සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 18 October 2012

Hard Drive Optimization

දෘඩ තැටියක් නොමැති පරිගණකයක්? මෙහෙම එකක් ගැන හිතාගන්න පුලුවන්ද? පරිගණකයේ මූලික කොටස් අතරින් දෘඩ තැටියට ප්‍රදාන තැනක් හිමි වෙනවා. දත්ත ගබඩා කිරීම් යන කරුණට භාවිත කරන මේ කොටස අද වෙනකොට තාක්ශනයන් දෙකකින් හදුනාගන්න පුලුවන්. ඒ  IDE සහ SATA යන වර්ග දෙකයි. දෘඩ තැටිය කරකැවීම මගින් එහි තැටි මත පවතින දත්තයන් කියවීමේ හා ලිවීමේ හිස මගින් උකහා ගන්නා අතර මේ කියවීමෙ හ ලිවීමේ වේගයන් ආකාර දෙකකින් පවතිනවා. ඒවා 7200rpm සහ 5400rpm ලෙසින් දක්වන්න පුලුවන්. rpm කියන්නේ Rotations per minute කියන එකයි. මුල් කාලයේ දෘඩ තැටියක දාරිතාවය මනිනු ලැබුවේ MB වලින් උනත් අද වෙනකොට TB වලින් එහෙම නැත්නම් ටෙරාබයිට් වලින් මනින තත්වයට දියුණු වෙලා. ඒ වගේම එහි තාක්ශණික වෙන්ස්කම් මගින් Solid State Drive නැත්නම් SSD උපාංගයන් දැන් ඉදිරිපත් වෙමින් පවතිනවා.

දෘඩ තැටියක් භාවිතයේදී අපිට බාවිතා කල හැකි නඩත්තු කිරීමේ ක්‍රමවේදයින් කීපයක් පවතිනවා. defragmentation, partitioning, වගේම සාමාන්‍යය පිරිසිදු කිරීමත් මේවා අතර පවතිනවා. නමුත් මේ මොන දේ කලත් දෘඩ තැටියක වේගය නම් අඩු මට්ටමකයි පවතින්නේ. ඉතින් මේ අඩු මට්ටමෙ පවතින වේගය වැඩි කර ගැනීම වෙනුවෙන් බාවිතා කල හැකි ක්‍රමවේදයන් පොදුවේ hard drive optimization ලෙසින් හදුන්වනවා. මේ මගින් දෘඩ තැටිය වෙත අතිරේක වේගයක් ලබා දෙනවා.

1. දෘඩ තැටිය කොටස් වලට බෙදා වෙන් කරන්න 

කොටස් වලට කැඩීම නැතිනම් partition කිරීම වඩාත්ම හොද නඩත්තු කිරීමේ ක්‍රමවේදයක් ලෙසයි හදුන්වන්නේ. partition කිරීම මගින් වින්ඩෝස් හෝ වෙනත් මෙහෙයුම් පද්දතියක පද්දති ගොනු එක කොටසකත් අනික් කොටස් වල පුද්ගලික දත්තත් රදවා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙහෙයුම් පද්දතිය මගින්ම සපයන පහසුකම් බාවිතයෙනුත් තෙවන් පාර්ශවීය මෘදුකාංග බාවිතයෙනුත් partition කර ගැනීමේ හැකියාව පවතිනවා. 

2. DEFRAGMENT භාවිතා කරන්න 

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මගින් ලබා  දෙන අනර්ග යෙදුමක් තමයි Disk Defragmenter කියන්නේ. ඒ වගේම් මේ ක්‍රියාවලිය කර ගන්න පුලුවන් තෙවන් පාරිශවීය මෘදුකාංග ඕනේ තරම් තියනවා. බාවිතා කිරීමට නොහැකි අයුරින් පවතින ඉඩ බාවිතා කිරීමට ඉඩ සලසා දීමයි මෙහි මූලික අරමුණ. මේ වෙනුවෙන් බාවිතා කරන තෙවන පාරිශවීය මෘදුකාංග කීපයක් පහල දක්වලා තියනවා 

5. MYDEFRAG

MyDefrag
මෙහි පෙනුම නම් කෙනෙකුගේ ඇසට ඒ තරම් ප්‍රිය නොවන්න පුලුවන්, නමුත් defragment වෙනුවෙන් බාවිතා වන හොදම මෘදුකාංගයක්. 

වැඩි විස්තර හා බාගත කර ගැනීම 

4. NORTON UTILITIES

norton_utilities
Norton සමාගම විසින් ඉදිරිපත් කරන defragmenting වෙනුවෙන් බාවිත කරන හොද මෘදුකාංගයක්. 

වැඩි විස්තර හා බාගත කර ගැනීම 

3. DEFRAGGLER

defraggler
වේගයෙන්  Defrag  කිරීමට් මෙයි බාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ඔබගේ දෘඩ තැටියේ සම්පූර්ණ සෞඛ්‍යය වාර්තාවක් මේ මගින් අවසානයේ ලබා දෙනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීම 

2. O&O DEFRAG

O&O Defrag
වැඩි විස්තර හා බාගත කර ගැනීම 

1. DISKEEPER

Diskeeperලෝකයේ අංක එකේ defragmentation මෘදුකාංගය ලෙසින් පිලිගන්නේ මේ මෘදුකාංගයයි.

වැඩි විස්තර හා බාගත කර ගැනීම
http://www.condusiv.com/


3. දෘඩ තැටිය පිරිසිදු කරන්න.



මෙතනදී අදහස් වන්නේ එය බාහිරින් පිස දමමින් කරන පිරිසිදු කිරීම නොවෙයි. ඇත්තටම දූවිලි බැදීම මගින් ඕනේම ඉලෙක්ට්‍රොනික උපකරණයක් කාලයක් යනවිට අකර්මන්‍ය වෙන්න පුලුවන්. ඒ වගේම තැටියේ පවතින බාවිතා නොකර දත්තයන්, Recycle Bin එකේ පවතින ගොනු, Temporary ආකාරයේ ගොනු සියල්ල ඉවත් කිරීමත් දෘඩ තැටියක් හොදින් බාවිත කිරීමේ පියවරක්.ඒ වෙනුවෙන් වින්ඩෝස් මගින් ලබාදෙන Disk cleanup වැනි වැඩසටහන් බාවිතා කල හැකියි


4. PAGEFILE වෙනුවෙන් වෙනම PARTITION එකක් හදන්න 

pagefile එකක් කියන්නේ පරිගණකයේ මෘදුකාංග බාවිතා වෙද්දී ඒවායේ තාවකාලික ගොනු රදවා තබ ගන්නා ස්තානයයි. සාමානයෙන් මේ තොර්තුරු රදවා තබ ගන්නේ පරිගණකයේ තාවකාලික මතකයේ. නමුත් මේ වෙනුවෙන් වෙනත් partition එකක් හදුන්වා දීමෙන් ඉතාමත් කාර්යක්ශමව පරිගණකයේ ක්‍රියාකාරීත්වයි පවත්වාගෙන යන්න පුලුවන්. මේ pagefile  එකේ පාත් එක් මාරු කරගන්න Control Panel-> System-> Advanced System Settings-> Advanced-> Performance-> Settings-> Advanced-> Virtual Memory-> Change කියන මාර්ගයෙන් හැකියාව් පවතිනවා.


5. DRIVE INDEXING අක්‍රීය කරන්න

ඇත්තටම indexation කියන්නේ දෘඩ තැටිය මගින් බාවිතා කරන හොදම මෙවලමක්. මෙය බාවිතා කරන්නේ සෙවීම් වලදී ඉක්මනින් සොයන දෙ ලබාදීමෙ පහසුව වෙනුවෙනුයි. නමුත් මෙය අනවශය අවස්තාවලදී නම් දෘඩ තැටියේ කියවීමේ හා ලිවීමේ වේගය අඩාල කරනවා. 

5.  HIBERNATION අක්‍රීය කරන්න 

hibernation
Hibernation අවස්තාවේදී පරිගණකයේ ක්‍රියාකාරී තත්වයේ පවතින සියලුම ගොනු වල තොරතුරු තාවකාලික මතකයේ තැම්පත් කිරීමක් කරමින් තාවකාලික මතකයට විදුලි බලය ලබාදෙමින් එය සුරක්ශිත කරගන්නවා.  ආයෙමත් අවශයය විටදී ඉක්මනින් පරිගණකය ක්ශනිකව බූට් කරලා දෙනවා නමුත් මෙහිදී පරිගණකයේ දෘඩ තැටිය නිරන්තර ක්‍රියාකාරීත්වයෙන් පවතිනවා. මේ ක්‍රියාවලිය අක්‍රීය කිරීමට ඩොස් මගින් powercfg.exe /hibernate off විදානය ලබාදීමෙන් හැකියාව පවතිනවා. 

ඉතින් මේ සියල්ල කරන්න් ඔනේ හොද දෘඩ තැටියකටයි. අපි කොහොමද හොද දෘඩ තැටියක් හොයාගන්නේ? 

අතුරුමුහුණත - අතුරුමුහුණත කියන්නේ දෘඩ තැටිය සම්බන්ද කරන සම්බ්න්දක වල වර්ගයයි. SATA, SATA II, SATA III ආකාර වලිනුත් IDE ආකාරයෙනුත් මේවා පවතිනවා. ඔබ දෘඩ තැටියක් මිලදී ගැනීමකදී ඔබගේ මවු පුවරුවේ සම්බන්දකයන් වලට ගැලපෙන දෘඩ තැටියක් තෝර ගැනීම ගැන අවදානය යොමු කරන්න ඕනේ. ඒ වගේම SATA II වලදී 1.5 GB/s දත්ත ලිවීමේ හා කියවීමේ වේගයක්ද SATA III වලදී 3 GB/s වේගයක්ද ඉදිරියේදී නිකුත් වන SATA III වලදී 6GB/s වඩා වැඩි වේගයක්ද ලබාගන්න පුලුවන්.
අවරෝධකය Buffer – buffer කියන්නේ cache partition එකටයි. මේ මත ඉතාමත් මෑතකදී බාවිතා කල දත්තයන් රැදී පවතිනවා.අද වනවිට 32MB සහ 64MB ප්‍රමාණයේ buffer ඉඩක් පවතින දෘඩ තැටි පවතිනවා. 
RPM – RPM කියන්නේ Rotations per minute කියන එකයි. එය වේගයන් දෙකකි පවතින බව අපි කලිනුත් කතා කලා. ඒ 7200 RPM සහ 5400 RPM ඒ වගේම් ඉදිරියේදී 10000 RPM වගේ ප්‍රමාණයේ දෘඩ තැටි නිකුත් වේවි. ඒවා gaming hard drives ලෙසයි හදුන්වන්නේ.
ප්‍රමාණය Size – ප්‍රමාණය කියන්නේ දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණය. එහෙම නැත්නම් ඉඩ ප්‍රමාණය. අද වනවිට මෙය මනිනු ලබන්නේ TB වලින්. නමුත් බාවිතා කරන පරිගණකයේත් මෙහෙයුම් පද්දතියේත් අවශයතාවන් මත ඉඩ ප්‍රමාණය තෝරා ගන්න ඕනේ. p4 වර්ගයේ පරිගණකයකට 1TB දෘඩ තැටියක් සම්බන්ද කිරීමෙන් ඵලක් නෑ. 
රේඩ්ස් RAID – රේඩ්ස් කියන්නේ Redundant Arrays of Independent Disks කියන එකයි. මෙහිදී දෘඩ් තැටි කීපයක් එක් වී එක දෘඩ තැටියක් නිර්මාණය වෙනවා. දත්ත උපස්ත කිරීමට සර්වර් පරිගණක වල මේවා බාවිතා වෙනවා
Form Factor – form factor කියන්නේ දෘඩ තැටියේ පෙනෙනෙ විශාලත්වය. සාමානයෙන් මෙය 3.5` වෙනවා. ලෙප්ටොප් වලට බාවිතා වන්නේ 2.5`ප්‍රමාණයෙන්

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive