Home »
» Remote Help - New Service
HelpItLanka ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ශණ අත්වැල තවත් පුලුල් කරමින් Remote Help නමින් නව සේවාවක් හදුන්වා දෙනු ලබයි. බොහොමයක් පරිගණක් සම්බන්ද උපකර සමූහයන්හි පලවෙන ගැටලු තත්වයන් වලට නොමිලේ දුර්ස්තව උපකාර කිරීම මෙහි අර්මුණයි.
ක්ෂේත්‍රයේ පලපුරුදු වෘත්තිකයින් විසින් සහය ලබාදෙනු ලබන මේ සේවාව තුලින් ඔබට මතුවෙන පරිගණක දෘඩාංග හා ජාලකරණ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වේ. මෘදුකාංග කේත් සම්බන්ද ගැටලු වලට ඉදිරියේදී දුර්ස්තව විසදුම් ලබාදීම සිදුවෙනු ඇත.
මේ සේවාව ලාබා ගැනීමට නම්,
1. ඔබ helpitlanka පේස්බුක් පිටුවේ සාමජිකයෙකු හෝ helpitlanka බ්ලෝගයේ සාමජිකයෙක් විය යුතුය.
2. ඔබේ පරිගනකයේ teamviewer මෘදුකාංගය ස්තාපිත කර තිබිය යුතුය
3. දුරකතන මගින් ඔබව සම්බන්ද කරගැනීමට ඕනෑ උනොත් ඒ වෙනුවෙන් සහය දැක්විය යුතුය.
පහල පෝරමය පුරවා හෝ helpitlanka පේස්බුක් පිටුවේ ඔබගේ ඉල්ලීම පල කර සහය පැතිය හැකිය. හැකි ඉක්මනින් ඔබව අපගේ ඇඩ්මින් වරයෙකු සම්බන්ද කරගනු ඇත.
එමෙන්ම,
1. මේ සේවාව තුලින් දෘඩාංග හා ජාලකරණ ගැටලු වලට විසදුම් ලබාගත හැකි වේ
2. නිසිලෙස වින්‍යාශ ගත නොකල දෘඩාංග සම්බන්ද ගැටලු වලදී දෘඩාංග වලට හානි සිදු උනොත් ඒ පිලිබද වගකීමක් නොමැත.
3.යම් ගැටලුවකදී ඔබේ පරිගණකයට ලොග් උන පසු ගැටලුවට අදාල නොවන ලෙස පරිගණකය බාවිත කරන්නට උත්සාහා කරනවා නම් ඒ සබදතාවය නවතා දැමීමට ඔබට අයිතිය ඇත.
4. ජාල කරණ ගැටලු වලදී හෝ වෙනත් ගැටලුවකදී මුරපද බාවිතා වන අවස්තාවක් නම් කිසිදු මුරපදයක් ඔබ අපට ලබාදිය යුතු නොවන අතර එවන් අවස්තාවකදී මුරපද ඔබම ලබාදීමට
කාරුණික වන්න.
5. ගැටලුව විසදීම වෙනුවෙන් ගතවෙන කාලය ඔබේ පරිගණකයේ වේගය, ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය වැනි කරුණු මතද රදා පවතින බව මතක තබාගන්න.
තොරතුරු තාක්ශණයේ දියුණුව වෙනුවෙන් කරන මේ සමාජ සත්කාරයට ඔබත් එක් වන්න.
Admin - HelpItLanka
0 comments:
Post a Comment