සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 21 October 2012

Google Public DNS


වසර 2009 ගූගල්  සමගම විසින් Public DNS නම් සේවාව ආරම්භ කලා. ඒක තමයි දැනට ලෝකයේ බාවිතා වන විශාලම public DNS සේවාව. ගූගල් වර්තා වලට අනුව එය දිනකට ඉල්ලීම් බිලියන 70 ලැබෙන බවයි දැක්වෙන්නේ. මොනවද මේ Public DNS කියන්නෙ? ඔයාලා දන්නවා ඩොමේන් නාම පද්දතිය එහෙම් නැත්නම් DNS ගැන. ඒක අන්තර්ජාලයේ පවතින පරිගණක, පරිගණක ජාල, පරිගණක උප ජාල, සර්වර්ස් පරිගණක සියල්ල හදුනා ගැනීම වෙනුවෙන් බවිත කරන පොදු තාක්ශණයක්. එය බාවිත කරන්නේ ඔයාල කවුරුත් දන්න Internet protocol TCP/IP කියන ප්‍රොටෝකෝලය. එ හරහා පරිගණක හදුනා ගැනීමක් කරනවා. මෙය ක්‍රියාත්මක වන්නේ  නිරන්තරයෙන් යාවත්කාල වන දත්ත ගබඩාවක් ලෙසයි.


ගූගල් සමාගම මගින් නොමිලේ ලබාදෙන මේ Public DNS මගිනුත් කරන්නේ පරිගණක පරිශීලකයා නිතරම බාවිතා පරිගණක ජාල, වෙබ් අඩවි හදුනාගෙන ඒවාට පිවිසීමේදී වේගවත්ව හා ආරක්ශිත ආකාරයෙන් සම්බන්ද කර දීමයි. Public DNS බාවිතා කරන කෙනෙක්ට තමන්ගේ දැනට බාවිතා කරන DNS සැකසුම් ඉවත් කරන්න පුලුවන්. අපි බලමු කොහොමද අපේ පරිගණක වලට Public DNS සැකසුම් එකතු කරගන්නේ කියලා. 

වින්ඩෝස් 7 හෝ විස්ටා පරිගණක වලදී, 
Control Panel>Network and Internet>Network and Sharing Center ඉන්පසුව Change adapter settings ක්ලික් කරන්න. 



වින්ඩෝස් XP පරිගණක වලදී, 
Control Panel>Network and Internet Connections හෝ Network Connections 
මෙතනදී ඔයාලට දකින්න ලැබේවි පරිගණකයේ Network adapter ටික.ඉතින් Public DNS දාන්න ඕනේ ඇඩැප්ටරය තෝරලා Right-click කරලා Properties ගන්න



ඔයාලා දන්නව මේ වෙනකොට අපි Internet Protocol සංස්කරනයන් 2ක් භාවිතා කරනව කියලා. එකක් TCP/IPv4 සහ අනික TCP/IPv6. ඉතින් ඔයාල බාවිතා කරන සංස්කරණය අනුව සැකසුම් පහත දක්වලා තියනවා. 

TCP/IPv4
TCP/IPv4 තෝරා Properties ක්ලික් කරන්න.



Use the following DNS server address කියන එක තෝරා Advanced ක්ලික් කරන්න.



මෙතනදී Advanced TCP/IP Settings කියන සංවාද කොටුව විවෘත වෙනවා ehi එහිඇති DNS ටැබ් එකට යන්න. දැනට DNS ඇඩ් වෙලා තියනවා නම් Remove බටන් එක ක්ලික් ඒවා එවත් කරන්න. ඕකේ කර ඉන් ඉවත් වන්න.




ඉන්පසුව Preferred DNS server සහ Alternate DNS server කියන කොටස් දෙකට පහල අගයන් නිවැරදිව එකතු කරන්න. ඉන්පසු ඕකේ කරන්න.

8.8.8.8
8.8.4.4





TCP/IPv6
TCP/IPv6 තෝරා Properties ක්ලික් කරන්න. Use the following DNS server address කියන එක තෝරා Advanced ක්ලික් කරන්න.



මෙතනදී Advanced TCP/IP Settings කියන සංවාද කොටුව විවෘත වෙනවා ehi එහිඇති DNS ටැබ් එකට යන්න. දැනට DNS ඇඩ් වෙලා තියනවා නම් Remove බටන් එක ක්ලික් ඒවා එවත් කරන්න. ඕකේ කර ඉන් ඉවත් වන්න.



ඉන්පසුව Preferred DNS server සහ Alternate DNS server කියන කොටස් දෙකට පහල අගයන් නිවැරදිව එකතු කරන්න. ඉන්පසු ඕකේ කරන්න.

2001:4860:4860::8888
2001:4860:4860::8844



ඉතින් ඔන්න සැකසුම් සකසලා ඉවරයි. ඔයාලා Public DNS බාවිතා කරනවා නම් ගූගල් සමාගම මගින් ඔයාලගේ IP ලිපින වල තොරතුරු පැය 24 දක්වා කාලයක් එයාලගේ දත්ත ගබඩා වල රදවාගෙන ඉන්නවා. 

වැඩි විස්තර... 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive