සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 20 September 2012

Improve WiFi Speed

Copy Protected by Copyscape Plagiarism Checker!

රැහැන් රහිත ජාලකරණය මගින් අද වෙනකොට බොහොමයක් දෙනා ප්‍රොයෝජනයන් ගන්නවා. ජාල කලමණාකරනයේ පහසුව වෙනුවෙන් බොහොමයක් කාර්යාලයන් වල ආයතනයන් වල මේ ආකාරයේ රැහැන් රහිත ජාලයන් ක්‍රියාත්මක කරවනවා. ඉතින් මේවා ක්‍රියාත්මක වන්නේ රේඩියෝ තරංග අනුසාරයෙන්. මේ තරංගයන් වල බලවත් බාවය යම් දුරකට සීමා වෙනවා වගේම ඒ සීමාවෙන් පිට සිටින ග්‍රාහකයෙකුට ඒ WiFi ජාලයේ පහසුකම් අත්විදින්න ලැබෙන්නේ නෑ .ඉතින් සරල ක්‍රියාකාරකම් කීපයකින් අපිට හැකියාව ලැබෙනවා මේ දුභල රේඩියෝ තරංගයන් වල බලවත් බාවය ටිකක් හෝ වැඩි කරගන්නට. 

1. WiFi රවුටරය පිහිටුවා ඇති ස්තානය 

ඔයාල දන්නවා ඕනේම තරංග විහිදුවනයක් ඒ තරංගයන් විහිදුවන්නේ වලයාකාරව කියලා. ඉතින් ඔයාලා නිතරම් උත්සාහා කරන්න් ඔයාලගේ WiFi රවුටරය හෝ access point එක මධ්‍යගතව තබන්න. එවිට වලයාකාරව විහිදෙන තරංගයන් වලින් නිසි ප්‍රොයෝජන ගන්න පුලුවන් වෙයි.පහල රූපයෙන් ඒ බව ඔයාලට අවබෝද කරගන්න් පුලුවන්. 


Bad router and good router placement comparison

2. නිතරම රවුටරය metal වලින් ඈත්කර තබන්න 

metal වලින් නිර්මාණය කරන ලද උපරනයන් අසලින් රවුටරයන් ස්තානගත කල විට විසුරවන රේඩියෝ තරංගයන් metal වලින් වෙනත් දිශාවන් වලට යොමු කරනු ලබයි. එ නිසා නිසි ආකාරයෙන් තරංගයන් විසිරී යාමක් සිදු නොවන නිසා WiFi ජාලය මංදගාමී වෙන්න පුලුවන් 

3. ඇන්ටෙනාව 

බොහොමයක් WiFi රවුටරයන් සමග ලැබෙන ඇන්ටෙනා වලට වඩා හොදින් තරංගයන් විසුරවාහැරීම් කල හැකි ඇන්ටෙනා වර්ගයන් මිලටගත හැකිය. එසේම වලයාකාරව විසුරවන තරංගයන් එක දිශාවකට යොමු කිරීමට බාවිතා කල හැකි ඇන්ටෙනා වර්ගයන්ද පවතී. එවැනි ඇන්ටෙනාවක් බාවිතයෙන් තරංගයන් අපතේ යාම වලක්වාගෙන WiFi ජාලය වේගවත් කරගත හැකිය. 

Standard antenna and high-gain antenna examples

4. WiFi ඇඩැප්ටරය මාරු කිරීම 

ලැප්ටොප් එකේ හෝ ඩෙස්ක්ටොප් එකේ පවතින WiFi ඇඩැප්ටරය මාරු කිරීමෙනුත් ජාලයේ වේගවත්බාවය වැඩිකරගන්න් පුලුවන්. ඒ වගේම USB හරහා බාවිත කරන්න පුලුවන් WiFi ඇඩැප්ටර දැන් බාවිතාවෙ පවතිනවා. එ තුලිනුත් වේගය වැඩි කරගන්න පුලුවන්. 

5. WiFi රිපීටරයක් බාවිතය 

WiFi ජාලයක තරංගයන් යන සම්මත දුරක් පවතිනවා. එය රවුටරයෙන් රවුටරයට වෙනස් වෙනවා. ඉතින් අඩු බලයක් සහිත රවුටරයක් බාවිතා කරන විට තරංග වලයේ අවසන් කෙලවර සිටින පරිශීලකයින්ට ලැබෙන්නේ අඩු බලයක් සහිත තරංගයන්. එවැනි වලදී අපිට WiFi රිපීටරයක් බාවිතා කරන්න පුලුවන් අඩු බලයක් සහිත තරංගයන් වර්දනය කර ගැනීම වෙනුවෙන්. 

Wireless router and wireless repeater

6. WiFi  චැනලය වෙනස් කිරීම 

බොහොමයක් WiFi රවුටරයන් බාවිතා කරන්නේ එක් චැනලයක්. නමුත් වෙනත් සංඛ්‍යාත වල තරංග පරාසයන් ග්‍රහණය කරගැනීමට මෙන්ම විසිරවා හැරීමටත් මේ WiFi රවුටරයන්ට හැකියාව තියනවා. ඉතින් වෙනස් වෙනස් පරාසයන් බාවිතා කරලා හොදම චැනලය තෝරා ගැනීම කරන්න් ඕනේ. 

Wireless channels

7. ස්ථාරංග (firmware) යාවත්කාල කිරීම 

WiFi රවුටරයට අදාල firmware යාවත්කාල කිරීම මගිනුත් ජාලයේ වේගය වැඩි කරගැනීමේ හැකියාවක් පවතිනවා. රවුටරයන් නිශ්පදනය කරන සමගම් වල නිල වෙබ් අඩවි මගින් මේවා බාවත කරගන්න පුලුවන්. ඒ වගේම මේවා යාවත්කාල කිරීම් පිලිබද අවබෝදයක් ඇත්නම් පමණක් මේ පියවරය යොමු වන්න. 

8. එකම වෙලෙන්දාගෙන බඩු ගැනීම 

WiFi රවුටරය එක් වර්ගයකිනුත් ඇඩැප්ටරය තව වර්ගයකිනුත් රිපීටරයි තව වර්ගයකිනුත් වගේ එක් එක් නිශ්පාදකයාගෙන ලබාගන්නේ නැතුව එක් බෑන්ඩ් එකකින් සියල්ල ලබාගන්න එකත් ජාලයේ වේගයට බලපාන කාරණයක්. 

ඉතින් මේ කරුණු ටිකට අවදානය යොමු කිරීම මගින් WiFi රවුටරයේ වේගවත් බාවය යම් දුරකට වැඩිකරගන්න පුලුවන් කම ලැබෙනවා. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

WeekHacker.com said...

හොඳ ලිපියක් :ThumbsUp:

Anonymous said...

Thanks...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive