සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 7 October 2012

Assign IP Address in Windows XP,7,Ubuntu

පරිගණක ජාල කරණයේදී අපිට අනිවාර්යයෙන් බාවිතා කරන්න වෙන දෙයක් තමයි IP ලිපිනය කියන්නේ. පරිගණක දෙකක් හෝ දෙකට  වඩා වැඩි ගණනක් ජාලගත වෙන සෑම අවස්තාවකදීම IP ලිපින බාවිතයෙන් පරිගණක අදුනා ගැනීමේ පහසුව මෙන්ම පරිගණක ආරක්ශා කිරීමේ පහසුවත් ලැබෙනවා. ඉතින් එක් එක් මෙහෙයුම් පද්දති වල මේ IP ලිපිනය පරිගණකයට එක් කිරිමේ ආකාරයන් වෙනස් වෙනවා. ඉතින් මේ ලිපියෙන් මං බලාපොරොත්තු වනේ එක් එක මෙහෙයුම් පද්දති වලදී සරලව IP ලිපිනය වෙනස් කරගන්නා ආකාරය පැහැදිලි කිරීමයි. 


Windows XP

Start මෙනුව මත ක්ලික් කරන්න.ඉන් පසුව My Network Places මත right ක්ලික් කරන්න.Properties තෝරන්න.IP ලිපිනය වෙනස් කිරීමට ඕනේ කරන connection එක තෝරා right ක්ලික් කරන්න. Properties තෝරන්න.Internet Protocol (TCP/IP) යන්න තෝරන්න.පහලින් පවතින Properties තෝරන්න.ඉන්පසුව ලැබෙන සංවාද කොටුවේදී අපිට ඕනේ කරන IP ලිපින එකතු කරගන්න පුලුවන්. 

























Windows Vista

sshot-2010-06-06-[02-26-14]

Manage network connections තෝරන්න .

sshot-2010-06-06-[02-28-30]

Properties වලට යන්න .

sshot-2010-06-06-[02-48-53]

Internet Protocol Version 4 (TCP/IPv4)

sshot-2010-06-06-[02-49-46]
sshot-2010-06-06-[02-51-04]

Windows 7

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේදී ආකාරයන් කීපයකින්ම අපිට
IP ලිපිනය වෙනස් කරගන්න හැකියාව තියනවා. මුලින්ම Start Menu එක තුලදී
network and sharing ලෙසින් ටයිප් කරන්න. එවිට පහල රූපයේ ආකාරයෙන් Network and Sharing Center දකින්න ලැබෙයි. එය තෝරන්න.

1start menu 

ඉන්පසුව Change adapter settings තෝරන්න.

2adapter

IP ලිපිනය වෙනස් කිරීමට ඕනේ කරන සබදතවය මත Right කර Properties ලබාගන්න.

3local area connection

ඉන් පසුව Local Area Connection Properties දකින්න ලැබෙනවා. එහි ඇති
Internet Protocol Version 4 (TCP/IPv4) තෝරා පහලා ඇති Properties තෝරන්න.

4properties

එතනදී Use the following IP address කියනකොටස ටික් කිරීමෙන් පසුව අපිට කැමති
ආකාරයෙන් IP ලිපිනය ලබාදිමක් කරගන්න පුලුවන්.

5entersettings

Ubuntu 10.04

වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට බෙහෙවින් වෙනස් ආකාරයෙනුයි උබුන්ටු මෙහෙයුම්
පද්දතියේදී IP ලිපිනයන් එක් කිරීම කරන්න තියෙන්නෙ. පහල මාර්ගයේ යන්න.
System \ Preferences \ Network Connections.

1whslinux2

රැහැන් සහිත හා රහිත ආකාර දෙකටම මේ ස්තානයේදී IP ලිපිනයන් ලබාදෙන්න පුලුවන්.
eth0 ක්ලික් කර Edit ක්ලික් කරන්න.

IPv4 settings ටැබ් එකට යන්න. එතනදී Method කියන එක Manual ලෙසින්
වෙනස් කරන්න. ඉන්පසුව Add button එක ක්ලික් කරන්න. ඉන්පසුව IP ලිපිනයන්
ටයිප් කරන්න. Apply ක්ලික් කරන්න.

මේ IP ලිපිනයන් මෙහෙයුම් පද්දතියට එක් කිරීමට පරිගණකයේ ඇඩ්මින් මුරපදය
ලබාදිය යුතු වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive