සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 5 October 2012

6 Ways to Open Windows Task Manager

Task Manager එක පරිගණක බාවිත කරන හැම දෙනාටම අවශ්‍ය වන යෙදුමක්. මේ තුල ඇතුලත් වන්නේ පරිගණකය විසින් මෙ මොහොතේ බාවිත කරමින් සිටින වැඩසටහන්, සේවාවන් යනාදී තොරතුරුයි. ඉතින් යම් යම් හේතු නිසා උදාහරණයක් ලෙස වයිරස් ආසාදනයක් නිසා මේ Task Manager සේවාවා අපිට ලබා ගැනීමට නොහැකි වෙන අවස්තා දකින්න ලැබෙනවා. ඒ වගේම මේ හරහා පද්දතියේ යම් යම් වෙනස්මක් කල හැකි බැවින් සමහර ජාල කළමණාකරුවන් තමන්ගේ පරිගණක ජාලයේ ඇති පරිගණක වල  Task Manager අක්‍රීයකොට දමනවා. ඉතින් අපි බලමු මේ Task Manager විවෘත කර ගැනීමට අපිට බාවිත කල හැකි ක්‍රමවේදයන් මොනවද කියලා. 


taskmgr_header_final
1) Ctrl+Alt+Del

පරිගණකයට සම්බන්ධ යතුරුපුවරුව මගින් Ctrl+Alt+Del යන කී තුන් එකවර එබීමෙන් Task Manager
ලබා ගන්න පුලුවන්. මෙය බාවිත වන්නේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්දතියට පෙර මෙහෙයුම් පද්දති වලයි.
වින්ඩෝස් 7 සහ ඉදිරි මෙහෙයුම් පද්දති වල Ctrl+Alt+Del කී එකට එබූ විට Windows Security screen
එක වෙත අපිව රැගෙන යයි. ගැටලුවක් නෑ. එතනත් Task Manager කියන පහසුකමට යන්න ලින්කුවක් පවතිනවා.

2)  Taskbar

ඒ වගේම ඉතාමත් ඉක්මනින් අපිට task bar එක මත Right-Click කිරීමෙන් Task Manager ලබාගන්න
පුලුවන්.

3) Run taskmgr

ඒ වගේම Task Manager වෙනුවෙන් ක්‍රියාත්මක වෙන .exe එක බාවිතයෙනුත් Task Manager ලබා ගන්න පුලුවන්. Start > Run වලදී taskmgr ලෙසින් ටයිප් කරලා ඕකේ කිරීමෙන් මෙය ලබා ගන්න පුලුවන්
Start > Run වෙනුවට Windows Key + R උනත් බාවිතා කරන්න පුලුවන්. Windows Key එක කියන්නේ
අර kodiya කොඩියවගේ තියන කී එක.

4) Ctrl+Shift+Esc

ඒ වගේම යතුරු පුවරුවේ Ctrl+Shift+Esc කියන යතුරු 3 එකවර එබීමෙනුත් Task Manager ලබාගන්න
පුලුවන්.

5) Browse to taskmgr.exe

Task Manager වලට අයත් ගොනුව පිහිටි ස්තානයට ගොස් එය විවෘත කර ගැනීමක් කරන්න පුලුවන්.
සාමානයෙන Task Manager වලට අදාල විදාන ගොනුව පවතින්නේ C:\Windows\System32 වල.
එතන තියන taskmgr.exe ගොනුව ක්ලික් කිරීමෙන් Task Manager ලබාගත හැකියි.

6) Create taskmgr.exe Shortcut

කලින් පියවරේදී සොයාගත් ගොනුව ෂෝට්කට් එකක් ලෙසින් ඩෙස්ක්ටොප් එකට ලබාගැනීමෙන්
පහසුවෙනම් Task Manager වලට පිවිසෙන්න පුලුවන්. මුලින්ම ඩෙස්ක්ටොප් එක මත Right-click
කර New වල පවතින Shortcut වලට යන්න. එතැනට අපි කලින් ලබාගත් මාර්ගය ඒ කියන්නේ C:\Windows\System32 වල ඇති taskmgr.exe කියන එක් ලබා දී ඕකේ කරන්න.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive