් පවතිනවා. ඒ තුල තමයි මේ සියලුම දත්තයන් අන්තර්ගත කරගෙන ඉන්නෙ. අපි මොනවා හෝ වෙනස්කමක් කරනව නම් ඒ කියන්නේ දත්ත ගමන් මාර්ගයක් වෙනස් කරනවා නම් හෝ අලුත් IP ලිපිනයක් ජාලයට එක කරනවා නම් හෝ Routing Table වෙනස් වෙනවා වගේම රවුටරය reboot කිරීමක් කරන්නත් වෙනවා. 


ඉතින් මේ ආකාරයෙන් යම් යම් වෙනස්කම් කිරීම සදහාම නිර්මානය කරපු route command බොහෝ ගනනක් පවතිනවා. ඒ එකින් එක බාවිතයෙන් අපිට රවුටරයේ Routing Table තුල යම් යම් වෙනස් කම් කරන්න පුලුවන්. 


ඕනේම රවුටරයක් තුල බාවිතා වෙන route command සදහා route syntax එකක් තියනවා. DOS මෙහෙයුම් පද්දතිය බාවිතා කරලා අපි බලමු මේ  route command වලින් මොනවද කරන්න පුලුවන් කියලා. 


 route syntax එක පහල දැක්වෙන ආකාරයෙන් දක්වන්න පුලුවන්.

route [-f] [-p] [Command [Destination] [mask Netmask] [Gateway] [metric Metric]] [if Interface]]

මෙහි බාවිතා වෙන කොටස් පිලිබද අපි දල අවබෝදයක් ගනිමු. 

-f : මෙය routing table එක තුල අඩංගු සියලුම ඇතුලත් කිරීම් මකා දැමීම සදහා බාවිතා වෙනවා. 

-p : මේ විදානය add කියන විදානයත් එක්ක උප විදානයක් ලෙස බාවිත කරපුවම අපි එකතු කරන route එක රවුටරයේ රෙජිස්ට්‍රියට එකතු වෙනවා. ee ඒවගේම ඒ route එක TCP/IP protocol ට අදුනා ගැනීමටත් මේ උප විදානය උදවු වෙනවා

Command : මේ කොටසේදී අපිට ඕනේම ආකාරයේ විදානයක් බාවිතා කරන්න පුලුවන්. උද:
add
change
delete
print

mask Netmask : netmask එක ඉදිරිපත් කරන්නේ මේ කොටසින්

Gateway : දත්ත පැකට්ටු ගමන් කල යුතු මාර්ගයේ පවතින විශේෂ gateway ඇත්නම් ඒවා අදුනා දීමක් කරන්නේ මේ විදානයෙන්. 

metric Metric : 1 සිට 9999 දක්වා වෙන් cost metric අගයක් දැක්වීමට මේ විදානය බාවිතා වෙනවා.

if Interface : රවුටරයේ බාවිතා වෙන එක් එක් interface වෙනුවෙන් අගයන් ලබා දීමක් රවුටරය වින්‍යාසගත කිරීමේදී සිදු කරනවා. ඒ interface අගය ලබාදීමට මේ විදානය බාවිතා වෙනවා. 

හරි, ඔයාලට පොඩි අදහසක් එන්න ඇති මේ විදානයන් සමූහය පිලිබදව. අපි උදාහරන මගින් තවදුරටත් පැහැදිලි කරගනිමු. 

IP routing table එක බලා ගැනීම සදහා,
route print

කිසියම් IP සමූහයකින් සිදුකරන  routes මොනවද කියලා බලා ගැනීමට. උදාහරනයක් ලෙස 10 පටන්ගන්නා IP සමූහයක් ගමු.
route print 10.*

default route එකක් සහ default gateway එකක් එකතු කිරීමට. උදාහරනයක් ලෙස 192.168.12.1 ගනිමු
route add 0.0.0.0 mask 0.0.0.0 192.168.12.1

විශේෂ IP ලිපිනයක සිට තවත් IP ලිපිනයකින් අවසන් වෙන route එකක් එකතු කිරීම. උදාහරනයක් ලෙස IP ලිපිනය 10.41.0.0 ලෙසත් subnet mask එක 255.255.0.0 ලෙසත් අවසන් වන ලිපිනය 10.27.0.1 ලෙසත් ගමු.
route add 10.41.0.0 mask 255.255.0.0 10.27.0.1

විශේෂ IP ලිපිනයක සිට තවත් IP ලිපිනයකින් අවසන් වෙන නමුත් නොනවතවා   ක්‍රියාත්මක වෙන route එකක් එකතු කිරීම. උදාහරනයක් ලෙස IP ලිපිනය 10.41.0.0 ලෙසත් subnet mask එක 255.255.0.0 ලෙසත් අවසන් වන ලිපිනය 10.27.0.1 ලෙසත් ගමු.
route -p add 10.41.0.0 mask 255.255.0.0 10.27.0.1

විශේෂ IP ලිපිනයක සිට තවත් IP ලිපිනයකින් අවසන් වෙන cost metric අගය 7 වන route එකක් එකතු කිරීම. උදාහරනයක් ලෙස IP ලිපිනය 10.41.0.0 ලෙසත් subnet mask එක 255.255.0.0 ලෙසත් අවසන් වන ලිපිනය 10.27.0.1 ලෙසත් ගමු.
route add 10.41.0.0 mask 255.255.0.0 10.27.0.1 metric 7

විශේෂ IP ලිපිනයක සිට තවත් IP ලිපිනයකින් අවසන් වෙන interface එක 0×3 වන route එකක් එකතු කිරීම. උදාහරනයක් ලෙස IP ලිපිනය 10.41.0.0 ලෙසත් subnet mask එක 255.255.0.0 ලෙසත් අවසන් වන ලිපිනය 10.27.0.1 ලෙසත් ගමු.
route add 10.41.0.0 mask 255.255.0.0 10.27.0.1 if 0×3

10.41.0.0 වෙත ලබාදෙන route සියල්ල මකා දැමීම. IP ලිපිනය 10.41.0.0 ලෙසත් subnet mask එක 255.255.0.0 ලෙසත් ගමු.
route delete 10.41.0.0 mask 255.255.0.0

10 පටන් ගන්නා routes සියල්ලම routing table එකෙන් මකා දැමීමට
route delete 10.*

ඉතින් මේ වගේ විදානයන් බොහෝ ගනනක් බාවිතා වෙනවා. තවත් පෝස්ට් එකකින් ඒ ගැන ලියන්නම්. 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive