සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 2 August 2017

New IoT Bill Proposes Security Standards for Smart Devices

මේ වන විට ලෝකයේ සමස්ථයක් වශයෙන් ගත් කළ ආසන්න වශයෙන් සියයට 98ක් පමණ කුමක් හෝ සන්නිවේදන උපාංගයක් හෝ කීපයක් භාවිතා කරනු ඇත. එම උපාංග වලින් වැඩි ප්‍රමාණයක් එකිනෙකා සමග සංනිවේදය කරගත හැකි ආකාරයෙන්  පවතින අතර එය "Internet of things" ලෙසින් හදුන්වනවා.
කෙසේ නමුත් මෙම "Internet of things" උපාංගයන් ආරක්ෂිත ද  යන ගැටලුව මේ වන විට පැන නැගෙමින් පවතිනවා.
විශේෂයෙන් ගෙවුණ සති කීපයේදී එවැනි "Internet of things" සම්බන්ධක උපාංග මිලියන ගණනක් හැක් වුණා.
මුලින්ම අධිතාක්ෂණික කාර් රථ හැක් කිරීමෙන් ඇරබුණ මෙම ක්‍රියාවලිය ගෙවුණ සතිය වන විට ස්මාර්ට් ආකාරයේ ගිනි අවි හැක් කිරීම දක්වා පැමිණ තිබෙනවා. ඉන් පෙර අවස්ථා ගණනවකදීම අධිතාක්ෂණික කැමරා වැනි දේ විශාල වශයෙන් හැක් කළ අතර ආසන්නතම සිද්ධිය වූයේ අනාරක්ෂිත CCTV කැමරා 120000ක ජාලයක් හැක් කිරීමයි.
තත්වය මෙසේ තිබියදී විවිධ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනයන් "Internet of things" උපාංග මෙසේ සීඝ්‍රයෙන් හැක් වීමේ හේතුව සොය බැලූ අතර එහිදී මෙම උපාංග නිෂ්පාදනයේදී කිසිදු ආරක්ෂිත සයිබර් ආරක්ෂණ උපක්‍රමයන් භාවිතා නොකරන  බවට සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම අනාරක්ෂිත තත්වය ගෝලීය සයිබර් ආරක්ෂාවට මහත් තර්ජනයක් වන හෙයින් මේ සමබ්න්ධයෙන් නිසි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මේ  වන විට පැන නැගී ඇති අතර ඒ අනුව රාජතාන්ත්‍රික වශයෙන් මීට මැදිහත්වීම් සිදුවෙමින් පවතිනවා.
ඒ අනුව Internet of Things Cybersecurity Improvement Act of 2017 නමින් නව සම්මුතියක් ඊයේ දිනයේදී ඉදිරිපත් වූ අතර  "Internet of things" වලට සහය දක්වන උපාංග නිර්මණය කරන සමාගම් මෙම සම්මුතියට එකගව තම නිර්මාණය මින් මතුවට සිදුකළ යුතු වෙනවා.
එසේම කිසියම් පුද්ගලයෙක් මෙවැනි නිර්මාණයක් කර ඉදිරිපත් කරන්නේ නම් ඒවාද මෙම නීතියට යටත් වන අතර මෙම පනත පහතින් බලාගත හැකි වේ.

https://www.scribd.com/document/355374771/Internet-of-Things-Cybersecurity-Improvement-Act



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive