සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 22 August 2017

Android 8.0 Oreo Released – 11 New Features That Make Android Even Better

ඔබට මතකද Donut, Eclair, Froyo, Gingerbread, Honeycomb, Ice Cream Sandwich, Jelly Bean, KitKat, Lollipop, Marshmallow සහ  Nougat?
දැන් Oreo... ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ නවතම සංස්කරණය Android 8.0 Oreo ලෙසින් ඊයේ දිනයේදී නිව්යෝක් නගරයේදී එළිදක්වනු ලැබුවා. ගූගල් විසින් සදහන් කරන පරිදි ඇන්ඩ්‍රොයිඩ් සදහා නම් තබන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බවත් ඊළගට ඇත්තේ "O" අකුර බැවින් එය Oreo ලෙසින් නම් කරන බවත් ය.
මෙම නව මෙහෙයුම් පද්ධති යාවත්කාල වීම හරහා වෙනස්කම් සහ නව තාක්ෂණික යෙදවුම් 11ක් හදුන්වා දී තිබෙනවා.

1. No More 'Install From Unknown Sources' Setting - මින් මතුවට ඇන්ඩ්‍රොයිඩ් විසින් හදුනා නොගන්නා කිසිදු වෙබ් අඩවියකින් හෝ මාධ්‍යයකින් මෘදුකාංග එයට එක් කිරීමේ හැකියාව නවතා දමා  තිබෙනවා.මෙය ඉතාමත් වැදගත් ආරක්ෂිත උපක්‍රමයක්. මින් පෙර ඕනෑම ප්‍රභවයකින් මෘදුකාංග ස්ථාපිත කිරීමේ හැකියාව පැවතුනා.
2. Autofill API Framework
3. Picture-in-Picture
4. Google Play Protect - ගූගල් විසින්ම නිර්මාණය කළ නවතම ආරක්ෂණ උපක්‍රමයක්
5. Wi-Fi Aware (Neighborhood Aware Networking — NAN)
6. Android Instant Apps - භාගත කිරීමකින් තොරව භාවිතා කළ හැකි විශාල මෘදුකාංග ප්‍රමාණයක්
7. Battery-Saving Background Limits
8. AI-based Smart Text Selection
9. Notification Dots (Limit notifications)
10. Find my Device - නැතිවූ උපාංග සෙවීම පහසු කිරීමට නව යෙදවුමක්
11. New Emoji and Downloadable Fonts - ඔබට අවශය ෆොන්ට් එක දැන් ඇන්ඩ්‍රොයිඩ් හරහා භාවිතා කළ හැකියි.

නවතම Emoji 60ක් මෙම නව සංස්කරණය හරහා ලබාදී තිබෙනවා. නව අත්දැකීම් සමග නව ආරක්ෂක ක්‍රමවේදයන් ඇතුළත් මෙම නව මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive