සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 1 August 2017

FireEye security researcher has been hacked!

හැකර්වරුන්ම වෙනත් හැකර්වරුන් හැක් කරනා කාලය එළබී තිබේ. මින් පෙර අවස්ථා වලද හැකර්වරුන් සහ හැකර් කණ්ඩායම් විවිධ පුද්ගලයන් විසින් හැක් කර ඔවුන්ව ප්‍රසිද්ධියට පත් කළා. විශේෂයෙන් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන සහ ඒවායේ නිර්මාණය වන මෘදුකාංග වල කේත සටහන් පවා සොරාගෙන ප්‍රසිද්ධ කළ අවස්ථාවන් මෑතකදී දක්නට ලැබුණා.
FireEye සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතනයක්. ඔවුන් විසින් විවිධ මෘදුකාංග නිර්මාණය කරන අතර මහා පරිමාණ හැකිං ප්‍රහාරයන් වැනි අවස්ථාවන් වලදී ඒවායේ සුලමුළ සෙවීම වැනි දේ සදහා මෙන්ම එවැනි හැකිං ප්‍රහාරයන් වලි අඩපණ වන සේවාවන් සහ ආයතන නැවත ගොඩ ගැනීම වැනි දේට ඔවුන්ගේ දැනුම සහ දක්ෂතාවන් යොදවයි.
අවාසනාවකය ඊයේ දිනයේදී FireEye සයිබර් ආරක්ෂක ආයතනය 1337 Hackers ලෙසින් නම් කරගත් හැකර්වරුන් කණ්ඩායමක් විසින් හැක් කළා.
එහි සේවය කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළි නොකොට එසේ නැතිනම් හැකර්වරුන්ගේ තොරතුරු හෙළි නොකර පවත්වාගෙන ගිය අතර එම තොරතුරු සියල්ලම ඊයේ දිනයේදී 1337 Hackers විසින් සොරාගෙන ප්‍රසිද්ධ කර තිබෙනවා.
ඒ අනුව FireEye සමාගම වෙනුවෙන් ලෝකයේ විවිධ රටවල් වල හැකර්වරුන් 215කට ආසන්න ප්‍රමාණයක් සේවය කර ඇති අතර ඔවුන්ගේ සියළුම තොරතුරු මෙන්ම FireEye විසින් ඔවුන්ට කළ ගෙවීම් සහ FireEye විසින් මෙතක් කරන ලද හැක් වීම් සම්බන්ධ සියළුම දත්ත වාර්ථාවන් ඔවුන් විසින් සොරාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙවැනි ආයතන වලින් දත්ත සොරාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම යනු ආරක්ෂාව මහත් තර්ජනයක් බව නම් පැහැදිලි කරුණක්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive