සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 13 July 2017

New Ransomware Threatens to Send Your Internet History & Private Pics to All Your Friends

පෞද්ගලික දත්ත ඔබට කෙතරම් වටිනවාද? එහෙත් ඒවා වෙනත් පුද්ගලයන් අතට පත් වුවහොත්?
WannaCry සහ Petya රෑන්සම්වෙයාර් ඔබට මතක ඇති. මුදල් ඉල්ලා කරදර කරන වෛරසයන් වර්ගයක් වන රෑන්සම්වෙයාර් ලෝකයේ අංශ ගණනාවකට දැඩි බලපෑම් කළා.
ඔබට රැන්සම්වෙයාර් මතක් කළේ නැවතත් එවැනි රෑන්සම්වෙයාර් ප්‍රහාරයක් මේ වන විට එල්ල වෙමින් පවතින නිසයි.
LeakerLocker නමින් හැදින්වෙන නවතම රෑන්සම්වෙයාර් වෛරසයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජංගම දුරකථන වැනි පෞද්ගලික දත්ත වැඩිමනක් පවතින මාධ්‍යයන් ඉලක්ක කරගෙන එල්ල වන මෙම රෑන්සම්වෙයාර් වෛරසය මගින් ඔබගේ පෞද්ගලික දත්ත වෙනත් පුද්ගලයන් වෙත ලබාදෙනවා.
ඔබගේ අතිශ්‍ය පෞද්ගලික චායාරූපයක් වෙනත් අයෙකු සමග කළ සංවාදයක්, ඔබගේ අන්තර්ජාල සෙවුමේ තොරතුරු, ඔබ පිවිසී ඇති වෙබ් අඩවි වැනි දේ ඔබගේ ජංගම උපාංගයේ ඇති ඊමේල් ගිණුම් සියල්ලටම යවන බව දක්වමින් මෙම රෑන්සම්වෙයාර් වෛසරය ඔබගෙන් ඩොලර් 50ක මුදලක් ඉල්ලා සිටී.
ප්‍රායෝගිකව එවැනි දත්ත වෙනන් පුද්ගලයන් වෙත යැවීමේ හැකියාවක් පැවතීම මෙහි ඇති භයානකකමයි.

මෙම වෛරසය ඔබේ ජංගම උපාංගය වෙත ඇතුළු වී ඇති නම් පහත පණිවිඩය ලැබෙනු ඇත.

All personal data from your smartphone has been
transferred to our secure cloud.
In less than 72 hours this data will be
sent to every person on your telephone and
email contacts list. To abort this action you
have to pay a modest ransom of $50 (£38).
Please note that there is no way to delete
your data from our secure but paying for them.
Powering off or even damaging your smartphone
won't affect your data in the cloud.

මෙම  LeakerLocker වෛරසයට  victim's email address කියවීමේ හැකියාව, random contacts, Chrome history, some text messages and calls, භාවිතා කරන්නාගේ අවසරයක් නැතුව කැමරාව හරහා පින්තූර ගැනීමේ හැකියාව, සහ  device information කියවීමේ හැකියාවද පවතින බව මේ වන විට සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරය වේගයෙන් විවිධ රටවල් හරහා එල්ල වීමේ අවධානම පවතින බැවින් අවධානයෙන් සිටීම වැදගත් බව මෙසේ සටහන් කරනු ලබනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive