
ඉතින් VPN එකක් හදාගන්න සහය දෙන මෘදුකාංග අතරින් openvpn කියන්නේ හොද මෘදුකාංගයක්. මේ ගැන වැඩි විස්තර http://openvpn.net/ වෙබ් අඩවියෙන් බලගන්න පුලුවන්. මේ වෙබ් අඩවියේදී අපිට සේවාවන් 3ක් මූලිකව ලබා දෙනවා.
මෙතනදී අපි බාවිතා කරන්න බලාපොරොත්තු වන්නෙ VPN Service කියන් පහසුමක. එහිදී අපිට කුඩා මෘදුකාංගයක් පරිගණකයට ස්තාපිත කරගැනීමට සිදු වෙනවා. වෙබ් අඩවියේ පසෙකින් ඇති Download Private Tunnel කියන ස්තානයෙන් ඔබගේ මෙහෙයුම් පද්දතියට අදාලව ස්තාපිත කිරීමේ ගොනුව තෝරාගන්න.
සරල පියවර කීපයකින් මෙය ස්තාපිත කරගන්න පුලුවන්. එතනම පහල තිබෙනවා මේ සේවාව ලබා ගැනීම වෙනුවෙන් ලියපදිංචි විය යුතුයි. පහල රූපයේ ආකාරයෙන් ලියාපදිංචි වන්න. මෙතනදී openvpn මගින් ඔබේ ඊ මේල් ගිණුමට ඊ මේලයක් ලැබෙන අතර එය කියවා එහි ඇති ලිංකුව මගින් ලියාපදිංචිය තහවුරු කරන්න.
ඉන්පසු ස්තාපිත කරගත් මෘදුකාංගය විවෘත කරන්න. පහල රූපයේ ආකාරයෙන් විවෘත වන මෘදුකාංගයට කලින් පියවරේදී ලියපදිංචියට ලබාදුන් ඊ මේල් ගිනුම හ මුරපද් ලබාදෙන්න.
ඉන්පසු Connect කරන්න. පහල රූපයේ ආකාරයෙන් Not Connected ලෙසින් පෙන්වන ස්තානයේ Connect වූ පසුව You are connected to ලෙසින් දක්වයි.
ඉතින් ලෝකයේ පවතින ආරක්ශිත ජාලයක් හරහා ඔබට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව මින්පසු ලැබෙනවා. ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුභ දවසක්...!
0 comments:
Post a Comment