සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 24 October 2012

5 Ways To Create a New Folder

අලුත් පෝල්ඩරයක් කියන එක පරිගණක බාවිතයේදී නිතරම වගේ ඕනේ වෙන දෙයක්. මේවා එක එක ආකාරයෙන් හදාගන්න පුලුවන්. සමහර මෘදුකාංග ස්තාපනයේදී අතරමගදී ඉල්ලන් අලුත් පෝල්ඩරය දෙන්න විදියක් අනෙතුව ආයෙත් ස්තාපනය නවතා අලුත් පෝල්ඩර් හදපු අයත් දැන් මේක කියවනවා ඇති. ඉතින් අපි බලමු ඕනේම තැනක ඉදන් අලුත් පෝල්ඩරයක් හදාගන්නා ආකාරය.





1. පලමු ආකාරය
පලමු ආකාරය ඉතාමත් සරලයි. ඔයාලා හැමෝම බාවිතා කරන විදියක් තමයි මේක. ඩෙස්ක්ටොප් එකේ හෝ වෙන ඕනේම තැනක right-click කරලා New වලදී අලුත් පෝල්ඩරයක් හදාගන්න පුලුවන්.



2. දෙවන ආකාරය
Windows Explorer වලදී කෙලින්ම පහසුකම ලබාදෙනවා අලුත් පෝල්ඩරයක් හදාගන්න. රූපයේ බලන්න. “New Folder” බටන් එක මත ක්ලික් කිරීමෙන් එය කරගන්න පුලුවන්. 



3. තුන්වන ආකාරය
යතුරු පුවරුව භාවිතා කරලා අලුත් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න පුලුවන්. මේ විදානයන් ඕනේම තැනකදී බාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ අලුත් පෝල්ඩරයක් හදාගන්න වින්ඩෝස් මගින් අවස්තාවක් ලබානොදෙන තැනකදී උවත් මේ යතුරු බාවිතා කරලා අලුත් පෝල්ඩරයක් හදාගන්න පුලුවන්. Ctrl + Shift+ N තමයි මේ යතුරු 3. මේවා එකට එබීමෙන් අලුත් පෝල්ඩරයක් නිර්මාණය වෙනවා.



4. හතරවන ආකාරය
ඩොස් මෙහෙයුම් පද්දතිය බාවිත කරලා අලුත් පෝල්ඩරයක් නිර්මාණය කරගන්නා ආකාරය ගැන ඔයාලා දන්නවද? මුලින්ම ඩොස් වලට යන්න.  විදානය “mkdir” පහල රූපයේ බලන්න.


5. පස්වන ආකාරය
අපි මොනවා හරි සුරක්ශිත කිරීමට යන අවස්තාවකදී අලුත් පෝල්ඩරයක් හදාගන්න ඕනේ උනොත්? අපිට Save As සංවාද් කොටුවේදී අවස්තාවන් 2ක් ලැබෙනවා. එකක් තමයි Windows Explorer වලදී  මෙන් කෙලින්ම පෝල්ඩරයක් හදා ගැනීම. අනික් ක්‍රමය සංවාද කොටුවේ right click කර පහල රූපයේ ආකාරයෙන් අලුත් පෝල්ඩරයක් සාද ගැනීම. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive