සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 11 June 2017

WARNING! ‘One Ring’ Phone SCAM — Leaves Victims with HEFTY Bills!

මුදල් සොරා ගැනීම විවිධ ආකාරයෙන් සිදු වෙනවා. අද වන විට නවීන තාක්ෂණයේ අනුහසින් හොරුන් තමන්ගේ සොරාගැනීමේ ක්‍රමවේදයන් වෙනස් කරමින් අපව මුලාවට පත් කරමින් sසිටිනවා.
ඊයේ දිනය වන විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් මිස්සෙඩ් කෝල් එකක් ලැබී තිබිණා. 1767 න් පටන් ගන්නා අංකයකින් මෙසේ මගහැරුණු ඇමතුමක් ලෙස ඇමතුම් ලබාදී තිබුණි.
මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වලට.
දුරකථන අංක යොදාගනිමින් සිදු කරන මෙම ජාවාරම මෙයට බොහෝ කලකට පෙර ආරම්භ වුණ දෙයක්.  මෙම ජාවාරම හඳුන්වන්නේ "One Ring Scam" යනුවෙ නුයි.
මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට මිස්ඩ් කෝල් ලබාදීම සිදු වුණා. යම් කිසි දුරකථනයකට ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි.
දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වුණා.
එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් "වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට" ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 - $30 ත් අතර මුදලක් අය කරගනී.
එය ඔබෙහි බිල්පතෙහි "Premium Service" යනුවෙන් පෙන්වනු ඇත. එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.
ඒ වගේම හදිසියේවත් මෙම අංක වලට ඔබ නැවත කෝල් ලබාගත්තා නම් කරුණාකර ඔබගේ ග්‍රාහකයා සමග සම්බන්ධ වී අදාළ සේවාවක් සක්‍රීය වී ඇත්නම් එය අක්‍රීය කරගත හැකි ආකාරයක් විමසා සිටින්න.
ඉදිරියේදී මුලට 268(ඇන්ටිගුවා), 809(ඩොමිනිකන් රාජ්‍ය), 876(ජැමෙයිකාව), 284, 473 වැනි අංක වලින් පැමිණෙන ඇමතුම් සම්බන්ධයෙන්ද වඩාත් සැලකිළිමත් විය යුතුයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive