සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 16 October 2012

Best Remote Desktop Sharing Tools for Windows, Mac & Mobiles

මුල් කාලයේ පරිගණකය නිර්මාණය කරන්න දායක උන බොහොමයක් දෙනා අද වෙනකොට ජීවතුන් අතරත් නෑ. ඔවුන්ගේ හිස් වල් ඉපදුන මුල් බීජයන්ට පණ දෙමින් කාලයිත් එක්ක සීඝ්‍රයෙන් පරිගණක තාක්ශණය දියුණු උනා. මිනිසාගේ පවතින නොසංසිදෙන "සොයා යාමේ උනන්දුව" නිසාම ලෝකයට ඉදිරිපත් උන නව නිර්මාණයන් ප්‍රමාණය අති මහත්. පරිගණකය සොයාගෙන් නොනැවතුන මිනිසා ඒවා දෙකක් එකට සම්බන්ද කරන්න උත්සාහා කලා. ජාලකරණයේ ආරම්භය සිදු උනේ ඒ ආකාරයෙන්. ඉන්පසුව ආයතනයක්, නගරයක්, රටක් එකම ජාලයක් ලෙසත් අවසානයේ විශ්ව විසිරි වියමනින් බැදී ගියා. ඉතින් මේ අපි ජීවත් වන්නේ අන්තර්ජාල යුගයේ.. මේ යුගය තුලදී අන්තර්ජාලයෙන් තොර ලොවක් සිතීමටවත් නොහැකි වී වී තිබෙනවා. ඉතින් පරිගණකයක අතුරුමුහුණත් වෙනත් පරිගණකයකින් ලබාගෙන පරිගණකය හැසිරවීම නොහොත් Remote Desktop Sharing කියන අලුත් පහසුකමත් මේ අන්තර්ජාලය තුලින්ම නිර්මාණය උන දෙයක්.

මේ මගින් ලෝකයේ කොහේ හෝ තිබෙන පරිගණකයක් තමන්ගේ පරිගණකයෙන් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කල තෙවන පාර්ශවීම මෘදුකාංගයන් ඕනේ තරම් හොයාගන්න පුලුවන්. මේ කියන්න යන්නේ එවැනි මෘදුකාංග වලිනුත් වඩා කාර්යක්ශම විශ්වාසනීය මෘදුකාංගයන් කීපයක් ගැනයි.

වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට අදාලව 

1. Team Viewer

team-viewer
ලෝකයේ අංක එකේ Remote Desktop Sharing මෘදුකාංගය වන්නේ ටීම් විවර් මෘදුකාංගයයි. මේ මගින් ගොනු හුවමාරුව වගේ දේවල් සාර්ථකව කර ගැනීමේ හැකියාවත් පවතිනවා. මේ මෘදුකාංගය බාවිතා කිරීමට වින්ඩෝස් ෆයර් වෝලයෙන් බාදාවක් නෑ. එය තමයි මෙහි පවතින වඩාත්ම වැදගත් කරුණ. ඒ වගේම බාවිතයේදී අඩු  bandwidth එකක් තිබුණත් ඔයාලගේ සබදතාවය dial-up connections ආකාරයේ එකක් උනත්, ඉතාමත් හොදින් බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
2. Skype
skype
ලෝකයේ බොහෝ දෙනා මුහුණට මුහුණ බලාගෙන අන්තර්ජාලය හරහා සංවාදයේ යෙදීමට බාවිත කරන කදිම මෘදුකාංගයක් තමයි මේක. නමුත් මේ හරහා Instant messaging, file transfer, video calls වගේ හැමදෙයක් ම කරන්න පුලුවන්. මෑතකදී Microsoft සමාගම විසින් මෙහි කොටස් මිලදී ගත්තා. ඒ මෙහි පවතින් ජනප්‍රිය භාවය නිසාමයි. ඒ වගේම මෙය ඕනේම මෙහෙයුම් පද්දතියක් සමග කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. (Windows, Mac, Linux, Mobile), ඊටත් වඩා වටින්නේ මෙය නොමිලේ දෙන සේවාවක් වීමයි. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
http://www.skype.com/intl/en/home
මේ මෘදුකාංගය මගින් එක දිගට පැය 6 කට වඩා දීර්ඝ සංවාදයන් වලට අවස්තාව ලබා දෙනවා. විඩියෝ කම්පරන්ස් වලට බාවිතා කරනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
https://join.me/
4. Vyew
vyew
මෙය මෘදුකාංගයක් නෙමෙයි.වෙබ් බ්‍රවුසරය මගින් පරිගනක වලට සම්බන්ද වීම වෙනුවෙන් බාවිතා කරන යෙදවුමක්. මෙය   Windows, Mac, Linux කියන මෙහෙයුම් පද්දති වලදී ගොනු හුවමාරුව වෙනුවෙන් සහය දක්වනවා. (PowePoints, images, videos, mp3’s හෝ flash files).

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
 http://vyew.com/s/
CrossLoop
පරිගණක වෙත මාර්ගගතව එහෙම නැත්නම් online ආකාරයෙන් සහය දැක්වීමට බාවිත කරන්න පුලුවන්.මෙය බාෂාවන් 20 රටවල් 188 බාවිතා වන සේවාවක්. මෙහිදී ඕනේම කෙනෙකුට ඕනේම කෙනෙක්ගෙන් උදවු ඉල්ලන්න පුලුවන් වගේම උදවු සැපයීම වෙනුවෙන් පලපුරුදු අය නිතරම මේ හා ලෝකය පුරාම සම්බන්ධ වෙලා ඉන්නවා උදවු ඉල්ලීමකදී ඔබේ පරිගණකයට ලොග් වී එය ඉටු කරදීම ඔවුන්ට ඉතාමත් පහසු කරුණක්. නොමිලේ දෙන සේවාවක්. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
http://www.crossloop.com/
6. SkyFex
skyfex
මෙයත් වෙබ් අඩවිය හරහා සම්බන්ද වීමේ යෙදුමක්. මෙහි තියන විශේෂය වන්නේ  SSL ගණයේ encryption භාවිතා කිරීමයි. මේ තුලින් පරිගණක වල ආරක්ශාව තහවුරු කරනවා. ආරක්ශිත ආකාරයේ Remote Desktop Sharing එකකට හොදම වෙබ් අඩවියක්  

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 

Mac මෙහෙයුම් පද්දතියට අදාලව

1. Jing
jing
ලිනක්ස් පාදක මෘදුකාංගයක් වන මෙය මගින් මැක් පරිගණක අතර පමණක් සම්බන්ද වීමෙ පහසුකම ලබාදෙනවා. මේ මගින් screenshots ගැනීම මෙන්ම අදාල පරිගණකයේ ඩෙස්ක්ටොප් එක video කර ගැනීමටත් අවස්තාව ලබා දෙනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
http://www.techsmith.com/jing.html
2. Yuuguu
yuuguu
ඉතාමත් උසස් ආකාරයෙන් screen sharing කිරීම සදහා බාවිතා වෙනවා. ඒ වගේම මෙහි ඇති අනෙක් පහසුකම වන්නේ මෙය පරිගණකයට ස්තාපිත කිරීමක් කරන්න ඕනේ නෑ. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
https://www.yuuguu.com/s/home
මෙය මැක් පරිගණක වල බාවිත කලත් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිකින් යුතු පරිගණකයටක Remote Desktop Sharing මගින් ලොග් වීමට බාවිතා කල හැකි හොදම මෘදුකාංගයක්. මේ මගින් p2p ප්‍රොටෝකෝලය බාවිතා කරනවා.

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
4. Mikogo
මේ මගින් screen sharing සහ chat පහසුකම් දෙකම ලබාදෙනවා. මෙය technical support, business meetings  සහ presentations වගේම ඉගැන්වීමේදීත් බාවිත කරනවා. ඒ වගේම් එකම පරිගණකයේ ඩෙස්ක්ටොපය පරිගණක කීපයකට ශෙයාර් කරදීමේ හැකියාවත් මෙයට පවතිනවා 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
http://www.mikogo.com/
anymeeting
මේ මෘදුකාංගයත් පරිගණකයට ස්තාපිත කිරීමට ඕනෑ වෙන්නෙ නෑ විශේෂ හැකියාවක් වන්නේ මේ මගින් පරිගණක 200 වඩා වැඩි ප්‍රමාණයක ඩෙක්ස්ටොපයන් එකට ශෙයාර් කරදීමයි 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 

ජංගම දුරකතන වලට 

show-my-pc
Show My PC කියන්නේ ඉතාමත් සරල මෘදුකාංගයක්. ඒ උනත් ඔයාලගේ ජංගම දුරකතනය හරහා පරිගණකයේ ඩෙක්ස්ටොප් එක ලබා ගැනීමේ හැකියාව මීට පවතිනවා. විශේෂයෙන් online meetings සහ remote support වලදී මේ මෘදුකාංගය ඉතාමත් ප්‍රොයේජනවත්. Windows, Mac, Linux සහ Android කියන මෙහෙයුම් පද්දති වලදී සාර්ථකව් මෙය ක්‍රියාත්මක වෙනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
http://showmypc.com/
2. Webex
webex
Android මෙහෙයුම් පද්දතිය මත දුවන හොද මෘදුකාංගයක් තමයි Webex කියන්නේ. සිස්කෝ සමාගමේ නිපැයුමක් වන මෙය ආරක්ශාව අතින් ඉතාමත් ඉහලින් ඉන්නවා. මේ මෘදුකාංගයේ තේමා පාඨය වන්නේ “time is money” කියන එක.

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
3. Remotix
remotix
Android වගේම iOS සංස්කරණයන් වලදී ඉතාමත් හොදින් ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මෙය.multi-touch පහසුකම ලබාදීමේ හැකියාවත් මෙයට පවතිනවා

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 

  iPhone, iPad වලට 

1. Join Me
Join Me
ලියපදිංචි වීමක් හෝ ස්තාපිත කිරීමක් මෙ මෘදුකාංගයට අවශ්‍යය වන්නෙ නෑ. ඕනේම කෙනෙකුට ඕනේම තැනක බාවිතා කිරීමේ හැකියාව තියනවා. Windows, iPad/iPhone සහ Android වලදී බාවිතා කරන්න පුලුවන්. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
https://join.me/
iPad වෙනුවෙන් බාවිත කල හැකි මෘදුකාංගයක්. මෙහිදී ජාලයේ පවතින ප්‍රින්ටරයන් පවා මෙ හරහා බාවිතා කිරීමේ හැකියාව් පවතිනවා. අනිකුත්  iOS devices සමග screen  හුවමාරු කර ගැනීම, print කිරීමේ හැකියාව, faxes යැවීමේ හැකියාව වගේ දේවලුත් මීට ඇතුලත්.  

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 
idemo
Steve Jobs ගැන ඔයාල කවුරුත් දන්නවා. මෙතුමා iPhone එක හරහා presentations කරනවා ඔයාලා දැකලා තියනවාද? මේ තියෙන්නෙ ඒ සදහා බාවිත කල මෘදුකාංගය. iPhone හෝ iPad එක හරහ පරිගණකයේ සියලුම ක්‍රියාකාරකම් මේ මගින් පාලනය කරන්න පුලුවන්.Wi-Fi සබදතාවයන් වලටත් සහය දක්වනවා. 

වැඩි විස්තර හා බාගත කර ගැනීමට 

ඔන්න ඉතින් ලෝකයේ දැනට් බාවිතා වන හොදම Remote Desktop Sharing මෘදුකාංග එකතුව මේ විදියට ඉදිරිපත් කලා. ඒ වගේම අපි ඉස්සරලාම කතා කල ටීම් විවර් මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියත් සමග එකතු වෙලා  ඇන්ඩ්‍රොයිඩ් වල් දුවන ටීම් විවර්  සංකරණයක් එලිදැක්වුවා. ඒ ගැන වැඩි විස්තර මෙතනින් දැනගන්න.  සුබ දවසක්...!

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Sampath said...

hoya hoya unne.. thanks aiya

Amila sampath vijedasa said...

phone eken pc eka access karana eka nam niyamayi. mama test kala htc phone ekath ekka. sirawata wada.. thanks

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive