සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 22 October 2012

A DAY IN THE INTERNET



අන්තර්ජාලය දැන් හුගක් ලොකුය. එහි ප්‍රමාණය අපිට හිතාගන්නටවත් බැරිය. දැනුම් පිපාසය නිසා මිනිසා දවස ගානේ එක් එක් දේවල් සොයාගන්නවා වගේම ඒවා අන්තර්ජාලයට එකතු කරමින් සිටී. මේ ලියන මොහොතේත් මං ලියනවා වගේ කී දෙනක් කියනවා ඇද්ද? අන්තර්ජාලය හරහා හුවමාරු වන දේවල් ගැන නම් අමුතුවෙන් දැනුවත් කල යුතු නැත. ඒවා සියල්ල එකට ගත්කල අන්තර්ජාලයේ ප්‍රමාණය දිනකදී මෙන්න මේ වගේය.

උපුටා ගැනීමකි.... මේ විශ්ලේෂණය කරන ලද්දේ MBAonline.com සමීක්ශණ ආයතනය මගිනි. 

  • අන්තර්ජාලයේ දිනකට හුවමාරු වන දත්ත ලිවීමට DVD මිලියන 168 ඕනේ වේ. 
  • ඊ මේල් බිලියන 294 දිනකට හුවමාරුවේ. 
  • මිලියන 2 බ්ලොග් පෝස්ට් දිනකට ලියයි. මේකත් එයින් එකක් 
  • මිලියන 172 සෙනග දිනකට පේස්බුක් එයි. ඔවුන් මිනිත්තු බිලියන 4.7 මේ  වෙනුවෙන් වැය කරයි. මිලියන 532 ස්ටේටස් ප්‍රමාණයක් දිනකට යාවත් කාල වෙයි. ආසන්න වශයෙන් මිලියන 250 ක පොටෝස් ප්‍රමාණයක් දිනකට පේස්බුක් වෙත එක් වෙයි. 
  • දිනකට මිලියන 40 දෙනා ටුවිටර් බාවිතා කරයි. 
  • දිනකට මිලියන 20 ගූග්ල් + ද මිලියන 17ක් පින්ටෙස්ට් ද බාවිතා කරයි 
  • Netflix හරහා දිනකට පැය මිලියන 22 ක කාලයක මිනිසුන් පැරණි රූපවාහිනී වැඩසටහන් හා පැරණි චිත්‍රපට නැරබීමට වැය කරයි. 
  • පැය 864000 දාවන කාලයක් සහිත විඩියෝ දිනකට YouTube වෙත එකතු වෙයි. 
  • දිනකට පැය මිලියන 18.7 දාවන කාලයක සංගීත රසවිදීමක් Pandora හරහා සිදු වෙයි. 
  • දිනකට අලුත් යෙදවුම් (applications) මිලියන 35 ක් අන්තර්ජාලයට එක් වේ. 



Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive