සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 24 August 2017

Facebook appears to be down for many users in the UK and beyond.

ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ගණනවකට මේ වන විට Facebook සමාජ ජාල වෙබ් අඩවිය බාවිතා කිරීමට නොහැකි ලෙස එහි සේවාවන් අඩපණ වී තිබෙනවා.  ඇමෙරිකාවේ Facebook පරිශීලකයන් ගෙන් සියයට 53ක් කට පමණ ගැටළුව මතුවී ඇති අතර ඔවුන්ට කිසිදු මාධ්‍යක් හරහා (Facebook ඇප් එකින් හෝ බ්‍රවුසරයෙන්) Facebook ලොග් වීමේ හැකියාව නොමැති බවට තොරතුරු ලැබෙනවා.
Facebook මේ වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නොමැති අතර ජාත්‍යන්තර වේලාවෙන් 10:00am BST (05:00 EST) පමණ මෙම සිද්ධිය වාර්ථා වී තිබෙන බව ප්‍රසිද්ධ වෙබ් අඩවි විශ්ලේෂක සේවාවක් වන Down Detector පවසනවා.
ඔවුන්ට අනුව Facebook වෙබ් අඩවියේ ගණනය කළ හැකි දුර්වලතාවන් 900ක් පමණ මේ වන විට වාර්ථා වී ඇති බව පවසනවා.  ඇමෙරිකානු පරිශිලකයන්ගෙන් සියයට 37කට පමණ ජංගම දුරකථනය හරහා Facebook ලොග් වීමේ අපහසුතා ඇතිවී තිබෙන බවත් තවත් සියයට 8ක් පමණ පිරිසකට ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ 'Incognito mode' හරහා පමණක් Facebook ලොග් වීමේ හැකියාව හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් ආසියාතික රටවල් වලට හෝ මධ්‍යම කලාපයේ රටවල් වලට මේ බලපෑමක් නොමැති අතර මෙය හැකිං ප්‍රහාරයක් නිසා වූ අඩපන වීමක්ද එසේ නැතිනම් Facebook අධිවේගී සර්වර් පරිගණක වල දෝෂ තත්වයක්ද යන්න පිළිබදව තොරතුරු  ලැබී නොමැත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive