සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 30 June 2017

Microsoft Adding Artificial-Intelligence Based Advanced Antivirus to Windows 10

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම මෙහෙයුම් පද්ධති වලට තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය තහනම් කරන බවට සදහන් කරමින් ගෙවුණ සතියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඔබට මතක ඇති.
මෙම තීරණය හේතුවෙන් වෙනත් ප්‍රතිවෛරස් නිර්මාණය කරන සමාගම් බලවත් අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර මයික්‍රොසොෆ්ට් සමාගමට නූතන රෑන්සම්වෙයාර් සහ වෛර්සයන් වෙත සාර්ථකව මුහුණදීමේ හැකියාවක් තිබේදැයි යන්න සැකසහිත බව ලෝකයේ බොහෝදෙනා අදහස් දැක්වුවා.
කෙසේ නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවීන වෛරසයින්ට පවා මුහුණදිය හැකි නව ප්‍රතිවෛර්ස් මෘදුකාංගයක් නිර්මාණය කර ඇති බවට ඊයේ දිනයේදී නිවේදන කළා.
එළැබෙන සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මසදී ලබාදීමට නියමිත මීළග වින්ඩෝස් යාවත්කාලවීම Windows 10 Creator Update හරහා මෙම ප්‍රතිවෛරස් මෘදුකාංගයද ලබාදෙන බවට ඉගි පලවෙනවා.   මෙම යාවත්කාල වීම RedStone 3 ලෙසින් නම් කර තිබෙනවා.
එහිදී SMBv1 ඉවත් කෙරෙන අතර artificial intelligence (AI) ආකාරයෙන් නිර්මාණය වන මෙම නව ප්‍රතිවෛරස් මෘදුකාංගය හදුන්වාදෙනු ඇත.
එසේම Windows 10 Insider Preview Build වලදී ඊයේ සවස ලබාදුන් යාවත්කාලවීම හරහා රෑන්සම්වෙයාර් වලට මුහුණදිය හැකි ලෙසින් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය හැඩගස්ව තිබෙනවා.
එහිදී new anti-ransomware feature එකක් හදුන්වාදී තිබෙන අතර Controlled Folder Access නම් නව සැකසුම හරහා මෙය සිදු කෙරේ.
unauthorized applications වලට මෙහෙදී අදාළ ෆෝල්ඩරයන් භාවිතා කළ නොහැකි ආකාරයෙන් මෙමස් සැකසුම් සකසා ඇති අතර ඉදිරියේදී නව ආරක්ෂක ක්‍රමවේද මීට එක්වීමට නියමිතයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive