සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 23 October 2012

Facebook Security Settings


අද වෙනකොට සමාජීය ජාල වෙබ් අඩවි නැත්නම් social networking sites කියන්නේ අපේ ජීවිතයේ කොටසක් බවට පත් උන දෙයක් වෙලා.පේස්බුක්, ටුවිටර්, ගූගල් + වෙනි වෙබ් අඩවි මේවා අතර වෙනවා.  දිනකට එක් වතාවක් වත් මේ ආකාරයේ සාමාජීය ජාල අඩවි වලට නොයන කෙනෙක් නැති තරම්. අන්තර්ජාලය බවිතා කරනවා නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම මේ ආකාරයේ වෙබ් අඩවි වල සාමාජිකත්වය දරනවා.ඉතින් මේ වෙබ් අඩවි වලිනුත් ඉතාමත් ජනප්‍රිය වන්නේ පේස්බුක් වෙබ් අඩවිය කියලා ඔයාලා කවුරුත් දන්නවා. ජනප්‍රියත්වය පසුපස නිරන්තරයෙන් ඇදී එන අනතුරුදායක බව මේ වෙබ් අඩවිය තුලත් අඩු වැඩි වශයෙන් පවතිනවා.


මේ වන විට මිලියන 900 පමණ ක්‍රියාකාරී පරිශීලක ගිණුම් පවතින බව පේස්බුක් අඩවිය කියනවා. 2004 දියත් උන මේ සමාජීය ජාල අඩවිය මේ වන විට ලෝකයේ ජන ජීවිත වලට කර ඇති බලපෑම විශාලයි. අපගේ පුද්ගලික තොරතුරු එකතු  කිරීම මේ වෙබ් අඩවි වලදී සිදු වෙනවා. මේවා ඕනේම කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයටත් බැලීමට නොහැකි ආකාරයටත් සෑදීමේ හැකියාව පවතිනවා. Cyber Criminal ඝණයට වැටෙන අපරාද බොහොමයක් සිදු වූයේ මේ ආකාරයේ සමාජීය ජාල වෙබ් අඩවි හරහා නිසා මේ ආකාරයේ වෙබ් අඩවි වලදී අපගේ අනන්‍යතාවය රැකගැනීමට අපට කලහැකි දේ ගැන පොඩි වැටහීමක් ලබාදීමටයි මේ උත්සාහය.  



මේ වෙනුවෙන් පේස්බුක් අඩවියේ පවතින සැකසුම් මොනවාද යන්න අපි බලමු. 


1. Account Settings - ගිණුමට අදාල සැකසුම් 

i. SSL Encryption
අන්තර්ජාලය තුලදී තොරතුරු සැගවීම Encryption කියලා සරලවම කියන්න පුලුවන්. අපි විවිද ආරක්ශණ නියමයන් බාවිතා වන ජාලවල සිට පේස්බුක් බාවිතා කරනවා නම් වඩාත්ම හොද මේ යෙදුම බාවිත කිරීමයි. ඉතින් මේ සැකසුම් සදා ගැනීමට මුලින්ම පේස්බුක් ගිණුමට ලොග් වෙන්න. ඊලගට Account Settings >  Security වලට යන්න. පහල රූපයේ ඊතල මගින් එයි පෙන්නනවා. ඊලගට Secure Browsing වල ක්ලික් කරන්න. දැනට එයි පවතින්නේ enabled ආකාරයෙන් නොවේද? එසේනම් Edit ක්ලික් කර එය enable කරන්න. 








ii. Login Notification
මේ සැකසුම සක්‍රීය කිරීමෙන් ඔබ පේස්බුක් ගිණුමට ලොග් උන පසු ඒ බව දන්වා ඔබගේ ඊමේල් ගිණුමට හෝ ජංගම දුරකතනයට මේල් එකක් හෝ මැසේජ් එකක් පේස්බුක් අඩවිය විසින්ම එවනු ලබයි. සැකසුම සදා ගැනීමට,  Account Settings>Security>Login Notification වලට යන්න.


එහි පවතින ඊමේල් හෝ මැසේජ් යන සැකසුම් දෙකෙන් එකක් හෝ දෙකම (ඔබේ ඕනෑකම පරිදි) සටහන් කර සුරක්ශිත කරන්න. 

2. Privacy Settings

මෙතනදී අපි මූලික වශයෙන් සිදු කරන්නේ අන් අය සමග බෙදා ගන්නා අපගේ පුද්ගලික තොරතුරු හෝ චායාරූප වීඩියෝ වැනි දේවල් අන් අයට දර්ශණය වීමේ සැකසුම් සෑදීමයි. මෙතනදී අපිට බාවිත කරන්න පුලුවන් සැකසුම් ගණනාවක්ම පවතිනවා. 

  • Public (හැමදෙනාටම බැලිය හැකි ආකාරයෙන්)
  • Friends (මිතුරන්ට පමණක් බැලිය හැකි ආකාරයෙන්)
  • Custom (මේ සැකසුම මගින් කාටද පෙන්නන්නේ කාටද නොපෙන්වන්නේ කියන එක අපිටම තීරණය කරන්න පුලුවන්)



i. How You Connect
මේ කොටසේදී ඔයාලගේ ඊමේල් ලිපිනය මොබයිල් පෝන් අංකය සහ පුද්ගලික තොරතුරු අනිත් අයට දර්ශණය වන ආකාරය පිලිබද සැකසුම් සදන්න පුලුවන්. කාටද මිතුරු ආරාධනා friend request  එවන්න පුලුවන්, කාටද මැසේජ් එවන්න පුලුවන් වගේ සැකසුම් මීට ඇතුලත්. ඉතින් මගේ අදහස නම් කිසිම අවස්තාවක ඔයාලගේ සියලුම පුද්ගලික තොරතුරු අන් අය අතර බෙදාගන්න එපා කියන එක. ඒක හරියට ලෝකයා ඉදිරියේ නිරුවත් උනා හා සමානයි. හැකර් කෙනෙක්ට ඉතාමත් පහසුයි ඔයාලගේ ඔක්කොම විස්තර ටික බලාගන්න මේක public ආකාරයෙන් තිබුනොත්. 


Edit Settings වලදී අපිට පහල රූපයේ ආකාරයෙන් දක්නට ලැබෙන සංවාද කොටුවක් ලැබෙනවා. එහි ඇති දේවල් වල සැකසුම් නිසි ආකාරයෙන් සදා Done කරන්න. 




ii. Timeline and Tagging
ටැග් කිරීම නොහොත් ඇමිණීම ප්‍රදාන වශයෙන් බාවිතා වන්නේ පොටෝස් සහ විඩියෝ වලටයි. ඕනේම කෙනෙකුට ඔබව පොටෝ එකකට හෝ විඩියෝ එකකට ටැග් කිරීමේ හැකියාව තිබෙන ලෙස මෙය public  ආකාරයෙන් තැබුවොත්, ඕනේම ජරා පොටෝ එකකට විඩියෝ එකකට ඔබව ටැග් වෙලා එය ඔබේ වෝල් එකේ ප්‍රදර්ශණය වේවි. ඒ නිසා මේ සැකසුම public  ආකාරයෙන් තියන්න එපා.


Edit Settings වලදී අපිට පහල රූපයේ ආකාරයෙන් දක්නට ලැබෙන සංවාද කොටුවක් ලැබෙනවා. එහි ඇති දේවල් වල සැකසුම් නිසි ආකාරයෙන් සදා Done කරන්න.


ඉතාමත් වටිනා යෙදුමක් මෙහිදි හමුවෙනවා. එ තමයි review the posts කියන යෙදුම. මෙය ඔෆ් ආකාරයෙන් තබන්න.








iii. Ads, Apps, Games and Websites
පේස්බුක් ඇප්ලිකේශන් වලට ඔබේ අනුමැතිය ලබාදීමේදී වඩාත්ම අවධානයෙන් ඒ දේ කරන්න ඕනේ. එතනදී මේ ඇප්ලිකේශන් වලට අපගේ පුද්ගලික තොරතුරු, මිතුරන්ගේ ලිස්ට් එක friend list වගේ දේවල් කෙලින්ම බාවිතා කිරීමේ හැකියාව අපි ලබදෙන බලතල මත ලැබෙනවා. බොහොමයක් හැකර්ස්ලා පේස්බුක් ගිණුම් හැක් කිරීමට මේ අකාරයේ ඇප්ලිකේශන් බාවිතා කරනවා. ඉතින් අපිට හැකියාව තියනවා මේ ඇප්ලිකේශන් වලට මොනවද බාවිතා කරන්න පුලුවන් කියන එක පිලිබද සැකසුම් හදන්න.



Edit වලට පිවිසුන පසු අපිට වෙනස්කම් රැසක් කිරීමේ හැකියාව ලැබෙනවා. 

a. Apps you use
වෙනස්කම් කිරීමට ඕනේ කරන ඇප්ලිකේශන් එක තෝරා  Edit Setting වලට යන්න. ඉනප්සු Edit වලදී මේවා ඉවත් කිරීම හෝ සැකසුම් සකස් කිරීම කරගන්න පුලුවන්.






පහත රූපයේ ඊතල මගින් පෙන්වා ඇති කොටස් බලන්න. මේ ඇප්ලිකේශන් එක ඉවත් කරන්න ඕනේ නම් Remove App ද, මේ ඇප්ලිකේශන් එක මගින් පෝස්ට් කරන ඒවා යන්නේ කාටද කියන එක Friends මගින්ද, ඇප්ලිකේශන් එක මගින් ලබාදෙන නොටිෆිකේශන් ලබාදිය යුත්තේ මොන ආකාරයෙන්ද යන සැකසුම් මෙහිදි සදාගන්න පුලුවන්.


b. How people bring your info to apps they use 
මේ මගින් ඔයාලගේ මිතුරන් ඇප්ලිකේශන් බාවිතයේදී ඔබට ඉන් වන බලපෑමට අදාල සැකසුම් සදාගන්න පුලුවන්. මොකද ඔයාලා යම් ඇප්ලිකේශන් එකක් බාවිතා නොකරනවා නමුත් ඔබේ මිතුරෙක් එය බාවිතා කරනවා. මිතුරාගේ සැකසුම් ඇත්තේ Public ආකාරයෙන්. ඒ කියන්නේ මිතුරාගේ friend list ඇප්ලිකේශන් එකට නිදහසේ බාවිතා කරන්න පුලුවන්. ඒ friend list එකේ ඔයා ඉන්නවනේ. ඉතින් අර ඇප්ලිකේශන් එකෙන් එන බලපෑමක් ඔයාටත් එන්න පුලුවන්. ඔයා නොදැනීම ඔයාගේ පුද්ගලික විස්තර වෙනත් කෙනෙක් බාවිතා කරන ඇප්ලිකේශන් එකකින් ලබාගන්නවා කියන්නේ මෙන්න මේ අවස්තාවට. 



ඉහල රූපයේ Edit Settings ගිය විට ලැබෙන පහල රූපය බලන්න. මේ සියල්ලම ටික් වෙලා තියනවා නම් බලන්න් ඔයාලගේ හැම දත්තයක්ම විවෘතයි නේද? දැක්කද අවදානම? මම නම් කියන්නේ මේ සියල්ලේම ටික් ඉවත් කරන්න කියලා. ඒ අනුව වක්‍රකාරව අපේ තොර්තුරු හොරා ගැනීමෙන් බේරෙන්න පුලුවන් 




c. Instant Personalization
Facebook website partners කියලා කොටසක් ඉන්නවා. එයාලා අපේ තොරතුරු රැස්කරගන්නවා එයාලගේ ප්‍රොමෝශන් වගේ දේවල් වලට. ඉතින් මේ තොරතුරු රැස්කිරීම නවත්තන්නත් සැකසුමක් තියනවා. දැනට  ඉන්න Facebook website partners ගැන විස්තරයක් පහල ලින්කුවෙන් බලාගන්න් පුලුවන්. 

https://www.facebook.com/instantpersonalization



මේ යෙදුම අක්‍රීය කිරීමට Edit Settings වලට ගොස් පහලම ඇති  Enable instant personalization on partner websites කියන එකට දාලා තියන ටික් එක අයින් කරන්න. 



d. Public search
දැනට බාවිත වන සෙවුම් යන්ත්‍ර වලින්  එහෙම නැත්නම් search engine වලින් ඔයාලගේ නම හරි ඊමේල් ලිපිනය හරි බාවිතා කරලා සෙවුමක් කලාම සාමානයෙන් නම් පේස්බුක් ගිණුම පෙන්නනවා. එය අවලංගු කරන තරමට හොදයි. 


පහල රූපයේ ආකාරයට Enable Public Search කියන ටික් එක අයින් කලාම කිසිම සෙවුම් යන්ත්‍රයකින් ඔයලගේ පේස්බුක් ගිණුම හොයන්න බැරුව යනවා. 



e. Ads
මේවා ඇත්තටම වදයක්. අයින් කරගන්න පුලුවන් පහල පියවරෙන්.


Edit Settings > Edit third party ad settings වලට යන්න. 


ඇඩ් පෙන්නන්න ඕනේ කොහොමද කියන සැකසුම පහල රූපයේ ආකාරයෙන් වෙනස් කරගන්න. No one තියන එක තමයි වඩාත් හොද.


iv. Limit the Audience for Past Posts
මේක පේස්බුක් සමග එන් අලුත් යෙදුමක්. ඔයාලගේ පරණ පෝස්ට් කීයක් යලුවන්ට හෝ වෙන අයට පෙන්නන්න ඕනැද කියන එක මේ මගින් සදාගන්න පුලුවන්. 



Limit Old Posts මගින් මේ සැකසුම සදාගන්න පුලුවන්. 




v. Block People and Apps
කරදරකාර මිතුරන් (මිතුරන් කියන්න බෑ නේද එහෙනම්) බ්ලොක් කරන්නත් හැකියාව තියනවා. ඒ වගේම ඇප්ලිකේශන් බ්ලොක් කිරීමේ හැකියාවත් පවතිනවා පහල රූපය බැලීමෙන් ඒ බව ඔයාලට අවබෝද කරගන්න පුලුවන්. 

ඉතින් මේ සැකසුම් සැදුවට පස්සෙ අපේ පේස්බුක් ගිණුම (මදක්) සුරක්ශිතයි කියන්න පුලුවන්. ඊට අමතරව, 

  • මුරපද හැකි අවස්තාවලදී මාරු කරන්න 
  • පේස්බුක් ලොග් වන් ඊමේල් ගිණුමේ මුරපදයම පේස්බුක් වලට බාවිතා කරන්න එපා 
  • අනවශයය ඇප්ලිකේශන් වලට පිවිසෙන්න එපා. 
  • අවශයම ඇප්ලිකේශන් එකකට පිවිසෙනවා නම් කලින් සටහන් කල සැකසුම් හදාගන්න අමතක කරන්න එපා. 
  • කරදරකාර පේස්බුක් පිටු පේස්බුක් වෙත වර්තා කිරීමේදී නිවැරදි පියවර අනුගමණය කර වර්තා කරන්න 
  • බ්‍රවුසරය මගින් මුරපද සුරක්ශිත කිරීමේ ක්‍රමය බාවිතා කිරීමට ඉඩ දෙන්න එපා. 
  • නිතරම දෙවැනි ඊමේල් ගිණුමක් පේස්බුක් වෙත එක්කර තියන්න 
  • පෝන් නම්බර් වැනි සැකසුම් වලට public දාන්න එපා. 
  • Mutual Friends එක්කෙනෙක්වත් නොමැති මිතුරු ඉල්ලීම් පිලිගැනීමේදී අදාල ගිණුම ගැන සොයා බලන්න 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive