සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 21 October 2012

View Saved/Cached Passwords in Web Browsers


NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

ඔයාලා දනන්වා යම් වෙබ් අඩවියකට (Yahoo, Google, Facebook වගේ) මුරපදයක් ලබාදුන්නාම එය සුරක්ශිත කලොත් ඊලග පිවිසුමේදී මුරපද ඇසීමකින් තොරව ඉතාමත් වේගයෙන් වෙබ් අඩවිය විවෘත වෙනවා කියලා. මේ සුරක්ශිත කරන මුරපදය පරිගණකයේ කෑෂ් මතකයේ තබාගෙන ඉන්නවා. ඉතින් මේ කෑෂ් මතකයේ තියන මුරපදයක් බොහෝ විට දකින්න ලැබෙන්නේ තරු ආකාරයෙන් මිසක් (**** වගේ) නිවැරදි මුරපදය ලෙසින් නොවෙයි. ඉතින් ඉතාමත් සරල පියවර කීයපකින් මේ තරු නැතුව මුරපදය බලාගන්න ආකාරය අපි බලමු.


මුලින්ම යාහු මේල් හෝ වෙනත් වෙබ් අඩවියකට යන්න. ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් ලොගින් වෙන්න අවස්තාව දෙන ස්තානයේ මුරපදය තරු ආකාරයෙන් පෙන්නයි. මෙහෙම පෙන්නන්න නම් මුරපදය කලින් සුරක්ශිත කරලා තියෙන්න ඕනේ. ඊලගට මවුසය ආධාරයෙන් මුරපදය select (highlight) කරන්න. පහල රූපය බලන්න. 


ඔයාල බාවිත කරන්නේ Firefox හෝ Google Chrome නම්, මුරපදය මත right-click කරලා Inspect Element යන්න තෝරන්න. අපිට මෙතනදී ඕනේ කරන්නේ Developer tools  වලට එහෙම නැත්නම් සෝස්කෝඩ් එක එඩිට් කරන්න පුලුවන් ස්තානයට යන්න. Inspect Element  මගින් Developer tools වලටමයි යන්නෙ. 



ඔයාලා බවිතා කරන්නේ Internet Explorer නම් මුරපදය තෝරා F12 යතුර ඔබන්න. එවිටත් Developer tools වලට යන්න පුලුවන්.  ඉතින් මේ Developer tools එක පිටුවෙ පහලින් විවෘත වෙනවා. කෝඩින් ගොඩක් නේද? බය වෙන්න එපා. මේවා ලොකුවට පෙනුනට ඒ තරම් දෙයක් නෑ. මෙතන පරිස්සමින් බලපුවාම මේ පහල දක්වලා තියන ආකාරයේ කේත කොටසක් දකින්න ලැබේවි. 

<input id=”passwd” type=”password” tabindex=”2” name=”passwd”>

ඉතින් මේක හොයාගන්න් අමාරුම නම් අපිට පුලුවන් සෙවුමක් කරන්න. Ctrl + F කී දෙක එකට ඔබන්න. එතකොට සර්ච් කරන්න කොටුවක් එනවා. එතන type=”password” වගේ මොනව හරි ටයිප් කරලා සෙවුමක් කරන්න.
Firefox වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




Google Chrome වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 



Internet Explorer වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




ඉතින් මෙ මොන බ්‍රවුසරයෙන් හරි මේ කේත් කොටස හොයාගන්න. ඊලගට මේ කේතයේ password කියන කොටස ඩබල් ක්ලික් කරලා තෝරලා Delete කී එක ඔබන්න.

Firefox වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




Google Chrome වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




Internet Explorer වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 



ඊලගට Enter කී එක ඔබන්න. ඔන්න අපිට මුරපදය පෙන්නනවා..

Firefox වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




Google Chrome වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 




Internet Explorer වලදී මෙය පහල ආකාරයෙන් දැකගන්න පුලුවන්. 



හරිම බයානකයි නේද? මුරපද සුරක්ශිත කරන්න එපා කියලා මං මේ බ්ලොග් එක පටන්ගත්ත මුල් කාලේ ඉදන්ම හැකින් ගැන ලියන හැම  පෝස්ට් එකකම  ලියනවා. ඉතින් ඉතාමත් සරලව **** විදියට තියන මුරපදයක් හොයාගන්න පුලුවන්. මේව සුරක්ශිත වන්නේ කොහෙද? කුකීස් වල. ඉතින් හැකින් ගැන දන්න ප්‍රායෝගිකව කරලා තියන අයට මේ කුකීස් ගොනු තවත් පරිගණකයකින් භාවිතා කරන්නාට නොදැනෙන විදියට හොරකන් කරගන්න එක් මහලොකු දෙයක් නෙමෙයි. එ හොරකන් කරලා තමන්ගේ පරිගණකයට ඒ කුකීස් ස්තාපිත කරගෙන් මෙ සරල පියවර වලින් මුරපද හොයාගෙන හැක් කරනවා. ඉතින් පරිස්සමින් මුරපද බාවිතා කරන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Anonymous said...

machan ube blog ekanam niyamai.mara watinawa.

Unknown said...

Thank you very much ayya

Unknown said...

superBB

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive