Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතා සමබ්න්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී ඔබව දැනුවත් කළා. විශේෂයෙන් මහා පරිමාණ හැකිං ප්‍රහාරයන් එල්ල කළ හැකි Android දුර්වලතා සම්බන්ධයෙන් ඔබව විශේෂයෙන් දැනුවත් කළේ ජංගම දුරකථන වල ආරක්ෂාව ඉතාමත් වැදගත් නිසා.
කෙසේ නමුත් ගෙවුණ මාස කීපයේම නිහඩව සිටි Android මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ තොරතුරු නැවතත් මතුවෙමින් පවතිනවා.
Android මෙහෙයුම් පද්ධතිය හරහා malware ඝණයේ වෛරසයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා. මෙම සටහන තබන මොහොත වන විට ආසන්න වශයෙන් මිලියන 14ක පමණ උපාංග මෙම malware වෛරසයට හසුවී තිබෙනවා.
CopyCat නමින් හදුන්වා ඇති මෙම වෛරසයට රෑන්සම්වෙයාර් ලක්ෂණ ඇතුළත් වන අතර මුදල් ලබා නොදුනහොත් ඔබගේ Android උපාංගය Root කර දමනවා. Root කිරීමෙන් ඔබගේ උපාංගයේ සියළුම දත්ත ඔබට අහිමි වෙනවා.
මේ වන විට වාර්ථා වී ඇති ආකාරයට ලෝකයේ මිලියන 8ක් පමණ උපාංග Root වී අවසන්.
මෙහි වැදගත් කරුණ වන්නේ මෙම මැල්වෙයාර් වෛරසය පැතිරෙමින් පවතින ප්‍රදේශයි. විශේෂයෙන් දකුණු දිග රටවල් සහ ගිණිකොණදිග රටවල් වල වේගයෙන් පැතිරී යන මෙම මැල්වෙයාර් වෛරසයෙන් වැඩිම හානි සිදුවී ඇත්තේ ඉන්දියාවටයි.
ඒ අනුව බලන කළ ශ්‍රී ලංකාවටද මෙහි බලපෑම අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.
Google Play හරහා භාගත කරගන්නා විවිධ ඇප් වල මෙම වෛරසය සැගවී තිබිය හැකි අතර විශේෂයෙන් Zygote නම් වන ක්‍රීඩාවන් සදහා නිර්මාණය වූ ඇප් මේ අතරින් විශේෂයි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
කෙසේ නමුත් ගෙවුණ මාස කීපයේම නිහඩව සිටි Android මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ තොරතුරු නැවතත් මතුවෙමින් පවතිනවා.
Android මෙහෙයුම් පද්ධතිය හරහා malware ඝණයේ වෛරසයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා. මෙම සටහන තබන මොහොත වන විට ආසන්න වශයෙන් මිලියන 14ක පමණ උපාංග මෙම malware වෛරසයට හසුවී තිබෙනවා.
CopyCat නමින් හදුන්වා ඇති මෙම වෛරසයට රෑන්සම්වෙයාර් ලක්ෂණ ඇතුළත් වන අතර මුදල් ලබා නොදුනහොත් ඔබගේ Android උපාංගය Root කර දමනවා. Root කිරීමෙන් ඔබගේ උපාංගයේ සියළුම දත්ත ඔබට අහිමි වෙනවා.
මේ වන විට වාර්ථා වී ඇති ආකාරයට ලෝකයේ මිලියන 8ක් පමණ උපාංග Root වී අවසන්.
මෙහි වැදගත් කරුණ වන්නේ මෙම මැල්වෙයාර් වෛරසය පැතිරෙමින් පවතින ප්‍රදේශයි. විශේෂයෙන් දකුණු දිග රටවල් සහ ගිණිකොණදිග රටවල් වල වේගයෙන් පැතිරී යන මෙම මැල්වෙයාර් වෛරසයෙන් වැඩිම හානි සිදුවී ඇත්තේ ඉන්දියාවටයි.
ඒ අනුව බලන කළ ශ්‍රී ලංකාවටද මෙහි බලපෑම අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.
Google Play හරහා භාගත කරගන්නා විවිධ ඇප් වල මෙම වෛරසය සැගවී තිබිය හැකි අතර විශේෂයෙන් Zygote නම් වන ක්‍රීඩාවන් සදහා නිර්මාණය වූ ඇප් මේ අතරින් විශේෂයි.
About the author
Eranda Dayawansa
0 comments:
Post a Comment