සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 31 July 2017

Hacking SMART Gun


හැක් කිරීමේ කලාව ලෝකයේ විවිධ අංශයෙන් හරහා මේ වන විට පැතිරීගොස් තිබෙනවා. එක් කොටසක් මේ යැයි දැක්විය නොහැකි ආකාරයෙන් සෑම දෙයක්ම හැක් කර දත්ත සොරාගැනීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට උත්සාහ කිරීම් දිනපතා වාර්ථා වෙනවා.
ඊයේ දිනයේදී තවත් සුවිශේෂී හැකිං ප්‍රහාරයක් එල්ල වුණා. ඒ තුවක්කු සදහායි.
තුවක්කුව නිර්මාණය වූ දා පටන් ලෝකයට සිදුවී ඇති විනාශය සහ නැතිවී ඇති ජීවිත ප්‍රමාණය කෙතෙක්ද යන්න තමාට මින් පෙර සිතුනේ නම් තමා කිසිදු දිනක තුවක්කුවක් වැනි දෙයක් නිර්මාණය නොකරන බව AK47 නම් වූ ස්වයංක්‍රීය තුවක්කුව නිර්මාණය කළ Avtomat Kalashnikova නම් රුසියානු ජාතිකය දිනක් සිය දේශනයකදී සදහන් කළා.
කෙසේ නමුත් නවීනතම ගිනි අවි සියල්ලම පාහේ කුමක් හෝ මෙහෙයුම් පද්ධතියක් සහිතව දුර්ස්ථව පාලනය කළ හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා.
මෙසේ SMART ආකාරයේ ගිනි අවි නිර්මාණය වීම එම කර්මාන්තයේ දියුණුවක් ලෙසින් දැකිය හැකි වුවත් එම මෘදුකාංග වල පවතින දුර්වලතාවන් හරහා නවීන ගිනි අවි ගණනාවක් ඊයේ දිනයේදී හැක් කළා.
Armatix IP1 නම් වූ ගිනි අවිය ස්මාර්ට් ඔරලෝසුවක් හරහා ක්‍රියාත්මක කළ හැකි අතර එම ස්මාර්ට් ඔරලෝසුවේ පවතින ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාර්ථකව හැක් කර අදාළ ගිනි අවියේ ක්‍රියාකාරීත්වය තමා අතට ගත  හැකි බවට හැකර්වරයෙක් ඊයේ දිනයේදී ප්‍රසිද්ධ කළා.
මේ අනුව බලන කළ ඉදිරියේදී ස්මාර්ට් ආකාරයේ ගිනි අවි භාවිතා කිරීම ඉතාමත් අනාරක්ෂිත වන අතර ගිනි අවි පමණක් නොව වෙනත් ඕනෑම උපාංගයක් හැක් කිරීමේ හැකියාව පවතින බව මින් පැහැදිලියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive