සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 15 August 2017

Warning: Two Dangerous Ransomware Are Back – Protect Your Computers

රාජ්‍ය ආයතන වලට පෞද්ගලික ආයතන වලට මෙන්ම පොදුවේ පරිගණක භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසකගෙන් මුදල් ලබා ගනිමින් මහත් විනාශයක් කළ රෑන්සම්වෙයාර් වෛරසයන් වල ක්‍රියාකාරීත්වය නැවතත් ආරම්භ වී තිබෙන බව පෙනී යනවා.
WannaCry,LeakerLocker සහ Petya මහා පරිමාණ සයිබර් ප්‍රහාරයන් දෙකින් අනතුරුව තරමක් නිහඩව සිටි මෙම රෑන්සම්වෙයාර් නිර්මාණකරුවන් ඊයේ දිනයේදී නවතම රෑන්සම්වෙයාර් වෛරසයන් 2ක් නිකුත් කර තිබෙන බවට වාර්ථා පළ වෙනවා.
WannaCry සහ Petya රෑන්සම්වෙයාර් වෛරසයන් වලට පෙර Locky නම් වූ රෑන්සම්වෙයාර් වෛරසයන් වඩාත් ප්‍රභලව පැවති අතර ඊයේ දිනයේදී හදුනාගෙන ඇත්තේ මෙම Locky වෛරසයේ නව නිර්මාණයක් වන අතර එය පෙර පැවති Locky වෛරසයට වඩා ප්‍රභල බව පෙනී යනවා.
2016 මුල් කාර්තුවේ Locky විසින් පරිගණක මිලියනයක් පමණ විනාශ කර දැමුවා. ඒ වාර්ථා වී ඇති දත්ත වන අතර වාර්ථා නොවන පෞද්ගලික පරිගණක ප්‍රමාණය කෙතෙක්දැයි කිව නොහැකියි.
ඊයේ දිනයේදී හදුනාගත් ප්‍රභල රෑන්සම්වෙයාර් වෛරසයන් තවම නම් කිරීමක් සිදු වී නොමැති අතර ඒවා හරහා සම්පූර්ණ පරිගණකයේ දෘඩ තැටිය encrypt කර දමන බව පෙනී යනවා.
මෙම ලක්ෂණ පැවති අවසන් රෑන්සම්වෙයාර් වෛරසය වූයේ Mamba වෛරසයයි.
කෙසේ නමුත්,
ඔබට ලැබෙන ඊමේල් වලින් අනවශ්‍ය ලින්ක් සහිත ඊමේල් වලට පිවිසීමෙන් වලකින ලෙසත්
හැකි උපරිම අයුරින් ඔබගේ දත්ත වල උපස්ථ Backup තබාගන්නා ලෙසත්
ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාල කර තබාගන්නා ලෙසත් ඔබට මෙසේ දැනුම් දෙනු ලබනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive