සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 18 September 2012

Home Network Setup

Copy Protected by Copyscape Plagiarism Checker!

පරිගණක ජාලයක් බාවිතය පහසු උනත් සරල උනත් හරියට කරගත්තේ නැත්නම් හැමදාම ලෙඩ තමයි. ආයතනික මට්ටමින් පවතින පරිගණක ජාල වලට අමතරව මේ කාලයේ අලුත්ම නැබුරුව වන්නේ Home Network කියන එක. ඉතින් Home Network එකක් තුල මහාපරිමාණ ජාල වල පවතින බොහොමයක් දේවල් දක්නට ලැබෙන්නේ නම් නෑ. අඩු පරිගණක ප්‍රමාණයක්, අඩු ආරක්ශිත ක්‍රමෝපායන් බාවිතා කරලා අඩු වියදමකින් තමයි මේ Home Network එකක් හදාගන්නේ. ඉතින් සරල කරුණු කීපයක් පැහැදිලිව අවබෝද කරගත්තාම ඔයාලටත් Home Network එකක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි.


Home Network එකක් හදාගන්න මූලික් අරමුණ මොකද්ද? උදාහරණයක් ගමු. පරිගණක 2ක් තියන නිවසක් හෝ කුඩා කාර්යාලයක් තියනවා. ඒ නිවසට හෝ කාර්යාලයට අපි ADSL හරි Cable modem එකක් හරි භාවිත කරලා අන්තර්ජාල පහසුකම ලබාගන්නවා කියලා හිතන්න. අපිට එතකොට අන්තර්ජාල් පහසුකම බාවිතා කරන්න වෙන්නේ එක් පරිගණකයට පමණයි. Home Network එකක් හදලා තිබුණ නම් අපිට පුලුවන් පරිගණක දෙකටම අන්තර්ජාල පහසුකම ලබා දෙන්න. 

ඉතින් මේකේ වාසි මෙන්ම අවාසිත් පවතින නිසා Home Network කියන සංකල්පයට යන්න කලින් හොදින් මේ පෝස්ට් එක කියවලා ඉන්න. අපි එහෙනම් Home Network එකක් හදාගන්න ආකාරය බලමු. 

1: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම 

වාසි
  • සරල පිහිටුවීම් 
  • සර්වර් පරිගණක වල අවශ්‍යතාවයක් නැත 
අවාසි
  • උපරිම පරිගණක 4 හෝ 8ක් 
  • පරිගණක සියල්ලටම ස්තාවර IP ලිපිනයන් තිබිය යුතුය
  • Proxy භාවිතා කල නොහැකිය 
  • Hub ports = the number of PC's + 1
  • එක වරකට එක පරිගණකයකට පමණක අන්තර්ජාලයට සම්බන්ද වීමට හැකි වීම 
  • සියලුම පරිගණක අතින් වින්‍යාසගත කල යුතුය (Manuel Configuration) 

මේ ආකරයේ ජලයකදී සියලුම ජාල කේබලයන් (Ethernet cables) කෙලින්ම hub එකට හෝ switch එකට සම්බන්ද වෙයි. අන්තර්ජාල පහසුකම වෙනුවෙන් ADSL connector එකක් හෝ Splitter එකක් බාවිතා කරන්න සිදු වෙන අතර ඒ දෙක එකිනෙකට සම්බන්ද කිරීම සදහා TP crossed-over කේබලයක් ඕනේ වේ 

සැලැස්ම : 

1234555658501

  1. ADSL කේබලය splitter එකට සම්බන්ද වෙයි.
  2. ADSL මොඩමය splitter එකට සම්බන්ද වෙයි.
  3. මොඩමයේ සිට hub එකට කේබලයක් සම්බන්ද වෙයි.
  4. සියලුම් පරිගණක කේබල් මගින් hub එකට හෝ switch එකට සම්බන්ද වෙයි.

2: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම - එක පරිගණකයක් සර්වරයක් ලෙස ක්‍රියාත්මක වීම 

වාසි
  • සරල පිහිටුවීම්  
  • අතින් වින්‍යාස ගත කිරීමක් නැත 
  • පරිගණක 254 ප්‍රමාණයක් එකතු කල හැකිය 
  • Dialup සබදතාවයන් ඉබේ ක්‍රියාත්මක වේ
  • Proxy (WinRoute හෝ ඊට සමාන මෘදුකාංගයක්)

අවාසි
  • සර්වර් මෘදුකාංග අත්‍යවශයයි. 
  • සර්වරයක ගැලපෙන පරිගණකයක් අවශ්‍යයයි 
  • සර්වරයක් වින්‍යාසගත කිරීම අපහසු වෙන්න පුලුවන් 

මෙහෙ සැලැස්ම් අංක 1 ආකාරයෙන්ම වන අතර එක පරිගණකයක් පමණක් සර්වරයක් ලෙස ක්‍රියා කරයි

සැලැස්ම :

1234555697270
  1. ADSL කේබලය splitter එකට සම්බන්ද වෙයි.
  2. ADSL මොඩමය splitter එකට සම්බන්ද වෙයි.
  3. මොඩමයේ සිට hub එකට කේබලයක් සම්බන්ද වෙයි.
  4. සියලුම් පරිගණක කේබල් මගින් hub එකට හෝ switch එ කට සම්බන්ද වෙයි.
  5. එක පරිගණකයක් සර්වරයක් ලෙසින් ක්‍රියාත්මක වේ. එයට  Proxy මෘදුකාංග ස්තාපිත කරන අතර එහි IP ලිපිනය අනෙක් පරිගණක වල  Proxy  සැකසුම් වෙනුවෙන් බාවිතා කල යුතුය. 

3: Hub එකකට හෝ Switch එකකට සියල්ල සම්බන්ද කිරීම - සර්වර් පරිගණකයට කෙලින්ම ADSL සබදතාවය ලබාදීම

වාසි
  • සරල පිහිටුවීම්   
  • අතින් වින්‍යාස ගත කිරීමක් නැත  
  • පරිගණක 254 ප්‍රමාණයක් එකතු කල හැකිය  
  • Dialup සබදතාවයන් ඉබේ ක්‍රියාත්මක වේ 
  • අන්තර්ජාලය හා Home Network  එක් අතර වෙන්වීමක් පවතී 
  • UTP කේබලයක් අවශ්‍යය නොවේ 
  • Proxy (WinRoute හෝ ඊට සමාන මෘදුකාංගයක්) 
  • අනෙක් පරිගණක පාලනය කල හැකිය 
  • සර්වර පරිගණකයක්  ඕනෑ  වේ 

අවාසි
  • සර්වර් මෘදුකාංග අත්‍යවශයයි. 
  • සර්වරයක ගැලපෙන පරිගණකයක් අවශ්‍යයයි 
  • සර්වරයක් වින්‍යාසගත කිරීම අපහසු වෙන්න පුලුවන්
  • Internet Connection Sharing (ICS) භාවිතා කල යුතුය 
  • සර්වර් පරිගණකයට තවත් වැඩිපුර network කාඩ්පතක් අවශ්‍යයයි 

network කාඩ්පත් දෙකක් සවිකල සර්වරයට ADSL සබදතාවය ලබාදෙන අතර ඒ හරහා Internet Connection Sharing (ICS) තුලින් අනික් පරිගණක වලට අන්තර්ජාල සබදතා ලැබෙයි 

network කාඩ්පත් දෙක සහය දක්වන්නේ, 

  1. ADSL සබදතාවය සදහා 
  2. hub එකට හෝ switch එකට සර්වර් පරිගණකය සම්බන්ද කිරීම සදහා 

සැලැස්ම :


1234555830118

4: සියලුම පරිගණක  Router එකකට හෝ Switch එකකට ලබා දීම - ADSL සබදතාවය Router එකට ලබාදීම 

වාසි
  • සරල පිහිටුවීම්   
  • අතින් වින්‍යාස ගත කිරීමක් නැත  
  • පරිගණක 254 ප්‍රමාණයක් එකතු කල හැකිය  
  • Dialup සබදතාවයන් ඉබේ ක්‍රියාත්මක වේ 
  • අන්තර්ජාලය හා Home Network  එක් අතර වෙන්වීමක් පවතී 
  • UTP කේබලයක් අවශ්‍යය නොවේ 
  • සර්වර පරිගණකයක් ඕනෑ නොවේ 


අවාසි 
  • රවුටරයක් මිල අධික වෙන්න පුලුවන්. 
  • රවුටරයක් වින්‍යාසගත කිරීම අපහසු වෙන්න පුලුවන්
  • හැම රවුරටයක්ම RAS සහ VPN/PPTP යන සේවාවන්ට සහය නොදක්වයි. 

සැලැස්ම :

12345558474741

  1. ADSL වලින් ලැබෙන කේබලය splitter එකට සම්බන්ද වෙයි.
  2. ADSL මොඩමය splitter එකට සම්බන්ද වෙයි.
  3. මොඩමයේ සිට කේබලයක් router එකට සම්බන්ද වෙයි.
  4. සියලුම් පරිගණක router හෝ switch එකට සම්බන්ද වෙයි.
  5. අන්තර්ජාල පහසුකම බෙදාදීම සදහා වන සැකසුම් වෙනුවෙන් රවුටරය වින්‍යාශගත කල යුතු වේ.

ඉතින් මේ ආකරයන් 4න් ඕනේම ආකරයක් බාවිත කරලා ඒවාගේ වාසි හා අවාසි තත්වයන් ගැනත් අවධානය යොමු කරමින් ඔයාලගේ Home Network  එක හදාගන්න පුලුවන්. ඉතින් අපිට ලැබෙන ADSL මොඩමය ADSL  රවුටරයක් හෝ  වින්‍යාසගත කිරීම එතරම් අපහසු නෑ. ඒගැන දැනගන්න මේක කියවන්න. සාමාන්‍යය රවුටරයක් වින්‍යාශගත කිරීමට නම් ඒ පිලිබද අවබෝදයක් මෙන්ම අත්දැකීම් තියෙන එකත් වැදගත් වෙනවා. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

machan ube new backgroud eka nisa kiyawanna amarui.eka change karanna puluwanda?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive