සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 26 June 2017

Microsoft's Private Windows 10 Internal Builds and Partial Source Code Leaked Online

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියට අයත් ඉතාමත් රහසිගත කේත අඩංගු ලිපි ගොණු විශාල ප්‍රමාණයක් සොරාගෙන තිබෙන බව වාර්ථා වෙනවා.
විශේෂයෙන් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතා සහ ඒවාට ගනිමින් තිබූ පියවරයන් ඇතුළත් ලිපිගොණුද මේ අතර වන බවයි පෙනී යන්නේ.
BetaArchive නම් වූ වෙබ් අඩවිය හරහා ගෙවුණ සති අන්තයේ සිට මෙම ලිපිගොනු එකින් එක ලෝකයාට බලාගත හැකි ආකාරයෙන් කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලයට එක් කරමින් සිටින අතර ඊයේ රාත්‍රියේදී  වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා එසේ නැතිනම් exploits කළ හැකි ස්ථාන අඩංගු ලිපිගොනු නිදහස් කර ති බුණා.
මේ අනුව ඉදිරි දින වලදී වින්ඩෝස් 10 ඉලක්ක කරගනිමින් මහාපරිමාණ සයිබර් ප්‍රහාරයන් විශේෂයෙන් රෑන්සම්වෙයාර් ප්‍රහාරයන් එල්ල වීමේ සම්භාව්‍යතාව් මේ අනුව වැඩිවෙමින් පවතිනවා.
Microsoft's Shared Source Kit ලෙසින් ඉදිරියේදී වින්ඩෝස් 10 හරහා හදුන්වාදීමට නියමිත තිබූ නව යෙදවුමේ සියළුම කේත සටහන් මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.
මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියට අනුව මෙම නව පහසුකම ලබාදීමට නියමිතව තිබූ කණ්ඩායම් දක්වා තිබුණේ මෙසේයි.

"qualified customers, enterprises, governments, and partners for debugging and reference purposes."

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම දත්ත සොරාගැනීම තහවුරු කර ඇති අතර ඉදිරියේදී වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive