සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 9 October 2012

Dual Boot - Pre-Installed Windows 7 with XP


වින්ඩෝස් මෙහෙයුම් පද්දති 2 එකම පරිගණකයක බාවිතා කිරීම පොදුවේ Dual Boot ලෙසින් හදුන්වනවා. ඉහල සංස්කරණයක් බාවිතා වන පරිගණකයකදී ඊට වඩා පහල සංස්කරණයක් බාවිතා කරන්න යාමේදී යම් අපහසුතා ඇති වෙන බව ඔයාලා ප්‍රයෝගිකව දන්නවා. ඉතින් වින්ඩෝස් 7 සහ වින්ඩෝස් XP එකම පරිගණකයේ බාවිතයේදී මුලින් වින්ඩෝස් XP ස්තාපිත කර ඊලගට වින්ඩෝස් 7 ස්තාපිත කල යුතුයි. නමුත් වින්ඩෝස් 7 ස්තාපිත පරිගණකයකට වින්ඩෝස් XP ස්තාපනයි කරන්නේ කෙසේද? අපි බලමු මේ දේ කරන්න පුලුවන් කොහොමද කියලා. මෙතනදී මං කරන්න සුදානම් වන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේදී ලැබෙන shrink පහසුමක් බාවිතා කරමින් වින්ඩෝස් 7 වල සිටම හාඩ් ඩිස්කයේ කොටසක් කඩා ගැනීම. එය පහල පියවර අනුගමනය කිරීමෙක් කරගන්න පුලුවන්. මුලින්ම disk management වලට යන්න. 
පහල රූපයේ ආකාරයට අපිට පුරුදු Disk Management වින්ඩෝව විවෘත වෙනවා.

අපි කඩා ගන්න හිතන පාර්ටිශන් එක උඩ Right-click කරලා Shrink Volume කියන එක තෝරන්න. 

එතනදී පහල රූපයෙ මෙන් දැනට හිස්ව තියන ඉඩ ප්‍රමාණය කොපමණද කියලා
ගණනය කිරීමක් කරනවා 
ඉන් පසුව අපිට හදා ගන්න ඕනේ කරන අලුත් පාර්ටිශන් එකට අදාල ඉඩ ප්‍රමාණය
enter the amount of space you want to shrink කියන තැනට ලබා දෙන්න.

මගේ උදාහරණයේ මං 40000 කියලා ටයිප් කලේ ආසන්න වශයෙන් 40GB
ලබාගැනීම සදහා. ඔයාලගේ හාඩ් එකේ ඉඩ අනුව මෙය අඩු වැඩි කරගන්න පුලුවන්. ඕකේ කිරීමෙන් පසුව අලුත් පාර්ටිශන් කොටසක් නිර්මාණය වෙනවා.එය Unallocatedවශයෙනුයි පවතින්නෙ ඊලගට ඒ මත Right-click කර New Simple Volumeකියන විදානය ලබා දෙන්න.

මෙතනදී සිදුවන්නේ අලුත් පාර්ටිශන් කොටසක් සැදීම හා එය අපිට ඕනේ කරන ආකාරයට
පෝමැට් කර ගැනීමයි. NTFS ආකාරයෙන් file system එක තබන්න. Volume label
එක වෙනුවෙන් කැමති නමක් ලබාදෙන්න් පුලුවන්. “XP Partition” වගේ. ඉන්පසුව
Perform a Quick Format කියන ටික් එකත් දමලා Next කරන්න.
පෝමැට් වීම අවසන් උනාට පස්සෙ අලුත් පාර්ටිශන් එකක් නිර්මාණය වෙලා
තියනව ඔයාලට පෙනෙයි. 
එය මයි කොම්පියුටර් වලින් පහල රූපයේ ආකාරයට දැකගන්න හැකියාව තියනවා. 
ඉන්පසුව අලුතින් හදාගත් පාර්ටිශන් එකට වින්ඩෝස් XP ස්තාපිත කරමු. වින්ඩෝස්
XP සීඩී එක දමා පරිගණකය බූට් කරන්න. 

සරල පියවර කීපයකින් පහල රූපයේ පියවරට පැමිණි පසුව අපිට ලැබෙනවා
වින්ඩෝස් XP දාන්න ඕනේ පාර්ටිශන් එක තෝරන අවස්තාව. මෙතනදී හරියටමඅපි කලින් හදාගත් පාර්ටිශන් එකම තෝරාගන්න සැලකිලිමත් වන්න. 
 ඊලග පියවරේදී අපේ පාර්ටිශන් කොටස පෝමැට් විය යුතු ආකාරය විමසනව
එතනදී NTFS හෝ FAT ආකාරයෙන් පෝමැට් කරගන්න පුලුවන්. නමුත් හොදම NTFSතමයි. 
 ඉන් පසුව වින්ඩෝස් ස්තාපනය ආරම්බ වෙනවා.
ඉතින් මේ ආකාරයට වින්ඩෝස් XP ස්තාපනය කලා කියලා පරිගණකය වින්ඩෝස්
XP වලින් බූට් කරන්න නම් බෑ. එයට හේතුව ඉහල සංස්කරණයක් පරිගණකයේ තිබීම.
ඉතින් අපිට සිදුවෙනව පරිගණකයේ Boot Loader එක ආයෙමත් ලියන්න. ඒක කරන්න
අපිට තෙවන පාර්ශවීය මෘදුකාංගයක් ඕනේ කරනවා.
 ඒ වෙනුවෙන් බාවිත කරන්නේ EasyBCD 1.72 කියන මෘදුකාංගය. මේ ක්‍රියාවලිය
කරගන්න ඕනේ තරම් මෘදුකාංගයන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්.පහල
ලින්කුවෙන් මෙය බාගත කරගන්න පුලුවන්. 
 ඉතින් Boot Loader එක අලුතින් ලියපු පසුව අපිට පහල රූපයේ ආකාරයෙන් මෙහෙයුම්
පද්දති තේරීමේ අවස්තාව ලැබෙනවා. Windows Boot Manager කියන මෙහෙයුම්ක්‍රියාත්මක වන්න නම් මේ මෘදුකාංගය බාවිතා කරමින් Boot Loader එකඅලුතින් ලිවිය යුතුම වෙනවා.

ඉතින් ඔන්න ඉහල සංස්කරණයක් පරිගණකයේ ක්‍රියාත්මක වෙන අවස්තාවේදී පහල
සංස්කරණයක් පරිගණකයට ස්තාපිත කරලා Dual Boot ආකාරයෙන් ක්‍රියාත්මක
වෙන්න හැදුවා. ඉතින් දැන් වින්ඩෝස් 7 තියෙද්දි වින්ඩෝස් XP දාගන්න පරිගණකය
ෆුල් පෝමැට් කරන්න ඕනේ නෑ. කරලා බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

sandakelum said...

Niyamai.. Supiri post ekak

Anonymous said...

ela post eka aya.. api godak dewal igena gannawa. jaya wewa....!

Harindu Jayakody said...

patta yalu

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive