සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 21 October 2012

View Security Cameras All Around the World


ආරක්ශිත කැමරා බාවිතය අද ඉතාමත් වේගයෙන් පැතිරෙන දෙයක්. ආයතන මාර්ග සුපිරි වෙලදසැල් වගේ හැමතනකම මේ ආකාරයෙන් කැමරා සවි කරලා තියනවා. ඉතින් කාගේ අහේතුවකටද මන්දා මේවායේ ආරක්ශිත තත්වය නම් ඉතාමත් පහල තත්වයක තියෙන්නෙ. හැම එකක්ම නොවුනත් ලෝකයේ පවතින ආරක්ශිත කැමරා වලින් අඩක්ම අනාරක්ශිතයි. ඉතින් ඉතාමත් සරල ක්‍රියාකාරකමකින් අපිට හැකියාව තියනවා යුරෝපයේ ආසියාවේ ඇමරිකාවේ වගේම සීතල ඇන්ටාක්ටිකාවේත් පවතින අනාරක්ශිත ආරක්ශිත කැමරා වලට අපේ වෙබ් බ්‍රවුසරය හරහා රිංගන්න. එතනදී real-time stream ඒ කියන්නේ මේ වෙලේ වෙන දේවල් ඒ ආකාරයෙන බලා ගැනීමේ හැකියාවත් මෙ කැමරා මවුසය මගින් පාලනය කිරීමේ හැකියාවත් අපිට ලබාගන්න පුලුවන්.

මුලින්ම Google වෙබ් අඩවියට යන්න. ඊලගට එහි පහල කේත් කොටසින් එකක්  ඉතාමත් නිවැරදිව සටහන් කර සෙවුමක් කරන්න.


inurl:"ViewerFrame?Mode="

හෝ 

inurl:view/view.shtml
එහිදී අපිට දැකගන්න පුලුවන් වෙබ් අඩවි ලින්කු ගනනාවක්ම. මේ සියල්ලම ලෝකයේ කොහේ හෝ තිබෙන CCTV security කැමරාවක වෙබ් පිටුවේ ලිපිනයක්.


මං මේ පහලින් දාලා තියෙන රූපයේ තියෙන්නේ ඒ විදියට මට හම්බුන කැමරාවක්. කොහෙදෝ මංදා වරායක් .. 


ඉතින් මේකේ තියන ඒව එහෙට මෙහෙට කරලා අපිට  හතර වටේ  බලන්න පුලුවන්. නමුත් එක  කැමරාවක වැඩි වෙලා රැදී ඉන්න එපා කියලා අවවාද කරන්නත් ඔන්න මං අමතක කරන්නේ නෑ.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive