සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 18 October 2012

Buy a Laptop?

විලියම් මෝගේජ් 1979 දී ග්‍රිඩ් සිස්ටම් නම් පලමු ලැප්ටොප් පරිගණකය ලොවට දායාද කර වසර 69 ආයු වලදා පසුගියදා මියපරලොව ගියේය.. අද අපි දකින ලැප්ටොප් ආකෘතියේ පේටන් බලපත්‍ර අයිතිය හිමි වන්නේ මේ කියන මෝගේජ් මහතාටය. මේ ලැප්ටොපය ක්‍රියාත්මක් වූයේ 256kb මතක දාරිතාවයකිනි. ලස්සන වටින ලැප්ටොප් එකක් කාගෙත් සිහිනයක්...! හුගක් මුදල් වියදන් කරලා ගන්න ලැප් එක මෙලෝ රහක් නැති එකක් උනොත් අපරාදේ වියදන් කරපු සල්ලි. ගොඩක් අය පිට ඔපේට රැවටිලා හුගක් වියදන් කරලා ලැප්ටොප් ගන්නවා. නමුත් ක්‍රියාකාරී වීමේදි ඒවාගෙන් අපි වියදන් කල මුදලට සාධාරණයක් වන්නේ නෑ. මේ ආකාරයෙන් පරිගණකයක් හෝ ලැප් එකක් මිලට ගන්න යද්දි බොහෝ දෙනා රැවටෙන්නෙ ඒවායේ පවතින තාක්ශණික යෙදවුම් ගැන හොද අවබෝදයක් නොමැති කම නිසා.

ලැප්ටොප් පරිගණක මූලික කොටස් තුනකට බෙදා දක්වන්න පුලුවන්.

1. ENTERTAINMENT ලැප්ටොප් 

මේ ආකාරයේ ලැප්ටොප්  එකකින් අපි බලාපොරොත්තු වන්නේ ෆිල්ම් එකක් බලන්න.. සිංදුවක් අහන්න, ස්කයිප් චැට් කරන්න අන්තර්ජාලයේ සැරිසරන්න වගේ විනෝදාත්මක දේවල් පමණයි. ඒ නිසා හොද ඩිවිඩී ප්ලේයර් එකක් හරි අලුත් තාක්ශනය වන බ්ලුරේ ප්ලේයර් එකක් හරි තියන හොදට සවුන්ඩ් ලබාගන්න පුලුවන් පුලුල් තිර දර්ශණ වලට සහය දක්වන ඒ කියන්නෙ Full HD ආකාරයේ තිරයක් සහිත ලැප් එකක් වෙන්න ඕනේ.

2. BUSINESS ලැප්ටොප් 

විශේෂ් මෘදුකාංග බාවිතා කිරීම වෙනුවෙන් මිලට ගන්න ලැප්ටොප් මේ කාණඩයට අයත් වෙනවා. උදාහරණයක් ලෙස AutoCAD වැනි මෘදුකාංග දක්වන්න පුලුවන්. එහිදී ලැප්ටොප් එකේ වේගය මතක ප්‍රමාණය වැඩි වන්න ඕනේ. ඒ කියන්නේ performance වැඩි වෙන්න ඕනේ. මේ කාලයේ වෙලදපොලේ දකින්න ලැබෙන performance වැඩි ලැප්ටොප් කීපයක් පහත දක්වලා තියනවා.

1. ASUS G73JW-A1 Republic of Gamers 17.3-Inch 


Core i7 , 8GB RAM

2. Toshiba Satellite A665-3DV8 Notebook

Core i7, 640GB hard drive, 4GB RAM, Nvidia’s 3D

3. HP ENVY 17 Laptop

Core i5 , i7 processor, 6 GB RAM , 500GB , 1TB

4. Sony VAIO F Series Notebook PC

Core i3, i5 , i7 ,4GB RAM, 500GB hard drive , Nvidia GeForce GT 310M graphics

5. Apple 17″ MacBook Pro MC024LLA Notebook

MacBook Pro ගැන කියන්න දෙයක් නැත...


3. GAMING ලැප්ටොප් 

BUSINESS ලැප්ටොප් එකකටත් වඩා මේ කියන ලැප්ටොප් ආකාරය වේගවත්, බලවත්. පහල දක්වලා තියෙන්නේ මේ ආකරයේ GAMING ලැප්ටොප් කීපයක්.

1. Dell Alienware M17x



17-inch ,Windows 7 ,,Nvidia’s GeForce GTX 280M graphics cards , 2.53-GHz Intel Core 2 Extreme Quad QX9300 CPU.

2. Asus G51JX



4GB DDR3 1066MHz RAM, 64-bit version of Windows 7 Home Premium, two 320GB 7200rpm hard ,Nvidia GTX 260M with 1GB DDR3 RAM.

3. Sony Vaio VPCF117HG/BI


Windows 7 with Intel Core i7 Quad Core Processor , dedicated 1GB Nvidia Geforce graphics card.


සාමාන්යෙන් GAMING ලැප්ටොප් එකක් ගන්නවා නම් පොදුවේ පහල දක්වලා තියන පහසුකම් වත් තියෙන්න ඕනේ. 
  • Intel Core i7 2860QM @2.5GHz සකසනයක් 
  • 8 GB DDR3 රැම් මතකයක් 
  • 500 Gb HDD ධාරිතාවක් 
  • 2GB GDDR5 nVidia GeForce GTX 580M, ග්‍රැෆික් කාඩ් එකක් 
  • 17.3-inch Wide Full HD WLED  
  • 1920×1080 resolution @120Hz 
  • 8 cell බැටරියක් 
  • USB 3.0, 2Mpx WEB Cam, Card Reader, DVD-RW, Blu-Ray Drive
දැන් ඔයාලට දල අවබෝදයක් ඇති මේවා කොහොමද බාවිතා කරන්නෙ කියලා. අපි බලමු මූලික වශයෙන් ලැප්ටොප් එකක් ගැනීමේදී සැලකිලිමත් වන්න ඕනේ කරුණු මොනවද කියලා

1. Central Processing Unit maHD මධ්‍යම සැකසුම් ඒකකය 

දැනට වෙලදපොලේ ඉදිරියෙන්ම සිටින CPU  නිශ්පාදකයින් වන්නේ Intel සහ AMD බව ඔයාලා දන්නවා.ඔයාල හිතන හැටියට මොකද්ද වඩා  හොද? 

Intel ගැන කියනවා නම් මේ වෙනකොට Intel විසින් එළිදක්වලා තියන හොදම සකසන කාණ්ඩය වන්නේ  i3, i5 සහ  i7 කියන ඒවා. මේවා එක් එක් මිල ගණන් යටතේ වෙලදපොලේ තියනවා. තාක්ශණික වෙනස් කම් කීපයික් හැරෙන්නෙ පොදුවේ මේවා ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයෙන්. AMD  සකසනයන් අධික ලෙස රත් වෙන බව සමාජ මතයක්.

ඉතින් එදිනෙදා කටයුතු වෙනුවෙන් බාවිත කරන්න ලැප්ටොප් එකක් ගන්න උත්සාහා කරනවා නම් අධික වේගයකින් යුතු සකසනයකට යන්න උවමනා නෑ. මොකද මිල අධික බවත් මෙතනදි සැලකිල්ලට ගන්න වෙනවා හොදම දේ මුලින්ම ඉහලින් දක්වලා තියන ලැප්ටොප් වර්ග 3න් කොයි එක ගන්නවද කියන එක තීරණය කිරීමයි.

2.Random Access Memory තාවකාලික මතකය 

පරිගණකයේ වේගය රදා පවතින එක සාධකයක් තමයි RAM එහෙම නැත්නම් Random Access Memory කියන්නේ. මෙය තාවකාලික මතකයක්. ඒ කියන්නේ විදුලිය ලබාදුන් පසුව ක්‍රියාත්මක වී විදුලිය විසන්දි වූ පසුව අක්‍රීය වන ආකාරයේ කොටසක්. 
මේ වෙනකොට ආකාර 4 රැම් වර්ග ඉදිරිපත් වෙල තිබුණත් දැනට බොහෝ සෙයින් බාවිතා වන්නේ ආකාර දෙකක් පමණයි ඒ DDR2 සහ DDR3 කියන ආකාරයන්.DDR3 කියන්නේ අලුත් තාක්ශණය. ඉතින් මිල ටිකක් වැඩි උනත් හොදම දේ DDR3  RAM එකක් සහිත ලැප්ටොප් එකක් ගන්න බලන එක. අනික් කරුණ් වන්නේ මෙහෙයුම් පද්දතිය මත බාවිතා කරන්න පුලුවන් උපරිම RAM මතකය තීරණය වීමයි.  ඒ වගේම නිශ්පාදකයා විශින් ලබාදෙන RAM පතට වඩා තවත් RAM සවිකිරීමේ හැකියාව පවතිනවද කියන එකත් සොයා බලන්න ඕනේ. ඒ බව ලැප්ටොප් එක සමග ලැබෙන පොතේ සදහන් වෙනවා. 8GB කියන්නෙ හොද RAM ප්‍රමාණයක්.

3. Hard Drive දෘඩ තැටිය 

හොදින් අවධානය යොමු කල යුතු තවත් විශේෂ කරුණක් වන්නේ  Hard Disk එකයි. පරිගණකයේ සියලුම දත්ත හා මෙහෙයුම් පද්දතිය ස්තාපිත වන්නේ මේ දෘඩ තැටිය මත බව ඔයාලා සියලු  දෙනාම දන්නවා. ඉතින් මේ වනවිට විවිද ධාරිතාවන්ගෙන් යුතු දෘඩ තැටි මිලට ගන්න තිබුණත් ඔයාලගේ අවශ්‍යතාවයට සරිලන එකක් මිලට ගන්න උත්සාහ කරන්න. මේවායේ ධාරිතාවය මනින්නේ GB වලින්. ඒ අනුව 250 GB, 320 GB, 500 GB 750 GB, 1000 GB යනදී වශයෙන් දෘඩ තැටි ලබාගන්න පුලුවන්

අලුත්ම තාක්ශණයෙන් එන දෘඩ තැටි වලට කියන්නේ SSD එහෙම් නැත්නම් Solid State Drive කියලයි. මේවා සාමාන්‍යය දෘඩ තැටි වලට වඩා වේගවත්. මිලෙන් අධිකයි.නමුත් ඉදිරියට එන බොහොමයන් නවීන ලැප්ටොප් වල මේ ආකාරයේ SSD තමයි දකින්න ලැබෙන්නේ.

4. Graphics Card ග්‍රැෆික් කාඩ් පත් 

Video Card එහෙම නැත්නම් Graphics card  කියන්නේ පරිගණකයක ඉතාමත් වැදගත් කොටසක්. මෙය චිපයක් ලෙසිනුයි දකින්න ලැබෙන්නේ. පිටින් සවිකල හැකි කාඩ් පත් උනත් වෙලදපොලේ ගන්න තියනවා. ලෝකයේ හොදම ග්‍රැෆික් කාඩ් පත් නිර්මාපකයින් වන්නේ nVidia සමාගමයි. නමුත් මවුපුවරු නිශ්පාදකයින් තමන්ගේම චිපයක් මවුපුවරුවට එක් කරනවා. උදාහරණ ලෙස Intel සමාගමේ GMA සහ  AMD සමගමේ HD දක්වන්න් පුලුවන්. ගේම් වල හොද ක්‍රියාකාරීත්වයටත් විඩියෝ වල ගුණාත්මක බවටත් මේවා බලපානවා. 

5. Screen Resolution and Dimension තිර විභේදනය හා ප්‍රමාණය 

අනෙක් වැදගත් කරුණ වන්නේ තිර් විභේදනය හා තිරයේ ප්‍රමාණයයි. සාමානයෙන් අගල් වලි මනිනු ලබන තිර ප්‍රමාණය 15.4”, 17.3” හෝ 19” යනාදී වශයෙන් දැකගන්න පුලුවන්. ඉතින් හුරුබුහුටි ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු තිරයක් බලාපොරොත්තු වන්න් එපා. තිරය ලොකු වීමෙන් හුරුබුහුටි බව නැති වෙනවා මේ වෙනකොට තිර ආකාරයන් කීපයක් වෙලදපොලේ දකින්න පුලුවන්. LCD (Liquid Crystal Display), LED backlight, OLED සහ WLED කියන්නේ ඒ වර්ගයන්. LCD මිල අඩු අතර LED මිලෙන් වැඩි. නමුත් වඩාත්ම හොද LED තිරයක්ම තමයි.

ඒ වගේම තිරය අලුත් තාක්ශණයක් වන 3D තාක්ශණයට සහය දක්වනවද කියලත් බලන්න් ඕනේ. අනිත් කරුණ වන්නේ විභේදන බලය. ඒ කියන්නේ තිරයේ අඩංගු පික්සල් ප්‍රමාණයයි.  Full HD වර්ගයේදී මෙය 1920×1080 ප්‍රමාණයෙන් වන අතර HD වර්ගයේදී 1366×768 පමණ වෙනවා. 

6. Battery බැටරිය 

මෙයත් වැදගත් සාධකයක්. ඔයාලා බොහෝ විට ප්‍රධාන විදුලියෙන් ගලව ඉවත් කරගෙන කොහේ හෝ තියාගෙනයි ලැප්ටොප් එක බාවිතා කරන්නේ. ඇත්තටම ලැප්ටොප් එකන් අපි බලාපොරොත්තු වන්නේත් මේ දේම තමයි. ඉතින් මෙහෙම වැඩ කරන්න නම් වැඩි ආයු කාලයකින් සමන්විත බැටරියක් ලැප්ටොප් එකේ තියෙන්න ඕනේ. බලය රදවා ගන්න නම් ඒ තුල වැඩියෙන් කෝෂ cells පවතින්න ඕනේ. සාමානයෙන්  6 cells, 9 cells, 12 යනදී වශයෙන් මේවා මිලට ගන්න තියනවා. 

7. Additional Components අනෙකුත් උපකරණ 

  • USB 3.0
අලුත තාක්ශණය වන්නේ USB 3.0, දැනට බාවිතා වන USB 2.0 තාක්ශණයෙන් යුතු ලැප්ටොප් එකක් ගන්නවාට වඩා USB 3.0 බාවිතා කල හැකිද යන්න සොයා බලා ගන්න. එය USB 2.0 වඩා වේගවත්.


  • Optical Drive
හැම ලැප්ටොප් එකක් සමගම Optical Drive එකක් එහෙම නැත්නම් සිඩී ඩිවිඩී ධාවකයක් තියනවා. සාමානයෙන් DVD writer (DVD-RW), එහෙම නැත්නම් ඩිවිඩී ලියවිය හැකි ධාවකයන් තියනවාද කියලා සොයා බලන්න. අලුත්ම තාක්ශණය වන්නේ Blu-Ray. ඉතින් Blu-Ray ධාවකයක් තියනවා නම් ඉතාමත් වටිනවා.
  • Web Camera
බොහොමයක් ලැප්ටොප් සමග මේ වෙබ් කැමරාවක් දකින්න ලැබෙනවා. ඉතින් එහි ගුණාත්මක බවය මනින්නේ මෙගා ෆික්සල් ප්‍රමාණයෙන්. වැඩි මෙගා ෆික්සල්  ප්‍රමාණයක් සහිත් කැමරාවකින් හොද රූපයක් ලබාගන්න පුලුවන්. ඒ වගේම අදුරේ ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවද කියලත් හොයා බලන්න. (Night Vision)


  • Card Reader
Card Reader එකක අවශ්‍යතාවය ඔයාලට දැනුන අවස්තා ඕනේ තරම් ඇති. ඉතින් ලැප්ටොප් එකෙන්ම ඒ පහසුකමත් සලසා දෙනවා නම් ඉතාමත් වටිනවා නේද? 

  • Operating System
මෙහෙයුම් පද්දති කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් අද තියන එක නෙමෙයි හෙට. අලුත් එකකට මාරු වෙන්න හිතෙනව ඒක දැක්කාම. මගෙ නම් අදහස යාලුවා දාගෙන ඉන්නේ 7 මමත් දාගන්න ඕනේ එහෙනම් 7 කියන මතේ ඉන්න එපා. 7 වල වැඩ කරලා පුරුද්දක් නැත්නම් 7 දාගෙන නාගන්නේ මොකටද? තමන්ට හුරු මෙහෙයුම් පද්දතියක් දාගන්න. අපිට හැකියාව තියනවනේ තවත් මෙහෙයුම් පද්දති ඕනේ තරම් වර්චුවල් ආකාරයෙන් දාගන්න. ප්‍රදාන මෙහෙයුම් පද්දතිය තමන්ට් හුරු එකක් දාගන්න. ඉගෙන ගන්න ඕනේ එක වර්චුවල් විදියට දාගෙන ඉගෙන් ගන්න. අනික ජෙනුයින් ප්‍රශ්ණයි. මේකත් අපි මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක්. සල්ලි දීල මෙහෙයුම් පද්දතිය ගන්න පුලුවන් නම් ගැටලුවක් නෑ.

The Brand සන්නාමය 


සන්නාමය ජනප්‍රිය වෙන්න ලැප් එකේ මිලත් වැඩි. හොදම උදාහරණය MacBook Pro. නමුත් අපි ලැප් එකක් ගන්න යනවා නම් නමත් බලන්න ඕනේ. අඩු මිලට නමක් නැති එකක් අරන් වැඩ කරන්න බැරි නම් මොනවා කරන්නද? නම හොද නම් මිල වැඩි. නම හොද නම් බඩුත් හොදයි කියන මතේ මම ඉන්නවා. (හැම වෙලේම මේක හරි යන්නේ නෑ. සමහර හොද නම් තියන ලැප් වල එපා වෙන ලෙඩ මට ඕනේ තරම් හම්බෙලා තියනවා.) ඉතින් දැනට වෙලදපොලේ පවතින හොද සන්නාමයන් කීපයක් පහල තියනවා.

Asus
Dell
Sony
Toshiba
HP
Apple

ඉතින් මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන ඔයාලගේ සිහින ලැප්ටොප් එක ගන්න වෙලදපොලකට යන්න. සුබදවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Anonymous said...

patta postuwa... Niyamai aaa...

Anonymous said...

බොහෝම ස්තුතියි :)

Anonymous said...

වටිනා ලිපියක්.. මං තව කරුණක් කියන්නම්.....Business Laptop ගද්දි හුගක් වෙලාවට එකේ බැටරිය ගැන ඒ කියන්නේ වැඩි බලයක් තියන ඒ වගේම වර්ණය ගැනත් සැලකිලිමත් වෙන්න......

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive