සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 3 July 2017

Distributed denial of service (DDoS) attacks against websites of some of the world's leading businesses.

Distributed denial of service (DDoS) ආකාරයේ සයිබර් ප්‍රහාරයන් අවස්ථා ගණනාවකදීම සාර්ථකව එල්ල කර තිබෙන අතර එහි මූලික පරමාර්ථය වන්නේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් බිද දැමීමයි. ඒ ආකාරයේ distributed denial of service (DDoS) ප්‍රහාරයකින් පසුව බොහෝ දුරට එයට දායක කරගත් පරිගණක ජාලය එසේ නැතිනම් බොට්නෙට් එක එක්කෝ අතහැර දමන අතර එක්කෝ වෙනත් පාර්ශවයක් වෙනුවෙන් විකුණා දමයි.
2015 වසර මැද භාගයේදී National Crime Agency (NCA), T-Mobile, O2, Virgin Media, the BBC, Amazon, Vodafone, BT, Netflix, සහ NatWest වැනි ලෝකයේ ප්‍රමුඛ සමාගම් වල වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් සිදුවූ සයිබර් ප්‍රහාරයට ඔබට මතක ඇති. එයින් එම ආයතන වල සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ අතර නැවත යථා තත්වයට පත් වීමට සෑහෙන කල් ගත වුණා.
මෙහිදී ද Chappell's malware නම් වූ වෛරසයක් සමගම DDoS ප්‍රහාරයක් එල්ල වූ අතර එකවරම වෛරස් සහ DDoS ප්‍රහාරයන් 2ක් එල්ල වීම හේතුවෙන්  වෙබ් අඩවි වලට ඒවාට මුහුණදීමේ හැකියාව අවම වුණා.
මෙම ප්‍රහාරය සදහා භාවිතා කළ පරිඝණක ජාලය ඊයේ දිනයේදී නැවත සක්‍රීය කර ඇති බවට වාර්ථා වෙනවා.
2015න් පසුව එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රයිලයේ පොලීසියට අයත් West Midlands Regional Cyber Crime Unit, the Federal Bureau of Investigation (FBI) සහ Europol’s European Cybercrime Centre (EC3) වැනි ආයතන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණ සිදුකර තිබෙන අතර සිදුකළේ කවුද යන්න අනාවරණය වී නැහැ.
කෙසේ නමුත් මහාපරිමාණ සයිබර් ප්‍රහාරයක් පහසුවෙන් එල්ල කළ හැකි මෙම පරිඝණක ජාලය නැවත සක්‍රීය කර මේ වන විට DDoS-for-hire නමින් සේවාවක් පවත්වාගෙන යන බව සොයාගෙන තිබෙනවා.
එම ජාලයට ලෝකය පුරා පරිඝණක මිලියන 1.7ක් පමණ එක් කොට තිබෙන අතර පරිගණක මිලියන 1.7කින් එක් මොහොතකදි එල්ල වන DDoS ප්‍රහාරය ඉතාමත් ප්‍රභළ ප්‍රහාරයක් වන බව නම් නිසැකයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive