සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 12 October 2012

25 GB SkyDrive as a Mapped Drive

පරිගණකය කාමරයක් තරම් ලොකුවට තිබිලා දැන් අල්ලට ඇවිත්. තාක්ශණය ලෝකෙට දරාගන්න බැරි තරම් වේගයෙන් ඉදිරියට යනවා. මුල් කාලීනව ප්ලොපි ඩිස්කයන් තුල දත්ත තැම්පත් කලත් අද වෙනකොට දත්ත තැම්පත් කිරීම වෙනුවෙන් අලුත් තාක්ශණයක් එකතු වෙලා. ඒකට කියන්නෙ ක්ලවුඩ් කොම්පියුටින් කියලා. ඒ කියන්නේ කොහේ හෝ තිබෙන සර්වරයක අපේ දත්තයන් තැම්පත් කිරීම. මෙහි ඇති වාසිය වන්නේ ලෝකයේ කොහේ සිට  හෝ අපේ දත්තයන් පරිහරණය කිරීමේ හැකියාවයි. ඉතින් ඉදිරි කාලයේදී ලෝකයට එකතුවෙන් බොහොමයක් දේවල් මේ ක්ලවුඩ් කොම්පියුටින්  තාක්ශණය අනුව හැඩ ගැසුන දේවල්. මෑතක් වන් තුරුම අපි මෘදුකාංග සීඩී එකකින් හෝ ඩිවීඩී එකකින් ස්තාපිත කලත් ඉදිරියට එන සියල්ලම වාගේ ස්තාපිත කිරීමකින් තොරව අන්තර්ජාලය හරහා අපගේ ගිණුමකින් ලොග් වී පරිහරණය කිරීමට හැකි ආකාරයෙන් එළිදක්වයි

ඉතින් මේ ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණය ලෝකයාට නොමිලේම දෙන ආයතනයන් කීපයක් තියනවා. මයික්‍රොසොෆ්ට් සාමාගම ඉන් එකක්. එය SkyDrive ලෙසින් මේ වෙනකොට ලෝකයට එය ඉදිරිපත් වී තිබෙනවා. ඉතින් අපි බලමු ඔවුන් ලබාදෙන් මේ තාක්ශණය කොහොමද අපේ පරිගණක වල සිට අත්විදින්නේ කියලා.

ඉතින් මේ පහසුකම අත් විදින්න නම් ඔබ සතුව Windows Live මේල් ගිණුමක් තිබුය යුතු වෙනවා. එය ඉතාමත් පහසුවෙන් https://login.live.com මගින් සදාගන්න් පුලුවන්. ඊලගට පරිගණකයේ සරල සැකසුම් කීපයක් කරන්න තියනවා. මුලින්ම Start >Control Panel වලට යන්න.



එතනදී අපිට දක්නට ලැබෙනවා User Accounts and Family Safety.

ඉන්පසුව User Accounts වලට යන්න.

ඔයාලගේ User Account එක් තෝරලා පසෙකින් ඇති Online IDs කියන එක තෝරන්න. 


ඉන්පසුව Link Online ID වලට යන්න.


එතන්දී Windows Live මේල ගිණුම් ලබාදෙන්න වෙනවා.


ඉන්පසුව අපිට කුඩා වැඩසටහනක් බාගත කරගන්න වෙනවා මේ ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණය පරිගණකය වෙත් ලබා ගැනීමට. මුලින්ම පහල ලින්කුවට යන්න.

http://windows.microsoft.com/en-US/windows7/online-id-providers

එතන පවතිනවා online ID කියන පහසුකම. පහලින් තියන Download මගින් එය බාගත කරගන්න.

Online ID provider බාගත් වී අවසන් උන පසුව ස්තාපිත කරගන්න .

ඉන්පසුව අපිට සුර්ක්ශිත කිරීමට ඇති ගොනුවක් වෙත් යන්න. එහිදී පහල රූපයෙ මෙන් Save to web යන්න දක්නට ලැබෙයි.

එතනදී අපේ ක්ලවුඩ් කොම්පියුටින් ගිනුමට සම්බන්ද වී එහි ඇති පෝල්ඩරයන් පෙන්නුම් කරයි. කැමති ආකාරයෙන් මෙය සුරක්ශිත කරගන්න පුලුවන්.

ඉතින් මං සුරක්ශිත කල් ගොනුව මගේ SkyDrive එක තුලදී පහත ආකාරයෙන් බලාගන්න පුලුවන්


මීලගට මේ SkyDrive එක අපෙ පරිගණකයේ map Drive එකක් ලෙසින් බාවිත කරන ආකාරය බලමු. 
මුලින්ම SkyDrive  වල අපේ ගිණුමේ ලිපිනය කොපි කරගන්න. ඊලගට Computer වලට පහල රුපයේ ආකාරයෙන් යන්න.

Map network drive කියන එක තෝරන්න.

ඉන්පසුව කොපි කරගත් ලිපිනය පහල රූපයේ ආකාරයෙන් ලබාදෙන්න. Reconnect at logon කියන ටික් එකත් දමන්න.

එවිට අපේ SkyDrive එක වෙනම කවුලුවක විවෘත වෙවී. 


ඉතින් Computer වලට ගිය පසු අපි මැප් කරගත් අපේ SkyDrive  එක අපේ පරිගණකයේ දකින්න් ලැබේවි. 

ඉතින් හරිම සරලව 25GB ධාරිතාවයකින් යුතු SkyDrive එක අපේ පරිගණකයේ ස්තාපිත කරගන්න පුලුවන් අනාගතයේ තිබෙන අලුත් තාක්ශණයට අද ඉදන්ම මුහුන දෙන්න නම් මේව ප්‍රායෝගිකව කරලා පොඩි අත්දැකීමක් ගන්න. මොකද තව ටික කාලෙකින් සීඩී ඩීවීඩී පෙන් ඩ්‍රයිව් කියන්නේ කෞතුකාගාර බඩු බවට පත් වෙන නිසා. 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive