සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 14 October 2012

Troubleshoot Performance Problems in Windows 7

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය කියන්නේ අලුත් දේවල් බොහොමයක් ලබාදුන්න මෙහෙයුම් පද්දතියක්. වින්ඩෝස් xp වල නොතිබුණ බොහොමයක් නව නිපැයුම් මෙහි අඩංගු වෙනවා වගේම බොහොමයක් දෙනා මේවාගේ ඇති පහසුකම් බාවිතා කරන්නේ නම් නෑ. ඉතින් වින්ඩෝස් 7 සමග එන දෝෂ හදුනා ගැනීම හා ඒවා සමනය කිරීමේ වැඩසටහන් කීපයක් ගැන කියල දෙන්නයි මේ සූදානම.

Advanced System Tools

ඉතාමත් අනර්ග ක්‍රියාකාරීත්වයෙන් යුතු පද්දති උපයෝගිතා එහෙම නැත්නම් system utilities ගණනාවක්ම අපිට වින්ඩෝස් 7 සමග හමුවෙනවා. ඒවා එකම තැනකදී බලාගන්න් හැකියාවත් තියනවා. මුලින්ම පහල රූපයේ ආකාරයට performance info ලෙසින් නිවැරදිව Start මෙනුවේ ටයිප් කර Enter කරන්න. ඒ වගේම Control Panel >All Control Panel Items > Performance Information and Tools >Advanced Tools කියන මාර්ගයෙනුත් මෙතෙන්ට යන්න පුලුවන්.
 

Performance Information ටූල් එක විවෘත වන අතර එහි ඇති Advanced Tools ක්ලික් කරන්න.

















ඉතින් මේ විදානය ක්‍රියාත්මක කල පසුව පහල රූපයේ ආකාරයෙන් ටූල් ලිස්ට් එකක් දකින්න ලැබේවි.

ඉතින් මෙහි ඉහලින්ම දැනටත් පද්දතියේ කිසියම් ගැටලුවක් තියනවා නම් පහල රූපයේ ආකාරයෙන් කහ පැහැයෙන් එය දක්වනවා. අදාල ලින්කුව මත ක්ලික් කිරීමෙන් ඒ පිලිබද වැඩිදුර විස්තර බලාගන්න වගේම
එයට කල යුතු පිලියම් මොනවාද යන්නත් බලාගන්න් පුලුවන්. 

ඉතින් අපි බලමු මෙහි ඇති වැදගත් ටූල් මොනවද කියලා. Even Viewer කියන්නේ මේ තුල ඇති වැදගත්ම 
ටූල් එකක්. මේ මගින් අපිට නොපෙන ආකාරයෙන් පද්දතිය තුල සිදුවෙන සියලුම ක්‍රියාකාරකම් සටහන් තබාගන්නවා මෙය පරිගණකයක් අක්‍රීය වී ඇති අවස්තාවකදී එහි පවතින් දෝෂය අදුනා ගැනීමට 
බෙහෙවින් උපකාර වෙනවා. 

මෙහි පවතින Resource Monitor කියන වැඩසටහන පෙර වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලත් පවතින Task Manager ටූලයට සමානයි. නමුත් ඊට වඩා වැඩි විස්තර ප්‍රමාණයක් මෙහි අඩංගු වෙනවා ඒවා අතර system’s memory, processor, disk usage, සහ network activity දක්වන්න පුලුවන්. 

































ඒ වගේම ඉතාමත් හොද ප්‍රොයෝජනවත් ටූල්  එකක් තමයි system health report කියන්නෙ. මේ මගින් 
පරිගණක පද්දතියේම සෞඛ්‍යය තත්වය පිලිබද වඩා වටිනා සහතිකයක් බලාගන්න පුලුවන්.


මේ යෙදවුම ක්‍රියාත්මක කර සුලු වේලාවක් රැදී ඉන්න ඕනේ. පහල රූපයේ මෙන් තොරතුරු 
ලබා ගැනීමක් සිදු වෙනවා.

අවසානයේ පරිගණකය පිලිබද සවිතර වර්තාවක් මින් ලැබෙනවා. පරිගණකයේ සියලුම විස්තර 
මීට ඇතුලත්.

ඒ වගේම මෙහි තියන අනෙක් පහසුකම් තමයි මේ system health report  එක් HTML ආකාරයෙන් 
සුරක්ශිත කිරීමේ හැකියාව. පරිගණක විශාල සංඛ්‍යාවක් පවතින් පරිගණක ජාලයක සියලුම system 
health report  මේ ආකාරයෙන් සුරක්ශිත කරගෙන ඒ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර 
ගැනීම තුලින් අභ්‍යන්තර ජාලයක් තුලදී (intranet) පහසුවෙන් පරිගණක තොරතුරු ලබා ගැනීමේ 
පහසුව ලැබෙනවා.
ඉතින් මෙහෙයුම් පද්දතියක් උඩින් උඩින් බාවිතා කරනවාට වඩා එහි අභ්‍යන්තරයට ටිකක් හෝ රිංගන්න 
උත්සාහා කරන්න. මෙවැනි යෙදවුම් බාවිතා කරන්න හුරු වෙන්න. තෙවන පාර්ශවීය මෘදුකාංග මතම 
යැපෙන්න එපා මෙය පරිගණකයටත් පරිගණකය බාවිතා කරන ඔබටත් නව අත්දැකීමක් වෙයි. කරලම 
බලන්න සුභ දවසක්...! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

aiye dan kohomada me hoyagaththu problm hadaganny

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive