Mozilla Firefox
මොසිලා ෆයර්පොක්ස් වලදී Firefox > Options > Options වලට පහල රූපයේ ආකාරයෙන් යන්න. Sunday, 7 October 2012
Home »
» Delete Cookies in Web Browsers
Delete Cookies in Web Browsers
කුකීස් කියන්නේ වෙබ් අඩවි මගින් අපේ පරිගණකයේ තැම්පත් කරනු ලබන කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්. මේ තුල වෙබ් අඩවියට අයත් තොරතුරු අඩංගු වෙනව. උදාහරණයක් ලෙස වෙබ් අඩවියේ මූලික තොරතුරු, ඔයාලා බාවිතා කරන මුරපද වගේ දේවල් දක්වන්න පුලුවන්. මෙතනදී පවතින අවදානම් තමයි කුකීස් කියවීමෙන් හොද හැකර් කෙනෙකුට පරිගණකයේ විස්තර ලබා ගැනීමට හැකි වීම. ඒ වගේම මේ කුකීස් වල වාසිදායක බවකුත් පවතිනවා. ඒ කියන්නේ වෙබ් අඩවියේ මූලික තොරතුරු ඇතුලත් නිසා ඒ වෙබ් අඩවියට නැවත පිවිසීමේදී පිවිසීමේ වේගය වැඩි වී ඉක්මණට වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි බාවිතා කල සියලුම වෙබ් අඩවි වල ඉතිහාසයත් රැක ගන්නේ මේ කුකීස් ගොනුයි. ඉතින් වාසි වගේම අනතුරකුත් තියන මේ කුකීස් පරිගණකයෙන් ඉවත් කරගන්නා ආකාරය අපි බලමු. දැනට බාවිතයේ පවතින ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් 5 හොදාගෙන කුකීස් ඉවත් කරන ආකාරය පහත දක්වලා තියනවා.
එතනදී දක්නට ලැබෙන සංවාද කොටුවේ ඇති Privacy ක්ලික් කරන්න. එවිට පහලින් “remove individual cookies” ලෙසින් ඇති ලින්කුවක් දැකගන්න ලැබේවි.
ඉන් පසුව පහල රූපයේ මෙන් ඉවත් කල යුතු කුකීස් සියල්ල පෙන්නුම් කරනවා. Remove All Cookie කියන එක් ක්ලික් කිරීමෙන් මේ සියල්ලම ඉවත් කරගන්න පුලුවන්.
කුකීස් සියල්ල ඉවත් න පසුව සංවාද් කොටුව පහල රූපයේ ආකාරයෙන් හිස්ව පැවතිය යුතුයි.
වෙනම පිවුවක් ලෙසින් settings දැකගන්න ලැබෙනවා.
එතනදී Under the Hood යටතේ ඇති Privacy කොටස වෙත යොමු වන්න. එතනදී Content settings ලෙසින් ඇති කොටසට යන්න.
Content Settings වලදී Cookies යටතේ All cookies and site data තෝරන්න.
ඉන් පසුව Remove All ක්ලික් කරන්න.
එතනදී Internet Options සංවාද කොටුව විවෘත වෙනවා. එහි රූපයේ පෙන්වන පරිදි Browsing history කොටසේ ඇති Settings ව්ලට යන්න.
එතනදී අපිට එක් එක් ආකාරයේ සැකසුම් දැකගන්න ලැබෙනවා. කුකීස් වෙනුවෙන් පරිගණකයෙන් වෙන් වෙන ඉඩ ප්‍රමාණය පවා මෙතනදී බලාගන්න වගේම ඕනේ නම් වෙනස් කරගැනීමේ හැකියාවත් පවතිනවා. එතන පවතින View files ක්ලික් කරන්න
පරිගණකයේ සුරක්ශිත වී ඇති සියලුම කුකීස් ගොනු මෙතනදී බලාගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මෙතනින් සියල්ල සිලෙක්ට් කර මකා දමන්න පුලුවන්.
ඒ වගේම Browsing history අසල ඇති Delete ක්ලික් කිරීමෙනුත් මේව මකා දමන්න පුලුවන්.
ඒ ආකාරයෙන් මකන්න උත්සහා කරන අවස්තාවේදී මකන්න ඕනේ මොනවද කියන එක අපෙන් විමසනවා. පහල රූපයේ බලන්න. ඉතින් මකන්න ඕනේ දේ තෝරල්ලා delete ක්ලික් කරන්න.
මේ විදානය ක්‍රියාත්මක කල පසුව පහල රූපයේ මෙන් සංවාද කොටුවක් මතුවෙන අතර Detailed Options මගින් මැකීමට ඇති සියල්ල බලාගන්න පුලුවන්.
එතනදී මතුවෙන සංවාද කොටුවෙන් Privacy තෝරා ඒ මත ඇති Details ක්ලික් කරන්න.
එවිට දැනට පවතින් වෙබ් අඩවි වලට සම්බන්ද සියලුම කුකීස් ගොනු පහල රූපයේ ආකාරයෙන් දැකගන්න පුලුවන්. remove හෝ Remove All මගින් මේවා ඉවත් කරගැනීමේ හැකියාව් පවතිනව.
ඉතින් කුකීස් අපිට වාසි දායක උනත් මකල දමන එක වඩා වැදගත්. මොකද හැක් කිරීම සදහා බාවිතා කරන්න පුලුවන් පහසුම ගොනුවක් තමයි මේ කුකීස් කියන්නේ.
0 comments:
Post a Comment