සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 14 October 2012

System Repair Disc in Windows 7

පරිගණකයක මෙහෙයුම් පද්දතිය කියන්නේ මෘදුකාංග වලින් වටිනම දේ. ඒක නැති උනොත් හරි හානි උනොත් හරි පරිගණකයේන් කිසි වැඩක් නැතුව යනවා. ඉතින් කොහොම කලත් යම් යම් හේතු නිසා පරිගණකයේ මෙහෙයුම් පද්දතිය හෝ මෙහෙයුම් පද්දතිය ස්තාපිත කරලා තියන දෘඩ  තැටියට හානි වෙන්න පුලුවන්. මොනවද මේ හේතු?

1. වයිරස් ආසාදනක් මගින් පද්දති ගොනු මකා දැමීම
2 නෙදැනුවත් කමින් පද්දති ගොනු මකා දෙමීම ntldr,ntdetect.com වගේ ඒවා
3. දෘඩ තැටියේ බිදවැටීම් - හදිසි විදුලි බිදවැටීමකදී වගේ
4. පරිගණකය shout down වෙන්න කලින් switch එක ඔබල පරිගණකය shout down කිරීම හෝ බල සැපයුම් වයරය ගලවා දැමීම..

ඉතින් ඕවා හින්දා අපේ වටිනා මෙහෙයුම් පද්දතියට හානි වෙන්න පුලුවන්. එහෙම උනොත් අපිට මොනවද කරන්න පුලුවන්?

1. දෘඩ තැටිය වෙනත් පරිගණකයකට සම්බන්ද කර chkdsk එකක් දැමීම
2. පරිගණකයේ safe mode වත් ලොග් වෙන්න පුලුවන්ද බැලීම
3. දත්ත බැකප් කිරීමට උත්සාහ කිරීම
4. හරියන්නෙම නැත්නම් පෝමැට් කිරීම

ඉතින් අවසානයේ හරියට කරගත්තේ නැත්නම් පෝමැට් කිරීම මගින් වටිනා දත්ත පවා නැති වෙන අවස්තා ඕනේ තරම් තියනවා. ඉතින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියෙන් අපිට අපූරු පහසුමක් ලබා දෙනවා.  මේකට කියන්නේ System Repair Disc කියලයි. ඉහත දක්වපු ඕනේම කරුණක් නිසා බිදවැටුණ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය මේ මගින් යතා තත්වයට පත් කරගන්න පුලුවන්.මේක කරන්න ඩිවිඩී එකක් ඕනේ කරනවා ඒ වගේම් ඔයාලගේ ධාවකයේ ඩිවිඩී ලිවීමේ පහසුකමත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ DVD Writer එකක් තියෙන්න ඕනේ

මුලින්ම system repair කියලා Start එකේ ටයිප් කරන්න.


එවිට පහල රූපයේ ආකාරයෙන් සංවාද කොටුවක් එනවා. මේ වෙනකොට ඩිවිඩී එක 
පරිගණකයට ඇතුල් කරලා තියෙන්න ඕනේ ඉන්පසුව Create disc ක්ලික් කරන්න 
මෙය ලියවිලා ඉවර උනාට පස්සෙ අපිට System Repair Disc එකක් ලැබෙනවා. මේක බාවිතා කරන්නේ කොහොමද? පරිගණකයේ මෙහෙයුම් පද්දතිය අක්‍රීය උන මොහොතම මුලින්ම පරිගණකයට ඩිවිඩී එක 
දාන්න. පරිගණකය ක්‍රියාත්මක කරවන්න. ඉන්පසුව පරිගණකයේ පහල රූපයේ ආකාරයෙන් දිස් වෙවි.
Windows Setup [EMS Enabled] කියන එක තෝරලා එන්ටර් කී එක ඔබන්න. 

ඉන්පසුව පහල රූපයේ ආකාරයට recovery option වලට යොමු කරයි. 
එතනදී අපිට එකිනෙකට වෙන්ස පද්දති රිකවර් කිරීමේ අවස්තාවන් ලබාදෙනවා. System Image
Recovery  තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්. එතනදී අපි කලින් සදාගත් System Repair Disc  
එක බාවිතයෙන් පරිගණකයේ අක්‍රීය උන පද්දති ගොනු යතා තත්වයට පත් කරමින් ඔබගෙ 
පරිගණකය ක්‍රියාකාරී මට්ටමට ගෙන එනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive