සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 29 August 2017

WireX DDoS Botnet: An Army of Thousands of Hacked Android SmartPhones

පරිගණක දහස් ගණනක් එකට එක් කොට යම් සයිබර් අපරාධයක් සදහා එම පරිගණක ජාලය යොදාගන්නේ එවනි පරිගණක ජාලයක් BOT එකක් ලෙසින් හැදින්වේ.
ඔබ උවද මෙවැනි පරිගණක ජාලයක සාමාජිකයෙක් විය හැකිය. නමුත් ඒ නොදැනුවත්වමයි. විශේෂයෙන් ඔබගේ පරිගණකයේ හැසිරීමෙන් හෝ ඔබ එවැනි BOT එකක් සාමාජිකයෙක් වී දැයි සොයාගත නොහැකියි. ඔබ BOT එකක සාමාජිකයෙකු වන්නේ නොදැනුවත්වම එන වෛරසයන් හරහායි. එම වෛරසයන් වලින් ඔබේ පරිගණකය BOT එක හා සම්බන්ධ කරන අතර ඈතක සිට අදාළ BOT එක හසුරවන්නා විසින් ඔබගේ පරිගණකයද ඔවුන්ගේ සයිබර් අපරාධ සදහා දායක කරගනී.
මේ සටහන තැබීමේ අරමුණ වූයේ BOT එක ගැන විස්තර කිරීමට නොවේ. අද දිනයේදී හදුනාගත් විශේෂ BOT ජාලයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටයි.
malware ආකාරයේ වෛරසයක් හරහා නිර්මාණය වූ මෙම BOT ජාලය ආක්‍රමණය කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. මෙය WireX නමින් නම් කර ඇති අතර මේ වන විට හදුනාගෙන ඇති පරිදි ආසන්න වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් උපාංග බිලියනක් පමණ මෙම ජාලය හා සම්බන්ධ වී තිබෙනවා.
උපාංග මිලියනයකින් පමණ සමන්විත ජාලයකින් යම් වෙබ් අඩවියක් ඉල්ලක් කර DDOS ආකාරයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කළහොත් අනිවාර්‍යයෙන් එම වෙබ් අඩවිය බිද වැටෙනවා.
ඒ අනුව බලන කළ මෙය ඉතාමත් අනාරක්ෂිත තත්වයක් වන අතර සාමාන්‍ය ආකාරයේ DDOS ප්‍රහාරයක් ඔවුන් මෙම BOT ජාලයේ හිමිකරුවන් විසින් මින් මාස කීපයකට පෙර එල්ල කළ අතර ඉතාමත් නුදුරු දිනකදී මේ හරහා මහාපරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානම පවතිනවා.
අද සවස් වන විට ගූගල් විසින් WireX ආසාධිත මෘදුකාංග 300ක් App store වලින් ඉවත් කළා. තවත් 500ක් පමණ අද රාත්‍රීය ගෙවෙන්නට ප්‍රථම ඉවත් කෙරෙනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive