සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 15 October 2012

Copying Copy-Protected CD/DVD

CD/DVD බාවිතා කරන හැම දෙනාම කොපි කරන්න බෑ කියන දෝෂ පණිවිඩයට එක් වරක් හෝ මුහුණදීලා ඇති. කතෘ අයිතිය සුරැකීම වෙනුවෙන් හෝ වෙනත් නීතිමය තත්වයක් වෙනුවෙන් හෝ බොහොමයක් දෙනා Copy-Protected ආකාරයේ CD/DVD නිර්මාණයට පෙලබෙනවා. එහෙම කරන ආකාරය දැනගන්න මේක කියවන්න. නමුත් අපිට අවශ්‍යතාවයක් තිබේනම් ඒ ආකාරයේ CD/DVD එකකින් දත්ත කොපි කර ගැනීමට, පහල පියවර නිවැරදිව අනුගමනය කිරීමෙන් එය කරගන්න පුලුවන්.

මාගේ උදාහරණයේ මන් කොපි කරන්න උත්සාහා කරන්නෙ කොපි කරන්න බැරි music CD එකක්. ඉතින් මේ ක්‍රමය music CD එකකට පමණක් නෙමෙයි  game CD වගේම මෘදුකාංග ඇතුලත් CD/DVD වලටත් බාවිත කරන්න පුලුවන්.

Removing Copy Protection on CDs

ඉතින් පහල පියවර අනුගමනය කරන්න

1: IsoBuster මෘදුකාංගය භාගත කරගන්න

මේ මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයක්. සල්ලි දීල ගන්නත් පුලුවන්. එය http://www.isobuster.com/ කියන වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන් මේ මෘදුකාංගය බාවිත කරන්නේ කියවන්න බැරි CD/DVD දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මං බාගත කරගත්තේ IsoBuster 1.6 කියන සංස්කරණය.

2: Audio Tracks වෙනුවෙන් පෝල්ඩරයක් නිර්මාණය කරගන්න

Copy-Protected වර්ගයේ CD/DVD විවෘත කල බැලූ විට බොහෝ විට අපිට දකින්න් ලැබෙන්නේ 1kb තරමේ ගොනු කීපයක් පමණයි. ඒ කියන්නේ නිවැරදි ධාරිතාවයෙන් යුතු ගොනු සැගවිලයි තියෙන්නෙ. ඉතින් පෝල්ඩරයක් නිර්මානය කරගන්නේ ඒ සැගවුන ගොනු කොපි කරගන්නයි. මගේ උදාහරණයේදී මම desktop එක මත අලුත් පෝල්ඩරයක් නිර්මණය කරගන්නවා.

3: Copy-Protected CD එක IsoBuster හරහා විවෘත කිරීම

මුලින්ම IsoBuster මෘදුකාංගය විවෘත කරගන්න. ඔයාලා දන්නවා CD/DVD autorun වෙනව කියලා. ඒක නවත්තන්න shift key එක ඔබාගෙන ඉන්න. ඉන්පසු මෘදුකාංගය හරහා CD එක විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 

IsoBuster Screenshot #1
session 1 සහ session 2 ලෙසින් කොටස් දෙකක් ඔයාලට දකින්න ලැබේවි. සාමාන්‍යයෙන් අපිට නොපෙන්වන කොටස මෙහි session 1 ලෙසින් පෙන්නන්නේ ඒ අපිට නොපෙන්වන කොටසයි. එය විවෘත් කරන්න. එ කියන්නේ + සලකුණ මත ක්ලික් කරන්න.

IsoBuster Screenshot #2

4: Audio Tracks ටික Extract කරගන්න

මවුසය බාවිතා කර audio tracks ටික තෝරා right click කර ‘Extract Objects’ තෝරන්න 

IsoBuster Screenshot #3

මේ විදානය ක්‍රියාත්මක කල සැනින් IsoBuster මගින් තවත් සංවාද කොටුවක් විවෘත කර දෙනවා. එතනදී අපි ලබාදෙන්න ඕනේ අර කලින් හදාගත්ත පෝල්ඩරය.

IsoBuster Screenshot #4

ඉතින් සැගවිලා තිබුණ ගොනු ටික කොපි වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා

IsoBuster Screenshot #5

ඉතින් මේ ගොනු ටික නේද අපිට් ඕනෙ කලේ? ඔන්න අපි ඒවා කොපි කරගත්තා. දැන IsoBuster මෘදුකාංගයෙන් ඉවත් වෙන්න පුලුවන්. ඉතින් පරිගණකයට කොපි කරගත් මේ ගොනු ටික ඕනේ නම් අයෙමත් සාමාන්‍යය ආකාරයෙන් කියවාගන්න CD/DVD එකකට නීරෝ වගේ තෙවන පර්ශවීය මෘදුකාංගයක මගින් ඩේටා ආකාරයෙන් කොපි කරගන්න පුලුවන්. නැත්නම් පෙන් එකකට කොපි කරගන්න පුලුවන්. ඔන්න සරල පියවර කීපයකින් Copy-Protected නැති කල..  ඔයාලත් කරලම බලන්න..


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive