සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 26 July 2017

Microsoft Is Paying Up To $250,000 With Its New Bug Bounty Program

අවසානයේදී මයික්‍රොසොෆ්ට් විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය සහ ඊට එක් කිරීමට නියමිත නව මෘදුකාංග වල පවතින දෝෂ සොයා ගැනීම සදහා bug bounty වැඩසටහනක් ඊයේ දිනයේදී දියත් කළා.
විශේෂයෙන් තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණයෙන් අනතුරුව වින්ඩෝස් ඩිෆෙන්ඩර් මෘදුකාංගය කෙතරම් ශක්තිමත්දැයි යන්න දැනගැනීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් බව පැහැදිලියි.
එසේම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ zero-day vulnerability ආකාරයේ දුර්වලතාවන් තිබේද යන්න සොයා බැලීමත් ඔවුන්ගේ අරමු ණක්.
ඒ අනුව පහත යෙදවුම් විශේෂයෙන් පරීක්ෂා කෙරේ.
Windows 10, Windows Server 2012 and Insider Previews
Microsoft Hyper-V
Mitigation Bypass Techniques
Windows Defender Application Guard
Microsoft Edge Browser
මෙම පරීක්ෂාවන් වලදී සොයාගන්නා දුර්වලතාවන් වන ප්‍රභලතාව අනුව ඩොලර් 250000ක් දක්වා ගෙවීමට මයික්‍රෝසොෆ්ට් සූදානම් බව පැවසෙනවා.
දුර්වලතාවන් සොයාගැනීම එක් ආකාරයක කලාවක් වන අතර එය එතරම් අපහසු කාර්‍යයක් නොවන බවද පැවසිය හැකියි. කෙතරම් අවධානයකින් නිර්මාණය කළද ඕනෑම පද්ධතියක දුර්වලතා පැවතිය හැකිය.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive