ජංගම දුරකතනය හරහා වෙනත් ඕනේම රටක ඉන්න කෙනෙක්ට දුරකතන ඇමතුමක් කෙටි පණිවිඩයක් යැවීමට බාවිතා කරන්න පුලුවන් ඉතාමත් වටිනා සේවාවක් තමයි Viber කියන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සියල්ල නොමිලේ ලබා දීමයි. ඒ වගේම පරිගණකයට මේ මෘදුකාංගය ස්තාපිත කරගෙන ඒ හරහා ලෝකයටම ඇමතීමේ හැකියාවත් පවතිනවා. කිසිම මුරපද පරිශීලක නාම ලබාදීමකින් තොරව පරිහරණය කිරීමට හැකි වීමත් මෙහි පවතින ඉතාමත් හොද විශේෂත්වයක්.
ඒ වගේම ඔබේ ජංගම දුරකතන අංකයම බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ ඔයාලගේම අංකයෙන් ලෝකයටම අමතන්න පුලුවන්. නමුත් ඔයාලාගේ සේවා සපයන ආයතන වලින් අය වීමක් කරන්නේ නෑ. සියල්ල නොමිලේ.
එසේම ක්ලවුඩ් කොම්පියුටිං තාක්ශණය හේතුවෙන් පේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල පවතින සම්බන්දතාත් මේ හරහා ලබා ගන්න පුලුවන්. මේ සේවාව මගින් බාවිත කරන cutting-edge technology නිසා ලෝකායේ කොහෙට කතා කලත් ඉතාමත් පැහැදිලි හඩක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
බොහොමයක් මෙවෙනි සේවාවන් වලින් අතරමගදී ඇඩ්වර්ටීස්මන්ට් ඉදිරිපත් කිරීමක් කලත් මේ සේවාව මගින් එවැනි ඇඩ් ලබාදීමක් කරන්නේ නැති නිසා නිදහසේ ඇමතිම් පහසුමක් ලබාගන්න පුලුවන්.
ඒ වගේම මෙ මෘදුකාංගය මගින් ඔබේ පරිගණකයට හෝ ජංගම් දුරකතනයේ මතකයට බාදාවක් කරන්නේ නෑ. මතක බාවිතය ඉතාමත් අඩුයි. මේ වෙනකොට පහතින් දක්වලා තියන සියලුම ජංගම දුරකතන මෙහෙයුම් පද්දති වෙනුවෙන් සහය දක්වනවා.
- ISO
- Android
- Windows Mobile
- Blackberry
- Nokia
- Bada












1 comments:
පරිගණකයට Install කරගන්න බැරිද
Post a Comment