සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 11 October 2012

Bluetooth PAN

අද වෙනකොට පරිගණක ජාල නිර්මානය කිරීමට
 එක් එක් ආකාරයේ ක්‍රමවේදයන් බාවිතා වෙනවා.
රැහැන් රහිත ආකාරයෙන් බාවිත කරන ඇක්සෙක්ස්
පොයින්ට් වගේම රැහැන් සහිත ජාලත් අපි අවට
ඕනේ තරම් පවතිනවා. මේ කියන්න යන්නේ
බ්ලූටූත් බාවිත කරලා පරිගණක ජාලයක් නිර්මාණය
කරගනා ආකාරයයි.

මොනවා බාවිතා කලත් අපි ජාලයකින් බලාපොරොත්තු
වන පහසුකක් කීපයක් තියනවා. එකක් වේගවත් බව.
අනික විශ්වාසනීයත්වය එහෙම නැත්නම්
ආරක්ශාව. ඉතින් මේ Bluetooth PAN එකක තියන අඩුපාඩුව තමයි මෙහි වේගවත් බාවය.
 අඩු වේගයකින් යුක්තයි. රැහැන් රහිත ජාලයකදී මෙන්
ආරක්ශිත උපායමාරගයන් බාවිතයේත් යම් අපහසු බවක් තියනවා.
නමුත් ඉදිරි කාලයේදී මේවා මගහැරී Bluetooth PAN කියන තාක්ශණය
ඉදිරියට ඒවි.

හොදයි, අපි එහෙනම් පරිගනක 2කක් බාවිතා කරලා Bluetooth Personal
Area Network  එකක් හදලා බලමු. මුලින්ම පරිගණක දෙක් නම්
කරගන්න ඕනේ. ඒක කරන හැටි ඔයාලා දන්නවනේ. My Computer රයිට්
ක්ලික් කරලා Properties ගන්න. ඒකේ තියන Computer Name යටතේ
පරිගණක දෙකම අදුනාගත හැකි ආකාරයෙන් නම් කරන්න







පරිගණක දෙකේම මේ ආකාරයෙන් වෙනස් කරගන්න වෙනවා ඉන්

පසුව පරිගණක දෙකටම Bluetooth ඩොංගලය බැගින් සම්බ්න්ද කරන්න.
 පහල රූපයේ දක්වලා තියනව ආකාරයන් දෙකක Bluetooth ඩොංගල් 
දෙකක්. මීට වඩා වෙනස් ආකාරයේ ඒවාත් වෙලදපොලේ පවතිනවා.


මේවා පරිගණකයට සම්බ්න්ද කල පසුව පරිගණකයට නිසි ආකාරයෙන් 
සම්බ්න්ද උනාද බලන්න අපිට පුලුවන් Device Manager වලින් 
බලාගන්න. පහල රූපයේ ආකාරයට පරිගණක දෙකේම බලාගන්න
 හැකියාව තියනවා.





අපි මේ ආකාරයෙන් අපි Bluetooth ඩොන්ගලයන් සම්බන්ද කල 
පසුව එවා Bluetooth Network Connection ආකාරයෙන් අදුනා ගන්නවා.
 පහල රූපයේ බලන්න.






මේ ආකාරයෙන් අදුනාගත් පසුව අපිට හැකියාව් තියනවා Personal 
Area Network එකේ සැකසුම් සකස් කරන්න එක් පරිගණකයක 
පමණක් මුලින්ම ටාස්ක් බාරයේ ඇති Bluetooth අයිකනය මත 
රයිට්  ක්ලික් කරන්න. service Properties තෝරන්න. .




එතන පවතින Pan Networking Service කියන එක තෝරන්න.


ඉන්පසුව අනෙක් පරිගණකයේ ටාස්ක් බාරයේ ඇති Bluetooth 
අයිකනය මත රයිට් ක්ලික් කරන්න. එහි පවතින "Join a Personal 
Area Network" ක්ලික් කරන්න.



මේකම අපිට පහල රූපයේ ආකාරයෙනුත් කරගන්න පුලුවන්.
Network Connections වලට යන්න. right-click කරලා  
"View Bluetooth Network Devices" තෝරන්න.



ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අපිට Bluetooth 
උපකරණ පරිගණකයට  එකතු කරගැනීමට සංවාද කොටුවක් 
පෙන්නනවා. එහි ඇති  Add ක්ලික් කරන්න.



ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අනෙක් පරිගණකය සම්බන්ද 
කරගැනීමට එ පරිගණකය සෙවීමක් කරන්න අවස්තාව ලබා දෙනවා. 
මේ වෙනුවෙන් "My device is set up and ready to be found" ක්ලික් 
කර Next කරන්න.



අනෙක් පරිගණකය සොයන අවස්තාව පෙන්නනවා


අනෙක් පරිගණකය පහල රූපයේ ආකාරයෙන් පෙන්නයි. මුලින්ම 
අපි පරිගණක දෙක නම් කලේ මෙතනදී අදුනා ගැනීමේ පහසුව පිණිසයි. 



ඉන්පසුව පරිගනකය තෝරා Next කරන්න. ඊලග පියවරේදී අපිට මුරපදයක් ලබාදී
සම්බන්ද වන්න පුලුවන්. නැත්නම් පරිගණකය විසින්ම ලබාදෙන් මුරපදයක්
ලබාදෙන්න පුලුවන්. මෙතනදී බාවිතා කරන්නෙ පරිගණකය විසින් ලබා දෙන මුරපදයක්.



ඉන්පසුව අපිට මුරපදය පහල රූපයේ ආකාරයෙන් පෙන්නනවා.



ඉන්පසුව අනිත් පරිගණකයට යන්න. එතනදී ඔයාලට පෙනෙයි මුරපදයක්
ඉදිරිපත් කරන්න සංවාද කොටුවක් ලැබැයි. එයට කලින් පියවරේ පෙන්නුම් කරන
මුරපදය ලබාදෙන්න



ඉන්පසුව Finish කරන්න.





ඉතින් පරිගණක දෙක අදුනාගත් පසුව පහල රූපයේ ආකාරයෙන්
ජාලයක් නිර්මාණයි උන බව දක්වමින් පණිවිඩ ලබාදෙයි.





පරිගණක දෙකේම Local Area Connection බැලූ විට
පරිගණක දෙක අතර දත්ත හුවමරු වන බව දෙකින්න ලැබෙයි.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive