සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 13 August 2017

HBO Offered Hackers $250,000 As Ransom to Prevent More Leaks

ඇමෙරිකානු කේබල් සන්නිවේදන ජාලයක් වූ HBO ආයතනය හැක් කර ඔවුන්ගේ වැදගත් දත්ත රාශියක් සොරාගත්තේ ගෙවුණ සතියේයි. එහිදී  එම ආයතනයේ නිර්මාණයක් වූ "Game of Thrones." කථා මාලාවේ මීළගට පැමිණීමට නියමිත කොටස් ගණනාවක් සොරාගෙන අන්තර්ජාලය හරහා බෙදා හැරුණා.
එයින් සතියක් ගෙවුණ තැන ඊයේ දිනයේදී හැකර්වරුන් විසින් "Game of Thrones" කථාමාලාවේ සම්පූර්ණ කථාව ඇති පිටපත් සහ සංස්කරණය කෙරෙමින් පවතින "Ballers" සහ "Room 104" යන කොටස් දෙකම සහිත 500GB පමණ දත්ත අන්තර්ජාලය හරහා නිකුත් කළා. ඉන් අනතුරුව පවතින කොටස්ද සොරාගෙන මෙසේ ප්‍රසිද්ධ කරන බවට හැකර්වරුන් තර්ජනය කළ අතර එය නොකර සිටීමට නම් ඩොලර් මිලියන 6ක මුදලක් ඉල්ලා සිටියා.
ඒ අනුව එම මුදල් නොගෙවා තමන්ගේ පරිගණක ජාල වල පවතින දුර්වලතාවන් හදුනාගෙන ඒවාට පිලියම් යෙදීමට HBO තීරණය කළා.
ඩොලර් 250000ක මුදල් තමන්ගේ දුර්වලතා සොයා දෙන්නෙකුට ලබාදෙන බව ඒ අනුව ඔවුන් ඊයේ සවස නිවේදනය  කළා.
මෙවැනි හැකිං ප්‍රහාරයන් වල මූලිකම අරමුණ දත්ත විනාශ කිරීම නොව මුදල් ලබා ගැනීමයි.  ඉදිරියේදීත් මෙවැනිම ආයතන ඉලක්ක කර ගනිමින් මෙවැනිම ප්‍රහාරයන් එල්ල විය හැකි අතර තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම වැදගත් වේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive