සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 9 October 2012

Lock/Unlock Computer With Pendrive

 NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk. 
පරිගණකයක බාවිතයේදී මුරපදයක් බාවිතා කරන එක පරිගණකයේ දත්ත වලට ආරක්ශාව ලබාදීමේ හොද ක්‍රමයක්. පරිගණක ජාල වල පවතින් පරිගණක මෙන්ම එකකට වඩා වැඩි පරිශීලකයින් සිටින පරිගණක වලටත් මුරපද ඉතාමත් වටිනවා. ඉතින් සාම්ප්‍රදායිම මුරපද ලබාදීමේ ක්‍රමය ගැන ඔයාලා දන්නවනේ. පරිශීලක නාමය මත ක්ලික් කල විට මුරපදය අහනවා. ඒ වගේම ඔයාලා දන්නවා මුහුණ අදුනා ගැනීම මගින් පරිගණකය බාවිතා කිරීමට හැකියාව ලබාදෙන Face Recognition ආකාරයෙ මුරපද වගේම අපේ ඇගිලි සලකුණ අදුනාගෙන ක්‍රියාත්මක වන මුරපදත් තියනවා. ඉතින් මේ කියන්න් යන්නේ මුරපදයක් ලෙස අපේ පෙන් ඩ්‍රයිව් එක බාවිතා කරන්නේ කොහොමද කියලා.

මං මෙතනදී බාවිතා කරන්න උත්සාහා කරනේ වින්ඩෝස් සමග එන SYSKEY නම් පහසුකම. මෙ ගැන ඔයාලා දන්නවත් ඇති. මෙයින් කරන්නේ පරිගණකයේ මුරපද සුරක්ශිත වන SAM ගොනුව තුල ඇති මුරපද බිටු 128 ප්‍රමාණයෙන් encrypts කර encryption key එක් ලබා දීමයි. මින් පෙර පෝස්ට් එකක මං විස්තර කලා මේ SAM ගොනුව හැක් කර මුරපද ලබා ගන්නා ආකාරය. ඒක මෙතනින් කියවන්න.

ඉතින් මේ SYSKEY  බාවිතා කලේ ප්ලොපි ඩිස්කයක් මගින් පරිගණකයේ මුරපද වෙනස් කිරීමටයි. 1990 විතර පරිගණක බාවිතා කල අයට මෙ ගැන මතක ඇති. ඉතින් මුලින්ම අපේ පෙන් එක ප්ලොපි ඩිස්කයේ නිත්‍ය සංකේත අකුර වන “A” බවට හරව ගන්න ඕනේ. කොහොමද මේ ආකාරයෙන ඩ්‍රයිව් ලෙටර් එක වෙනස් කරන්නේ?

මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරන්න. ඉන් පසුව disk management වලට යන්න. My Computer රයිට් ක්ලික් කර Manage ලබාගෙන එතනින් Disk Management වලට යන්න් පුලුවන්. ඒ වගේම Start වල diskmgmt.msc ලෙසින් ටයිප් කරලත් යන්න පුලුවන්.


 රයිට් ක්ලික් කර Change driver letter and path කියන එක් තෝරන්න. ඉන් පසුව පහල රූපයේ ආකාරයෙන් සංවාද කොටුවක් එනවා. එහි ඇති Change  ක්ලික් කරන්න.



Assign the following drive letter යටතේ “A” තෝරන්න.
පහල රූපයේ මෙන් අවවාදයක් ලැබෙයි. එය ඕකේ කරන්න. දැන් අපේ පෙන් එක “A” ලෙසින් වෙනස් වෙලා තියෙයි.
හොදයි, ඊලගට අපි බලමු SYSKEY මහින් සෑම් ගොනුව මේ “A” එකට කොපි කරගන්නෙ කොහොමද කියලා. මුලින්ම start වල syskey ලෙසින් ටයිප් කරන්න.


Syskey විවෘත උන පසු “Update” ක්ලික් කරන්න

ඉන් පසුව “Store Startup key on floppy disk” කියන එක තෝරලා “OK” කරන්න
 එතනදී ඉල්ලන්නේ ප්ලොපි එකක්. මේ වෙනකොට අපේ පෙන් එක ප්ලොපි එකක් කරලා ඉවරයි. පෙන් එකෙ ප්ලග් කරලා ඕකේ කරන්න
 අපේ සෑම් ගොනුව කොපි කලා කියන පණිවිඩය ලැබෙනවා. ඒවගේම මේ පෙන් එක පරිගණකයට ලොග් වෙන්න් ඕනේ කරන බවත් එහි දක්වනවා.
ඉතින්, මේ පෙන් එක නැති කරගන්න එපා. පෙන් එක බාවිතා කරලයි පරිගණකයට ලොග් වෙන්න වෙන්නෙ. මෙය අක්‍රීය කරගන්න ඕනේ නම් අයෙමත් syskey විදානය බාවිත කරලා Store Startup key locally කියන එක තෝරාගන්න. එවිට සමානයය ආකාරයෙන් පරිගණකයේ මුරපද ලබාදෙන්න පුලුවන්.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive