ImgBurn
ඉතින් ImgBurn කියන්නේ ඒ ආකාරයෙන් බාවිතා කරන්න පුලුවන් මෘදුකාංගයක්. පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.
ඉතින් මෙ හරහා ලැබෙන .exe ගොනුව පරිගණකයට ස්තාපිත කරගන්න.
ඉතාමත් ලේසියෙන් මේ මෘදුකාංගය හරහා .iso ආකාරයේ ගොනුවක් සිඩී එකකට හෝ ඩිවිඩී එකකට ලියවා ගන්න පුලුවන්. ස්තාපිත උන මෘදුකාංගයේ අයිකනය මත රයිට් ක්ලික් කරන් Burn using ImgBurn තෝරන්න. පහල රූපයේ ආකාරයෙන්.
ඉන්පසුව ImgBurn මෘදුකාංගය පහල රූපයේ ආකාරයෙන් විවෘත වේවි. මෙහි source සහ destination ලෙසින් කොටස් දෙකක් දකින්න ලැබේනවා. source එක ලෙසින් අපිට ලියවා ගන්න ඕනේ කරන .iso ගොනුව පවතින ස්තානයත් destination එක ලෙසින් සිඩී/ඩිවිඩී රයිටරයත් තෝරන්න
ඉතින් ඉතාමත් සරලව ImgBurn මගින් .iso ගොනුව ලියවා ගන්න පුලුවන්. පහල රූපයේ ආකාරයෙන් නීරෝ වල මෙන් සිඩී/ඩිවිඩී එක ලියවෙයි.
ඉතින් අවසානයේ සාර්තක බව දක්වමින් මැසේජය එනතුරු රැදී සිටින්න.
ISO Recorder
ඉතින් මේ මෘදුකාංගය හරහාත් .iso ආකාරයේ ගොනු සිඩී/ඩිවිඩී වලට ලියවා ගන්න පුලුවන්. මේ මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගන්න පුලුවන්.
මේ මෘදුකාංගයත් පරිගණකයට ස්තාපිත කරගන්න ඕනේ. ඊලගට පහල රූපයේ ආකාරයට රයිට් ක්ලික් කර Copy Image වලට යන්න.
Image file කියන තැනට කොපි කරගන්න ඕනේ ඉමේජ් ගොනුව ලබා දෙන්න.
ඉතින් මේ මෘදුකාංග දෙකම බාවිතා කරල .iso ආකාරයේ ගොනු ලියවා ගන්න පුලුවන්. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්....!
4 comments:
"Active@ ISO Burner" කියලා එකකුත් මට හම්බවුනා, කොහෙන්ද කියලානම් මතක නෑ. ඒකත් මේ ටිකට සෙට් වෙනවා.
වටිනා ලිපියක්.imageburn හි writing speed එක වෙනස් කරන්නේ කොහොමද?
intel motherboards වලට ගැලපෙන windows7 loader එකක් සොයා දෙන්න පුළුවන්ද? (බා ගත හැකි ලින්කුවක් හෝ) තියෙන windows7 loader වල product keys එකක්වත් intel වලට නොගැලපෙන බව පෙන්වයි.
Hi Ayye Oya Tutorial Lipi Liyanawa wage Videos Hadala youtube Ekata Dannako Plsssssssss
විඩියෝ කීපයක් හදලා තියෙන්නේ. ලගදිම ලබාදෙනවා. :)
Post a Comment