සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 3 August 2017

HBO Hacked — 'Game of Thrones' Scripts & Other Episodes Leaked Online

Game of Thrones කථා මාලාවේ මීළගට සිදුවන්නේ කුමද්ද? ඔබ Game of Thrones රසිකයෙක් නම් ඔබටත් මේ පැනයම ඇති. Game of Thrones යනු සජීවීකරණ සහ පරිගණක ආශ්‍රිතව සිදුකරන ලද ඉතාමත් විශිෂ්ඨ කතා මාලවක්. කුතුහලය දනවමින් ඉදිරියට ගෙනියන මෙම කථා මාලාවේ අයිතිකරුවන් වන්නේ HBO ආයතනයයි.
ඊයේ දිනයේදී  එම ආයතය හැක් කර Game of Thrones කථාමාලවේ මීළග කොටස එසේ නැතිනම් 7 වැනි කථාංගය සොරාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරියා. මේ වන විට එම කථාමාලාවේ සියළුම සංස්කරණ කටයුතු පවා සිදුකොට අවසන්ව තිබූ බවට එම සමාගම සදහන් කරනවා.
1.5 terabytes පමණ වූ ගොනු ගණනවක්ම සොරාගෙන තිබෙන අතර ඒවා සර්වර් පරිගණක ගණනාවකින් ටොරන්ට් වෙබ් අඩවි හරහා බෙදා හරිමින් පවතින බව පෙනී යනවා.
HBO ආයතනය විසින් මේ ආකාරයෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සහ තමන්ගේ දත්ත අහිමි වී ඇති බවට අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
2015 වසරේදීත් HBO ආයතයට මෙවැනිම හැකිං ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් Game of Thrones කථාමාලවේ 5වැනි කොටස ඔවුන්ගෙන් සොරා ගැනුනා. මෙවර ද එම දුර්වලතාවන් හරහාම හැකිං ප්‍රහරය එල්ල වී ඇද්ද යන්න සොයා බැලෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive