සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 19 June 2017

Web Hosting Company Pays $1 Million to Ransomware Hackers to Get Files Back

ප්‍රබල රෑන්සම්වෙයාර් ප්‍රහාර ගණනාවක්ම ගෙවුණ මාසයක කාලය තුළ සිදුවුණා. ඊයේ දිනයේදීද ඉලක්කගත ප්‍රහාර ගණනාවක් එල්ල වූ අතර දකුණු කොරියානු වෙබ් අඩවි සේවා සපයන ආයතනයකට ඉන් එක් ප්‍රහාරයකින් දැඩි හානි සිදුවුණා.
මෙම වෙබ් අඩවි සේවා එසේත් නැතිනම් web hosting සේවාවන් සපයන ආයතනයේ සර්වර් පරිඝණක වල භාවිතා කර ඇත්තේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති වන අතර අදාළ රෑන්සම්වෙයාර් වෛරසය මේ අනුව ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ඉදිරි දින කීපයේදී ලෝකයෙ පුරා පැතිර යා හැකි බව පෙනේ.
අදාළ ආයතනයේ සර්වර් පරිඝණක 153ක් සම්පූර්ණයෙන්ම encryptවී ඇති අතර දකුණු කොරියාවේ වෙබ් අඩවි 3400ක සම්පූර්ණ දත්ත මේ අනුව encrypt වී තිබෙනවා.
මෙම සියළුම ගොනු නැවත යථා පරිදි ලබාදීම සදහා bitcoin 550ක් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.6ක්) ගෙවිය යුතු බවට අදාළ වෛරසය නිර්මාණය කළ හැකර්වරුන් විසින් සදහන් කර ඇත.
කෙසේ නමුත් අදාළ ආයතනය විසින් කේවල් කිරීමෙන් අනතුරුව එම මුදල ඩෙලර් මිලියන 1.01කට අඩු කරගෙන ඇති අතර අද උදෑසන වන විට එම මුදල ගෙවා ඇති බව රහස්‍ය අන්තර්ජාල වෙබ් අඩවි සදහන් කරයි. (ශ්‍රී ලංකා රුපියල් 244480000.00)
එම මුදල  ගෙවා ඇත්තේ කොටස් දෙකකටය. Linux kernel 2.6.24.2 හි පවතින දුර්වලතාවක් හරහා මෙම රෑන්සම්වෙයාර් ප්‍රහාරය සාර්ථක වී ඇති බව මේ වන විට අනාවරණය වෙමින් පවතී.

කෙසේ නමුත් ඉදිරියේදී පරිඝණක වෛරස් වෙනුවට රෑන්සම්වෙයාර් පමණක් ගැන කථා කරන කාලයක් එන බව නිසැකය. ඒ නිසා  නොදන්නා ලින්ක් ක්ලික් කිරීමෙන්, නොදන්නා වෙබ් අඩවි වලට පිවිසීමෙන් හැකිතාක් වැලකී සිටීම වැදගත් වේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive