සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 9 August 2017

Microsoft Issues Security Patches for 25 Critical Vulnerabilities

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ සැලකිය යුතු දුර්වලතා පවතින බව සැවොම පිළිගන්නා කරුණක්. සෑම මසකම හදුනාගන්නා දුර්වලතාවන් වලට පැච් ලබාදීම සිදුවන්නේ ඒ නිසයි. මේ මාසයට අදාළව ඊයේ දිනයේදී ආරක්ෂක යාවත්කාල වීම් සමග පැච් 48ක් ලබාදුන්නා.
සියළුම මෙහෙයුම් පද්ධති වල පවතින දුර්වලතාවන් ඉලක්ක කර ගනිමින් මෙම පැච් ලබාදී ඇති අතර එයින් 25ක් critical ලෙසයි දක්වා ඇත්තේ.
එසේම පහත දැක්වෙන කොටස් සදහාද පැච් ලබාදී තිබෙනවා.
Windows operating systems
Internet Explorer
Microsoft Edge
Microsoft SharePoint
the Windows Subsystem for Linux
Adobe Flash Player
Windows Hyper-V
Microsoft SQL Server

එසේම ඉතාමත් අනාරක්ෂිත යැයි හදුනාගත් වල්නරබිලිටි කීපයක් සදහාද ඊයේ දිනයේදී පැච් ලබාදී තිබෙනවා.
CVE-2017-8620: Windows Search Remote Code Execution Vulnerability

මෙම දුර්වලතාව වින්ඩෝස් 7 සහ 10 වල පවතින අතර  WannaCry රෑන්සම්වෙයාර් වෛරසය ක්‍රියාත්මක වූයේ මෙම දුර්වලතාව හරහායි.

CVE-2017-8633: Windows Error Reporting Elevation of Privilege Vulnerability
CVE-2017-8627: Windows Subsystem for Linux DoS Vulnerability

එසේම Adobe Flash Player ය Internet Explorer හි භාවිතා වන බැවින් එය වෙනුවෙන්ද පැච් ලබාදී තිබෙනවා. 2020 වසරේදී මෙම මෘදුකාංග දෙකම විශ්‍රාම ගැන්වීමට නියමිත අතර ඉන් අනතුරුව වෙනත් මෘදුකාංග ඒ වෙනුවට ලබාදෙනු aඇත.ඒවායේත් මෙ හා සමානම දුර්වලතාවන් පවතිනු ඇති අතර මෙවැනිම හැකිං ප්‍රහාරයන් එල්ල වනු ඇත. මෙහි අවසානයක් දැකීම අසීරු වන්නේ ඒ නිසාය.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive