සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 14 August 2017

How Just Opening A Malicious PowerPoint File Could Compromise Your PC

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියට අමතරව ඒ මත ක්‍රියාත්මක වන මෘදුකාංග වල පවා දෝෂ පවතින බව අවස්ථා ගණනාවකදී සොයා ගැනුනා.  මින් මාස කීපයකට පෙර Microsoft Office වල පවතින දෝෂ තත්වයන් කීපයක් සොයා ගැනුන අතර ඒවාට අදාළ පැච් මේ මාසයේ නිකුත් කළ යාවත්කාල කිරීම් හරහා ලබා දුන්නා.
ඊයෙ දිනයේදී remote code execution ආකාරයේ දුර්වලතාවක් PowerPoint (PPSX) මෘදුකාංගයේ සොයා ගැනුන අතර ඒ හරහා එල්ල වෙමින් පවතින සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද තොරතුරු අද උදෑසන වාර්ථා වෙනවා.
සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක Trend Micro සමාගමේ පර්යේෂකයන්ට අනුව PowerPoint ගොනු තුළ සගවා එවන ට්‍රෝජන් ආකාරයේ වෛරසයක් හදුනාගෙන තිබෙනවා.
RATMAN.exe හදුනාගෙන ඇති මෙම වෛරසය බොහොමයක් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනාගැනීම හේතුවෙන් පැතිරීම අඩපන වී ඇති අතර නමුත් ලෝකයේ ප්‍රමුඛ පෙළේ විදුලි උපාංග නිපදවන සමාගමක් ඉලක්ක කරගෙන එල්ල වී ඇති අතර එයින් සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් තවම නිසි තොරතුරක් නොමැත.
ට්‍රෝජන් ආකාරයේ වෛරසයන් වලින් අදාළ පරිගණකය වෙනත් පරිගණකයක් හරහා පාලනය කළ හැකි අතර එම පරිගණකයෙන් සිදු කරන සියලුම ක්‍රියාවන් නිරීක්ෂණය කළ හැකි  වේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive