සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 22 August 2017

Sony PlayStation Social Media Accounts Hacked; Claims PSN Database Breach

HBO ආයතනය  හැක් කර Game of Thrones කථා මාලාව සොරාගෙන ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ගෙවුණ සතියේදී  OurMine නම් හැකර් කණ්ඩායම විසිනුයි.  මෙම හැක් කිරීම් වලින් අනතුරුව HBO ආයතනයේ Twitter සහ Facebook ගිනුම් දෙකද හැක් කළේ ඔවුන් විසිනුයි.
OurMine යනු සවුදි අරාබිය කේන්ද්‍ර කරගත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්  ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර ඔවුන් විසින් "white hat" ආකාරයේ හැකිං ප්‍රහාරයන් ගණනාවක් මේ වන විට එල්ල කර තිබෙනවා.
ඉන්  අනතුරුව අද උදෑසන ඔවුන් විසින් Sony PlayStation ආයතනය හැක් කරනු ලැබුවා. මින් පෙරද PlayStation ආයතනය හැක් කරනු ලැබුවා.  සිය ටිවිටර් ගිණුම හරහා ඔවුන් ඒ බව සදහන් කළ අතර සිදුවී ඇති දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් නිළ තොරතුරු වාර්ථා වී නැහැ.

"PlayStation Network Databases leaked #OurMine,"

ඉහත සදහන් තොරතුරු මිලියන 37ක් පමණ පරිශීලකයන් සහිත PlayStation නිල ෆේස්බුක් පිටුවේද දැක්වීමට OurMine කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් Sony PlayStation හි ෆේස්බුක් ගිණුමද හැක් කර ඇති බවයි.
නමුත් කෙටි වේලාවකින් මෙම තොරතුරු දෙකම මකා දැමීමට හැකර්වරුන් තීරණය කර ඇති අතර මින් පෙර අවස්ථා ගණනාවකදීම OurMine විසින් Facebook CEO Mark Zuckerberg, Twitter CEO Jack Dorsey, සහ Google CEO Sundar Picha වැනි පුද්ගලයන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම් පවා හැක් කළා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive