සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 15 October 2012

HoboCopy

මෙහෙයුම් පද්දතියක් තුලදී බාවිතා වෙමින් පවතින් ගොනුවක් කොපි කිරීමට හෝ කට් කිරීමට යාමේදී එසේ කොපි කිරීමට නොහැකි බව අගවමින් දෝෂ පණිවිඩ ලැබෙන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඒත් අපිට අත්‍යවශය උවහොත් කොහොමද එවැනි ගොනුවක් කොපි හෝ කට් කරගන්නෙ?

කොපමණ අලුත් මෙහෙයුම් පද්දති නිර්මාණය උනත් ප්‍රාථමිකම මෙහෙයුම් පද්දතිය වන ඩොස් මෙහෙයුම් පද්දතියේ පිහිට මේ වැනි අවස්තාවකදී ලබා ගැනීමට සිදු වෙනවා. අපි බලමු ඩොස් බාවිතා කර බාවිතයේ පවතින ගොනුවක් කොපි කරන්නේ කොහොමද කියලා

වින්ඩෝස් XP මෙහෙයුම් පද්දතියේදී අපිට Volume Shadow Copy නමින් අලුත් තාක්ශණයක් හදුනාගන්න් ලැබෙනවා. එය මූලික වශයෙන් බාවිත උනේ System Restore සහ backups පහසුකම් වෙනුවෙන්. එහිදි සිදු ඌයේ පද්දතියේ තාවකාලික ඉජේජයක් ලබාගෙන එය මගින් කොපි කිරීමේ හැකියාව ලබාදීමයි. එතනදීත් බාවිතා කලේ ඩොස් විදානයක් වූ HoboCopy විදානයයි. හොදයි අපි බලමු ප්‍රායෝගිකව මේ විදානය බාවිතා කරමින් බාවිතයේ පවතින ගොනුවක් කොපි කරගන්න ආකාරය

මෙහි විදාන කොටස් පහල ආකාරයෙන් දක්වන්න පුලුවන් 

hobocopy c:\directoryname\ d:\backupdirectory\ <filename>

අපි මෙහි ඇති කොටස් අදුනාගන්න උත්සාහා කරමු. 

hobocopy බාවිතා කරන විදානය 
c:\directoryname\ කොපි කල යුතු දත්තය ඇති ස්තානය 
d:\backupdirectory\ දත්තය කොපි කල යුතු මාර්ගය 
<filename> ගොනුවේ නම

උදාහරණයක් ලෙස මට කොපි කරන්න ඕනේ c:\users\eranda\mail\outlook.pst කියන ගොනුව d:\backups කියන ස්තානයට. එවිට විදානය පහල ආකරයි.

C:\> hobocopy c:\users\earnda\mail\ d:\backups\ Outlook.pst


ඉතින් Outlook වැඩසටහන ක්‍රියාත්මක අවස්තාවකදී නම් සාමනයෙන් මට මේ ගොනුව කොපි කරන්න දෙන්නෙ නෑ. නමුත් මේ විදානය මගින් පහසුවෙන්ම ඒක කරගන්න පුලුවන්

මේ විදානය වෙනුවෙන් බාවිත කරන ස්වායක්ත විචල්‍යයන් arguments පහල ආකාරයෙන් දක්වන්න පුලුවන්.

/full සියලුම ගොනු කොපි කිරීමට
/skipdenied access denied ආකාරයෙ හෝ ඕනේම permission errors එකක් මගහැරීම සදහා.
/r Copy recursively
/y Don’t prompt, just copy everything


විදානය පහල ආකාරයෙන් 

hobocopy /full /skipdenied /y /r c:\directoryname\ d:\backupdirectory\

උදාහරණයක් ලෙස මගේ පද්දති ගොනු සියල්ලම බැකප් කිරීමට ඕනේ නම්

hobocopy /full /skipdenied /y /r c:\users\eranda\ d:\backups\

ඉතින් මේ විදානය සම්පූර්ණ වීමට විශාල කාලයක් ගත වෙන්න පුලුවන්. අවසානයේ කොපි කල 
නොහැකි සියලුම් ගොනු කොපි වෙලා තිබේවි. 

මහාපරිමාණ උපස්තකිරීම් එහෙම නැත්නම් බැකප් කිරීම් වලදීත් මේ විදානය බාවිතා වෙනවා. එතනදී 
පහල දක්වා ඇති ස්වායක්ත විචල්‍යයන් කීපය බාවිතා වෙනවා. 

/statefile=filename කලින් කල උපස්ත තොර්තුරු සැසදීම
/incremental වෙන්සකම් වී ඇති ගොනු පමණක් කොපි කරන්න

විදානය මේ ආකාරයි.

hobocopy /incremental /statefile=filename /y /r c:\directoryname\ d:\backupdirectory\

අපි මේ විදානයේ කොටස් අදුනා ගනිමු. 

hobocopy අපි බාවිත කරන මූලික විදානය 
/incremental වෙන්සකම් වී ඇති ගොනු පමණක් කොපි කරන්න 
/statefile=filename කලින් කල උපස්ත තොරතුරු සැසදීම 
/y Don’t prompt, just copy everything
/r Copy recursively
c:\directoryname\ කොපි කරන්න ඕනේ දත්ත ඇති ස්තානය 
d:\backupdirectory\  කොපි කල යුතු තැන 

උදාහරණයක් ලෙස මගේ පරිගණකයෙ දත්ත සියල්ල් උපස්ත කල යුතු නම් 

hobocopy /incremental /statefile=d:\lastbackup.dat /y /r c:\users\eranda\ d:\backups\

ඉතින් මේ විදානය නිසි ආකාරයෙන් ලියාගෙන එය  scheduled task එකක් ලෙසින් බාවිතා කලාම 
අපි දන්නෙම නැතුව පරිගණකයේ සියලුම දත්තයන් නිසි ආකාරයෙන් උපස්ත වෙලා තියේවි. 
.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive